Sunday, November 19, 2017

GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?

GMOA

 තත්කාලීන ,උසස් අධ්‍යාපන විෂය භාර ඇමති එස්බී දිසානායක මහතා විසින් , මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය ස්ථාපනය කරමින් නිකුත් කරන ලද බල පත්‍රය ,හෝසි කිරීමට කිසිවෙකුට බැරිය.




Friday, November 17, 2017


සීදුවේ පිහිටි 'හැල්' කුඹුරු වගා නොකලොත් 'ජනසතු'
කරනවාලු ! ! !
2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත හා 2001 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත , නිලධාරීන් විසින් ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන හැටි මෙන්න! ! !

සීදුවේ පිහිටියේ වගා කිරීමට නොහැකි හැල් කුඹුරුය.
මේවාට ට්‍රක්ටර් දැමිය නොහැක.
වගා කල නොහැකි කුඹුරු වගා කරනු , නැතිනම් ජනසතු කරනවා යයි තර්ජනය කිරීම , මොන නීතියක්ද?
එහෙයින් කලයුතු වන්නේ ,නිලධාරීන්ට උඩු පිණුම් ගැසීමට නොහැකි වන පරිදි උක්ත පනත් 02 ම අහෝසි කර , සිය කුඹුරු ඉඩම් වල කැමැත්තක් කර ගැනීමට කුඹුරු ඉඩම් හිමියන්ට ඉඩ සලසා දීමයි.

Saturday, September 23, 2017


Is Sri  lanka a secular state ?


බ්‍රසීලයේ, ගව මස් ව්‍යාපාරිකයන්ගෙන් හරක් මස් ආනයනයන කරනවා යනු මෙරට ගව මස් ක්ෂේත්‍රයේ සේවයේ නියුක්ත ලක්ෂ ගණනාවක් වන ශ්‍රී ලාංකීකයන් හා ඔවුන්ගේ පවුල් වල ආර්ථිකය පොලොවටම සමතලා කිරීමයි!

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්ද?



download
Brazil



220px-Domestic_cattle_breed_-_Sri_Lanka
දේශීය ආරේ ගවයෙක්

පිටකොටුවේ ගව මස් සිල්ලර අලෙවි සැල්

images (2)

images (1)


images

දකුණු ආසියාවේ නොදියුනු රාජ‍යයන්හී එක් ප්‍රධාන ලක්ශනයක් වනුයේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවට වැඩවසම් සමාජයේ පුරුකක් වන පූජකයන්ගේ,අදහස් උදහස් අනුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමයි.වර්තමානයේ ශ්‍රී ලංකාවේද සිදුවී ඇත්තේ මෙයයි!!

පාර්ලිමන්ට් ජෝක්ස්

අපේ දරුවන්ට ප්‍රෝටීන් බහුල ආහාර අප ලබා දෙන්නේ ගව මස් ලබා දීම මඟිනි.

මෙරට කුඩා ගව සත්ව ගොවිපල් හිමියන් ග්‍රාමීය ප්‍රදේශවල පානීය කිරි සපයනවා හැරෙන්නට මෙරට කිරි කර්මාන්තයේ නියුක්ත ෆැක්ටරි වලට යම් ප්‍රමානයක් පානීය කිරි ලබා දෙයි.

ඒ හැරෙන්නට ඩයගම,බෝපත්තලාව,අඹේවෙල නවසීලන්ත ගොවිපල,තමන්කඩුව, කන්දකඩුව සහ රටේ වෙනත් ස්ථානවල පිහිටා අති සත්ව- හරක් ගොවිපලවල පරමාර්තයන් වනුයේ කිරි නිෂ්පාදනය, දේශීය ගොවීන්ට හොඳ ආරේ පැටවුන් සැපයීම ආදියයි.සත්ව ,බහිශ්‍රාවිය ද්‍රව්‍යයන් , ජීව වයුව නිපදවීමට හා පොහොර වශයෙන්ද උපයෝගි කර ගනී.
අනතුරුව එලඹෙන්නේ සත්වයන්ගෙන් තව දුරටත් ඵලදාවක් නොලබෙන අවස්තාවයි.ගොවි පවුල් සිය ආන්තික ආදායම ලබා ගන්නේ සතුන් මස් සඳහා වෙලඳ පොලට අලෙවි කිරීම මඟිනි.ඉහතින් සඳහන් කල විශාල සත්ව ගොවිපල් ගව මස් අලෙවි කර්මාන්තය විසින්ද අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියමය.

සතුන් මස් සඳහා අලෙවි කිරීම නවැත්වුවහොත් කුඩා සත්ව-හරක් ගොවිපවුල් වල ආදායම් මාර්ගයක් අහිමිවීම සිදු වෙයි.එසේම අපේ දරුවන්ට අලුත් හරක් මස් මඟින් ප්‍රෝටීන් ලබා ගනීමේ අවස්තාවද නැතිවී යයි.විශාල ගොවිපලවල් වසා දැමීමට සිදුවෙයි.

ඒ හැරෙන්නට ගව මස් අලෙවි කර්මාන්තය 100% ක්ම දේශීය කර්මාන්තයකි.ශ්‍රී ලාංකීකයන් අති විශාල ප්‍රමානයක් එහි නියැලී සිටිති. පෙර කල දුම්රියෙන්ද ගව ඝාතනාගාරවලට සතුන් ප්‍රවාහනය කරනු ලැබීය.ඒ සඳහා වෙනමම දුම්රිය පෙට්ටි තිබින.

මා මෙහිදී පෙන්වා දෙන්නේ මෙරට සත්ව-ගව ගොවිපල කර්මාන්තයේ ,කිරි හා ගව මස් අලෙවි කර්මාතයේ,ශ්‍රී ලාංකීය පවුල් අති විශාල ප්‍රමානයක් ඍජුව හා වක්‍රකාරයෙන් සම්බන්ධවී සිටින බවය.ඔවුන් මෙරට සත්ව- කෘෂි ආර්ථික ප්‍රවර්ධනයේ හා ජනතාව වෙත ප්‍රෝටීන් බහුල ආහාර ලබා දීමේ ප්‍රධාන සාධකයක් වෙයි.

අප විසින් කල යුත්තේ මෙරට හොඳින් ස්තාපනය වී ඇති ගව කිරි-සත්ව ගොවිපල් කර්මාන්තය විනාශ කිරීමද? එම පුරවැසියන්ගේ දරු පවුල් ආර්ථික ආඝාදයකට  ඇද දැමීමද?

නැත.!!

දකුණු ඇමරිකාවේ බ්‍රසීල රාජ්‍යයේ ගව මස් කර්මාන්තයේ නියුක්ත ගොවියන්ගේ අත මිට සරු කිරීමට අපට අවශ්‍ය නැත.දකුණු ආසියාවේ නොදියුනු රාජ‍යයන්හී එක් ප්‍රධාන ලක්ශනයක් වනුයේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවට වැඩවසම් සමාජයේ පුරුකක් වන පූජකයන්ගේ,අදහස් උදහස් අනුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමයි.වර්තමානයේ ශ්‍රී ලංකාවේද සිදුවී ඇත්තේ මෙයයි!!

Advertisements
Occasionally, some of your 

Sunday, September 17, 2017

දඩාවතේ යන බල්ලෙකු සපා කා දරුවා මරුට!!


Image result for images of killing stray dogs

යහ පාලකයෙනි
දැන් වත් දෑස් විවෘත්තකර බලනු.
දඩාවතේ යන බල්ලෙකු සපා කා දරුවා මරුට!!
රටපුරා අයාලේ යන බල්ලන් වහාම වෙඩි තබා මරනු!!






Friday, July 28, 2017

සංසරණී: ලාල් කාන්තත් හිට්ලර් වගේ...




සංසරණී: ලාල් කාන්තත් හිට්ලර් වගේ...: ලාල් කාන්ත වීරයෙක්. දොස්තරත් කම්කරුවෙක්. සයිටම් විරෝධී ජන පවුර අපට පසක් කරන සත්‍යය එයයි. සයිටම් විරෝධී ජනපවුරට ආපු ඔහුගෙ වෘත්තීය සමිති ව...

Saturday, July 22, 2017

ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!

Image result for images of dengue mosquito i



Image result for images of dengue mosquito i



ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!


ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!


01. මෙම කානුව නඩත්තු කිරීම අයත් වන්නේ: මීගමුව, දිස්ත්‍රික් ඉංජිනේරු,මාර්ග සංවර්ධන කාර්යාලය, මීගමුව

02.නගර සභා බල ප්‍රදේශය: කටුනායක- සීදුව හගර සභාව

03.ඩෙංගු මදුරු නාශක ජාතික වැඩ පිළිවෙල ක්‍රියාවට නැගීමේ මුලස්ථානය: කටුනායක- සීදුව නගර සභාව

04.කල යුතු වන්නේ : මෙම ජලය බැස යන කානුවේ , රෝමානු කතෝලික පාසැල ඉදිරි පස, කලපුව පැත්තේ කානුව තුල වැවී ඇති තනකොළ හා එහි සිරවී ඇති පස් ඉවත්  කොට , කානුව ශුද්ධ පවිත්‍ර කිරීමය!

05 මෙම කානුව , කටුනායක හංදිය දක්වාම වැටී ඇත. තවද , මීගමුව බස් නැවතුම අසලින් , කලපුවට ජලය බැස යාමට අතුරු කානුවක්ද පිහිටා ඇත. එයද , කලපුව දක්වාම පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි!!

06.තවත් කලපුව දෙසට, ජලය බැස යන අතුරු කානුවක්, කටුනායක, මෙතෝදිස්ත පල්ලිය අසලින් , ප්‍රධාන කානුවෙන් හැරී යන පරිදි පිහිටා ඇත. එයද පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි.

07. ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!


Wednesday, March 29, 2017

Mount Gerizim: කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය ETKA

Mount Gerizim: කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය ETKA: කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය                                                                       ETKA ලක්දිව නිවැසි යක්ෂ න...