Saturday, October 10, 2015






First ISIS* Terrorist Arrested in Israel

 * Islamic state of Iraq and  Syria
Wednesday, November 26, 2014 |  Israel Today Staff

ඊශ්‍රායෙලයේ පලස්තීන අරාබීන් අතර 'ඉරාකය හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ' නැමැති මිළේච්ඡ ත්‍රස්තවාදි සංවිධානය ශීග්‍රයෙන් පැතිරී යතත් කිසිවෙකු තවමත් ඔවුන්ගේ මිනිමරු මතවාදයන් ක්‍රියාවට නැගීමට තැත් කළේ නැත.

මෙම තත්වය වෙනස්වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ,ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවන් විසින් යුදය හා ගලීල යන් ප්‍රදේශවල කරන ලද වැටලීමකදී ISIS සාමාජිකයෙකු වන හා එය වෙනුවෙන් අවි-ආයුද දැරූ පලස්තීන අරාබි ජාතික පුදගලයෙකු අත් අඩංගුවට ගැනීම නිසාය.

යෙරුසළමේ ටෙම්පල් මවුන්ට ප්‍රදේශයේ දකුණු කොටසේ පිහිටා ඇති අල්-අක්සා නැමැති මුස්ලිම් පල්ලියේදී  අලි අබු අහමඩ් නැමැති මුස්ලිම් පූජකවරයා පසුගිය සිකුරාදා වෛරකාරි දේශනයක් කළේය.
( බයිබලයේ සඳහන් පළමු හා දෙවන දෙවන ශුද්ධ දෙව් මැදුරු පිහිටා තිබුනේ ටෙම්පල් මවුන්ට් නමින් යුදෙව්වන් විසින් හඳුන්වන ප්‍රදේශයේය.)

Vocal support for the Islamic State (formerly known as ISIS) has been growing among Israeli and Palestinian Arabs, but so far no one had acted on the jihadist horde's ideology. 

That changed on Saturday evening, when Israeli security forces performing a sweep of suspected terrorists in Judea and Samaria arrested a Palestinian man who had taken up arms as a member of ISIS.
In a related development, Muslim cleric Ali Abu Ahmad last Friday delivered a fiery sermon at the Al Aqsa Mosque that occupies the southern portion of Jerusalem Temple Mount.

In speaking to the faithful, Abu Ahmad denounced the Jews as "the most vile of creatures," and openly prayed for the jihadists of ISIS to defeat America and its allies in Syria and Iraq.

"Oh Allah, annihilate America and its coalition. Oh Allah, enable us to cut off their heads. Oh Allah, help our brothers, the mujahideen in the land of Iraq and Syria," Abu Ahmad cried.

Palestinian and other Muslim leaders accuse Israel of denying Muslim rights at the Temple Mount, but Abu Ahmad's open incitement without fear of repercussions clearly proves the opposite is true.

Watch Abu Ahmad's sermon and prayer (with English subtitles):







Want more news from Israel?
Click Here to sign up for our FREE daily email updates

Tuesday, September 29, 2015

Negombo-Pitipana (Sri Lanka ) Methodist church was born as a result of a rebellion by a section of the Fisherman community against the Established church!

මීගමුවේ ධීවර දසුන් Scenarios from Negombo  fisherman community




file photo

මීගමුව ධීවර ප්‍රජාව a file photo
 
Historical facts - Negombo-Pitipana Methodist church was born as a result of a rebellion  led by a section of  the Fisherman community against the Established church!


2 nd world war could be regarded as the birth place of Pitipana Methodist community.
Pitipana  people are entirely Roman Catholics.At that time Fish Auction Market Place was administrated by the Roman Catholic Church Authorities.Every fisherman who participated in this Fish Auction or 'lellama' has to pay tax to the Church.
With the commence of 2 world war  economic depression gradually   spread to this country too.Therefor  they were unable to pay the fish tax to the Roman Catholic Church. 
They hold a discussion among themselves and decided to open an independent Fish Auction Place or 'lellama' on their own! And they did it!
Priests did not tolerate  their 'Indedependent Fish Auction Place' or 'lellama' and took legal action against them in civil courts.
The fisherman got tired of this legal procedures and began searching  for other Christian churches. 
At that time Kurana -Negombo circuit   was administrate by Rev. George F Senarathna. In 1936 these rebellious Roman Catholic Fishermen with their family members came across Negombo lagoon in  72 huge fishing boats and met Rev. Senarathna.They urge him to taken them into Methodist Church.After considering all fascts Rev. Senarathna taken them into Methodist church on 23.08.1939 during Sunday divine service


 

ධීවර ප්‍රජාවගේ පෙරලියක් නිසා බිහිවූ පිටිපන
 මෙතෝදිස්ත සංඝය.
මෙහි සඳහන් කරුණු පිටිපන පැරනි ඇදහිළිවතුන්ගෙන් විමසා දැන ගත් පරිදි අනාගත ප්‍රයෝජනය සඳහා දක්වමි.
 වර්ෂ 1939-1945 දක්වා පැවති දෙවන ලෝක මහා යුද්ධය මෙම සංඝයේ තිඹිරි ගෙය ලෙස සැළකිය හැක.
පිටිපන ජනතාව උපතින්ම රෝමානු කතෝලිකයන්ය.එකල පිටිපන ලෙල්ලම හෙවත් මාලු වෙන්දේසි පොල පාලනය කළේ එහි රෝමානු
කතෝලික සංඝය විසිනි.එම වෙන්දේසි පොලේ අළෙවි කරන මාළුන් සඳහා බද්දක් රෝමානු කතෝලික සංඝයට අනිවාර්යයෙන්ම ගෙවිය යුතුව තිබුනි.
දෙවන ලෝක මහා යුද්ධය ඇරඹීමත් සමඟ ඇතිවූ ආර්ථික අවපාතය ක්‍රමයෙන් මෙරටටද බල පෑවේය.ආර්ථිකය කෙතරම් පිරිහුනේද යත් ලෙ
ල්ලම් බද්ද තව දුරටත් ගෙවීමට පිටිපන ධීවරයන්ට අපහසු විය.
මේ සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර සංවාදයේ යෙදුනු ඔවුන්ගේ අවසන් තීරනයවූයේ ස්වාධීන ලෙ
ල්ලමක් හෙවත් වෙන්දේසි පොලක් ඇරඹීමයි. ඔවුන් එය ක්‍රියාත්මක කලහ.
මෙහිදී අවධාරනය කල යුතු වන්නේ ඔවුන් ලෙල්ලම් බද්ද පල්ලියට නොගෙවුයේ , පල්ලිය හා තිබූ ආරවුලක් නිසා නොව හුදෙක්ම 11 ලෝක යුද්ධ සමයේ අනිවාර්ය ප්‍රතිඵලයක්වූ පිරිහුනු ආර්ථිකය නිසා තව දුරටත් එය ගෙවීමට හැකියාවක් නොතිබුනු නිසා බවය.
කෙසේ වතුදු මෙසේ ධීවරයන් කණ්ඩයමක් එකතුවී වෙනමම මාළු වෙන්දේසි පොලක් ඇරඹීම පල්ලිය විසින් රිස්සුවේ නැත.එහි අවසන් ප්‍රතිඵලයවූයේ පල්ලිය විසින් මෙම ධීවරයන්ට එරෙහිව නඩු මඟට බැසීමයි.
පල්ලිය හා නඩු හබ කීමෙන් වෙහෙසට පත් ධීවරයන් අවසන්ව අවට පිහිටි වෙනත් ක්‍රිස්තියානි
සංඝයන් ගැන සෙවුම් බැලුම් කලහ.
එකල (1936 ) කුරණ-කටුනායක මෙතෝදිස්ත සංගය භාරව සිටියේ ශුරවීර ගෞ. ජෝර්ජ් එෆ් සේනාරත්න දෙව්ගැතිවරයාය.
1936 වසරේදී මහා ධීවර ඔරු 72කින් සිය දරු මල්ලන්ද කැටිව ඉහතින් සඳහන් කල පිටිපන  ධීවරයින් මීගමුව කළපුව ඔස්සේ කුරණ-කටුනායකට පැමින සේනාරත්න දේවගැතිවරයා හමු විය.තමන්ට මුහුන දීමට සිදුවී ඇති ජීවන ගැටළු කිය සිටි ඔවුහූ තමන්ව මෙතෝදිස්ත
සංඝයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.කෙසේ වතුදු සියළුම කරුණු මැනවින් සලකා බලා 1939 අගෝස්තු මස 23 වන ඉරු දින ඔවුන්ව මෙතෝදිස්ත සංඝයට ඇතුලත් කර ගන්නා ලදී.
කුරන-මීගමුව මිෂන් කෙත් ව්‍යාප්තියේ පතාක යෝධයින් සදා අනුස්මරනීයයි.

ගෞ. ජෝර්ජ් එෆ් සේනාරත්න
                                                        

කුරන-මීගමුව මෙතෝදිස්ත මීෂන් කෙත් ව්‍යප්තියේ පතාක යෝධයින් සමරමු -Let s remember the giants of Kurana-Negombo Mission fields

 කුරන-මීගමුව මෙතෝදිස්ත මීෂන් කෙත් ව්‍යප්තියේ පතාක යෝධයින් සමරමු               

සීගිරිය
 Historical Sigiriya fortress of Sri Lanka-According to Sri Lanka renown Archeologist Pro. Senarath Paranawithana, during the AnuraDhapura  Era of ancient Sri Lanka, Sri lankan Prince Mugalan, whom embrace Christianity while exile in kingdom of Pundra in India .
He arrived with huge no of Christian forces led by Murunda nation  Generals (According to Paranawithana those Murunda nation Army were prosecuted Christians who fled from Persia ) and invade AnuraDhapura kingdom.
According to Pro. Paranawithana, they arrived by ships  to  the Port of Chilaw in A.D 4, which has a huge Roman Catholic population presently
Pl, refer to Pro.Paranawithana s book "Story of Sigiriya" for farther details..
 Methodist Missionaries arrives in the 18 century to Sri lanka  from the Port of Galle 
 In this blog detailed about the extension of Methodist mission fields  into Kurana-Negombo circuit By Rev. Don Daniyel Perera alias Maha perera unnaanse . Because of his hard work, he was named as the "Apostle of Kurana-Negombo Circuit of the Sri Lankan Methodist believers .

                                                                                                     

මහාචාර්‍ය  සෙනරත් පරනවිතානට අනුව අනුරාධපුර යුගයේ සීගිරි සමය තුළ (ක්‍රි.ව.4-5) මුගලන් කුමරු ඉන්දියාවේ පුන්ද්‍රා දේශයේ මුරුන්ඩා ගෝත්‍රික ක්‍රිස්තියානි සේනාධිපතිවරුන් ප්‍රමුඛ හමුදා කන්ඩායම් හලාවතින් ගොඩ බැස අනුරාධපුරය බලා පිටත්වූ බව ඔහුගේ සිගිරි පුවතේ Story of Sigiriya සඳහන් කරයි.
ලොව කිතුනු සංඝ ප්‍රවාහයෙහි දීප්තිමත් ශාඛාවක්වූ මෙතෝදිස්ත සංඝයේ දහම් පණිවිඩය 19 වසේ සිරි ලකට ආගමනය වීම, අනුරාධ පුර යුගයේ ක්‍රිස්තු ධර්ම ප්‍රවාහයේ නූතන දිඟුවක් ලෙස සඳහන් කල හැක.

මෙම ධර්ම ප්‍රවාහය දකුනු පළාතේ අග නගරයවූ ගාල්ලටත්, එතැනින් බද්දේගමටත්, එතැනින් බස්නාහිර කුරන-මීගමු පළතටත් ව්‍යාප්තවී ගියේය.
කුරණ -මීගමු මෙතෝදිස්ත පළාතේ මිෂන් කෙත් ව්‍යාපත්‍යයේ පතාක යෝධයකු ලෙස ‘මහ පෙරේරා උන්නාන්සේ ‘ ලෙස විරූධාවලිය ලත් ගෞ:දොන් දානියෙල් දෙව්ගැතිවරයා සඳහන් කල හැක.ඒ සම්බන්ධයෙන් කුරන-කටුනායක මෙතෝදිස්ත සංඝයේ වජ්‍ර ජයන්තිය නිමිත්තෙන් පළ කල ‘බැති සමරුව’ ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ.’එකල පැවති මිසදිටු සිරිත් වලට තදින් පහර දීම මහ පෙරේරා උන්නාන්සේ කල විශාල  මෙහෙයකි.කපුවන්ට කැප කර තිබුනු ගස්වල ගෙඩි කඩවා  මෙතුමා අනුභව කළේය.ඇතැම් කලක යකදුරන්ට පෙරේරා උන්නාන්සේහේතුවෙන් තමන්ගේම ගිනි පන්දම් වලින් බැටකා ගමේ සීමාවෙන් පැන දුවන්නට සිදුවිය.උන්නාන්සේට විරුධව සිටීමට මුළාදෑනි පවා බිය වූහ’
එහෙයින් මහ පෙරේර උන්නාන්සේ කුරණ මෙතෝදිස්ත සංඝයේ ‘අපෝස්තුළුවරයා’ යන විරූධාවලිය ලැබීය.
කුරණ-මීගමු පලාත සීදුව හා දළුපතද ඇතුලත් මිෂන් කෙත් ව්‍යප්ත්‍ය අරබයා මහ පෙරේරා උන්නාන්සෙ විසින් ඉටු කල මෙහෙය සැළකීමේදී ඔහුට සමයෙක් මෙතෙක් මෙහි පහල නොවූ  බව නිබයව පැවසිය හැක.





කුරණ මෙතෝදිස්ත සංඝයේ ‘අපෝස්තුළුවරයා’ 

Menorah-Emblem of the State of Israe-lඊශ්‍රායෙල් රාජ‍යයේ පෞරනීක ඉතිහාසය ලොවට කියාපාන එරට රාජ්‍ය ලාංජනය


ඊශ්‍රායෙල් රාජ‍යයේ පෞරනීක ඉතිහාසය ලොවට කියාපාන එරට රාජ්‍ය ලාංජනය-


logoisrael

  Menorah-Emblem of the State of Israel

Seven branch candle stick, which was made by pure gold was once stood at the Holy of holies of the holy temple in Jerusalem.

According to Jewish/Israeli annals when the Babylonian king Nebuchadnezzar s army  invade Jerusalem in 538 B.C. Priests hid The Arc of Covenant (pure gold),table of shewed bread,07 branch Candle stick (pure gold)  inside  the tunnels built by king Solomon.

Israeli Rabbis  claim that they are still lying as it is.

All this details are recorded in the 37 cha. of the book of Exodus .

දෙවිඳුන්ගේ තෝරාගත් ජනතාවගේ දේශයේ රාජ්‍ය ලාංජන
මෙයින් මුර්තිමත් වනුයේ සොලමන් මහ නරපතියා විසින් ගොඩ නංවන ලද යෙරුසළමේ මොරියා කන්ද හෙවත් වත්මන් ටෙම්පල් මවුන්ට් කඳුවැටිය මත පිහිටා තිබූ මහානර්ඝ දෙව් මැඳුරේ අති ශුද්ධාසනයේ පැය 24 පුරාම දැල්වුනු කරු 07 තනිකරම රත්තරනෙන් නිමවූ මෙනෝරා නැමැති පහනයි.
ක්‍රි.පූ 538 දී සිදුවූ නෙබුකද්නේෂර් නැමැති බබිලෝනියානු රජුගේ ආක්‍රමනයට පෙර යෙරුසළමේ දෙව්මැඳුර යට පිහිටා තිබූ භූගත අටළු තුළ ගිවිසුම් කරඬුව ඇතුළත් දස පණත,පිදීමේ රොටි තබන මේසය,කරු 07 රන්  පහන් රුක ආදි  සියළුම ශුද්ධ වස්තූන් සඟවන ලද බව යුදෙව්-ඊස්‍රායෙල් ඓතිහාසික වාර්තා සඳහන් කරයි.

ඒවා අද දක්වාම එසේම පවතින බව යුදෙව්-ඊශ්‍රායෙල් රබ්බිවරුන් /ධර්මදරයන් හා ඉතිහාසඥයන්ගේ මතයයි
ටෙම්පල් මවුන්ට් හෙවත් මොරියා කඳු වැටිය මත කිසිම පුරා විද්‍යාත්මක කැනීමක් කිරීමට ඉස්ලාම් වාර්ගීක අරාබීන් විරුද්ධ වන්නේ මෙම ඓතිහාසික ශුද්ධ වස්තුන් භූමිය මතු පිටට නිරාවරනය වීම හේතුවෙන යෙරුසළම් නගරයට ඔවුන්ගේ ඇති අයිතිය ඉන් අභියෝගයට ලක්වන බැවිනි!
බයිබලයේ නික්මයාම නැමැති පොතේ 37 වන පරිච්ඡේදයෙහි මෙම විස්තර සඳහන්ව ඇත.

රෝගි සත්කාරය වඩාත් ක්‍රමවත් කරනු සඳහා සීදුව,විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ,සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගෙන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ පාලනයට යටත් කරනු.

රෝගි සත්කාරය වඩාත් ක්‍රමවත් කරනු සඳහා සීදුව,විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ,සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගෙන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ පාලනයට යටත් කරනු.




01072015544


රෝගි සත්කාරය වඩාත් ක්‍රමවත් කරනු සඳහා සීදුව,විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ,සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගෙන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ පාලනයට යටත් කරනු.
සීදුව,කටුනායක හා වෙළඳ කලාපය සහ තවත් බොහෝ ජනතාව මෙම රෝහලින් සේවය ලබති.
මෙහි බාහිර රෝගි අංශයෙන් රෝගීන් වෙත පළමුව අනු අංක සහිත තුංඩු නිකුත් කරනු ලැබේ.වෛද්‍යවරු සේවයට පැමිණෙන්නේ පෙ.ව.715-8.00 අතරය.මෙම තත්වය තවදුරටත් වර්ධනය කළ හැක.රෝගි සත්කාරයේදී ජාතික රෝහලේ මෙන් සියළුම අංශ වල සේවය උපරීම ලෙස ලබා දීමට පියවර ගත හැක.
මෙම රෝහල ස්ථාපනය කිරීමේදී ආරම්භ කල අයගේ පරමාර්ථය වූයේ රෝග සත්කාරය බව නිසැකය.
මෙම ප්‍රදේශයේ ජනතාවට උපරීම සේවයක් ලබා දීම සඳහා මා ඉහතින් සඳහන් කල දිස්ත්‍රික්ක රෝහලක් බවටවත් උසස් කල යුතුය.මේ සඳහා ප්‍රතිපත්තිමය තීරනයක් ගත් යුතුව ඇත.දිස්ත්‍රික්ක රෝහලක් බවට පත් කිරීමේ වාසිය වනුයේ එවැන්නක ඇති සියළුම වෛද්‍ය උපාංග මෙහිද ස්ථාපනය කරනු ලැබීමයි.ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවයේ නියුක්ත අති විශාල ශ්‍රමික බලකායක් මෙහි සේවය නිරතුරුව ලබන බව කිව යුතුය.
වර්තමානයේ මෙහි පාලනය භාරකාර මංඩලයක් යටතේ සිදුවනවා විය හැක.එහෙත් රෝගි සත්කාරය් ප්‍රමුඛ ලෙස සැලකීමේදී,ඔවුන් නිරායාසයෙන්ම මෙම රෝහල වෛද්‍ය අධිකාරිවරයෙකු යටතේ පාලනය වන ,පූරන වශයෙන් රාජ්‍ය රෝහලක් බවට පත් කිරීමට එකඟ වනු නොඅනුමානය.
එවැන්නක ඇතිවන වාසි:
අනිකුත් රජයේ රෝහල්වල මෙන් බාහිර රෝගි අංශය සතියේ දින 07 තුළම රාත්‍රි 10 වන තුරු විවෘත්තව තැබීම
නවීකරනය කරනු ලැබූ හදිසි අනතුරු රෝගි වාට්ටුවක් ලැබීම
ශල්‍යාගාර පහසුකම ලැබීම
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලැබීම
ප්‍රමිතියට අනුකූල වාට්ටු සංකීර්නයක් ලැබීම
ස්කැනර් හා අනෙකුත් පහසුකම් ස්ථාපනය වීම
පැය 24 පුරාම බාහිර රෝගි අංශයේ වෛද්‍යවරයෙකු රැඳී සිටීම

මාංශ පාරිභෝජනය සඳහා ඇති දැඩි කිරීමට වසු පැටවුන් ඉන්දියාවෙන් ගෙන්වා බස්නාහිර පලාතේ කුඩා ගොවියන් අතර බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රනයක් වහාම සකස් කරමු! කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබධ කරමු !!


මාංශ පාරිභෝජනය සඳහා ඇති දැඩි කිරීමට වසු පැටවුන් ඉන්දියාවෙන් ගෙන්වා බස්නාහිර පලාතේ කුඩා ගොවියන් අතර බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රනයක් වහාම සකස් කරමු! කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබධ කරමු !!

මාංශ පාරිභෝජනය සඳහා ඇති දැඩි කිරීමට වසු පැටවුන් ඉන්දියාවෙන් ගෙන්වා බස්නාහිර පලාතේ කුඩා ගොවියන් අතර බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රනයක් වහාම සකස් කරමු!
කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබධ කරමු !!
මා 1978 වර්ෂයේ අගභාගයේ පේරාදෙනිය සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සේවය සඳහා අනුයුක්ත කරනු ලබන විටත් එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පැවතින.ඒ වන විටත් මෙම දෙපාර්තමේන්තු 02  වෙන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුනි.අනතුරුව සත්ව නිෂපාදන දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්වූවා පමනක් නොව එය වෙනමම අමාත්‍යංශයක් යටතට පත් කරනු ලැබීය.
කෘෂිකර්මය හා සත්ව පාලන විෂයන් වෙන් කිරීම ග්‍රාමීය ආර්ථික වර්ධනය කෙරේ රින බලපෑමක් ඇති කළ ආකාරය
වර්තමානයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පාහේ කෘෂි සේවා මධ්‍යස්තාන පිහිටුවා ඇත.මේවාට අනුයුක්තව විවිධ කෘෂිකාර්මීක නිලධාරීන් සේවය කරති.සේවා මධ්‍යස්තාන මඟින් ප්‍රධාන වශයෙන්ම එලවළු හා පළතුරු ඇට වර්ග හා පලතුරු පැල වර්ගද බෙදා හැරීම සිදු කරයි.
ප්‍රාදේශීයව පිහිටුවා ඇති ගොවි සමිතිවලට නිරතුරුවම කෘෂි නිලධාරීන්ගේ උපදෙස් හා ආධාර ලැබේ.එම ව්‍යාපෲති වලට අනුබධිතව දේශන,වැඩ මුළු ආදිය සංවිධානය කෙරේ.
මේ අනුව කෘෂිකර්මය පිළිබඳව මහජනයා අතර දැනුම වර්ධනය වන බව සඳහන් කල හැක.
සත්ව පාලනයට රජයෙන් ලැබෙන සක්‍රීය දායකත්වය අවම වීම
සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වර්තමාන සේවා ව්‍යුහය මහජනය අතරට ගෙන යාහැකි යාන්ත්‍රනයක අවශ්‍යතාවය සකච්ඡා කරනු ලැබේ.කෘෂිසේවා මධ්‍යස්තාන ආදර්ශයට ගනිමින් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව හා හෝ එම කටයුතු මෙහෙයවන වෙනත් රාජ්‍ය මංඩල හා ආයාතන සිය සේවා කාර්යාල කෘෂිසේවා මධ්‍යස්තානවලට අනුබධිතව හෝ ඉඩ පහසුකම් ඇති නාගරීක සභා ගොඩනැගිලි හෝ වෙනත් තැන්වල ස්තාන ගත කල හැක.
ප්‍රතිව්‍යුවගත සත්ව පාලන කාර්යලයකින් ග්‍රාමීය ආර්ථකයට ලබා දිය හැකි වර්ධනයන්
*පලමු පියවර විය යුත්තේ විවිධාකාර ගොවි සමිති ආදර්ශයට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කොට ගනිමින් සත්ව පාලන සමිති පිහිටුවීමයි.මේවාට එළුවන්,කුකුළන්,ඌරන් හා ගවපට්ටි හිමියන් මෙම සමිතිවලට බඳවා ගත හැකිය.මෙම සමිති සාමාජිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දෙන්නේ නම් වෙළඳ පොල සඳහා ආබාධිතව ගව මස්,ඌරු මස්,එළු මස් හා කුකුළු මස් සැපයීම සිදුවනු ඇත.මා මෙහිදී විශේෂයෙන්ම ඉලක්ක කරනුයේ වෙළඳ පොලට ගව මස් බාධාවකින් තොරව සැපයීමයි.
විවිධාකාර අවහිරතා නිසා ගව මස් වල මිළ වෙළඳ පොලේ ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ගවයින් ප්‍රවාහනයේදී කරන වැටලීම් ආබාධිත මස් සැපයුමට බලපාන එක් බාධකයක් ලෙස පෙන්වා දිය හැක.දැනට බල පැවැත්වෙන ගෝඝාතන ආඥා පණත වහාම සංශෝදනය කල යුතුය.මස් වෙළඳ සැල් ආශ්‍රිතව කුඩා ගව ඝාතන ස්තාන පිහිටුවා ඒවා පරික්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ඉඩ කඩ ලබා දිය හැක.
මා විශේෂයෙන්ම අධ්‍යනය සිදු කල සීදුව නාගරීක ප්‍රදේශයේ ගවයින් 01 ක් හෝ 02 පමන ඇති කරන කුඩා ගව පට්ටි හිමියන් බහුලව සිටී.ඔවුන් ගව පට්ටි පාලනයෙහි යෙදෙනුයේ ප්‍රධාන වශයෙන්ම ගව මස් වෙළඳ පොල සඳහාම මිස කිරි සඳහාම පමනක් නොවෙ.
මෙරට වෛද්‍යවරුන්ගේ නිගමන වලට අනුව කිරිවල 85 ක්ම ඇත්තේ ජලයයි.එහෙත් මස් වල අති විශාල ප්‍රෝටීන් ප්‍රමානයක් අන්තර්ගතව ඇත.අඩු ආදායම්ලාභි ජන කොටස් වෙත ප්‍රෝටීන් ලබා ගත හැකි එකම මාර්ගය හරක් මස් ආහාරයට ගැනීමයි.
එහෙයින් ඉන්දියාවෙන් වසු පැටවුන් ගෙන්වා නියාමක ව්‍යාපෘතියක් වශයෙන් සීදුව ප්‍රදේශයේ සත්ව පාලනයට කැමති ගොවි මහතුන් අතර බෙදා හැරීමට යෝජනා කරමි . මේ සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය උපයෝගි කර ගත හැකියයි සිතමි.
අදාල රාජ්‍ය නිලධාරීන්ගේ/ආයාතනවල අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරවමි.

ඊශ්‍රායෙල් අගමැති බෙන්යමින් නෙතනියාහු-ඉපැරනි යෙරුසළම් දේවමාලිගාවේ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක සහිත පසුබිමේ

ඊශ්‍රායෙල් අගමැති බෙන්යමින් නෙතනියාහු-ඉපැරනි යෙරුසළම් දේවමාලිගාවේ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක සහිත පසුබිමේ-ලංකා බයිබල් සංගමයට සටහනකුත් සමඟ

nethaniyahu

ඊශ්‍රායෙල් අගමැති බෙන්යමින් නෙතනියාහු -ඉපැරනි යෙරුසළම් දේවමාලිගාවේ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක සහිත පසුබිමේ-මෙය ඊශ්‍රායෙලයේ රාජ්‍ය ලාංජනයද වේ.
ඒසකියෙල් ධර්මවක්තෲන්ගේ පොතෙහි දැක්වෙන පරිදි දෙවිඳුන් විසින් අවසන් කාලයේදී ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවන ලදී.
එහෙයින් ඊශ්‍රායෙල් රාජ්‍ය පාලකයන් දෙවිඳුන් විසින් ස්ථාපනය කරන ලද්දේ වෙයි.

As prophesy’s by Prophet Ezekiel, in the last days, God established State of Israel. Therefore Israeli leaders are God Elect.

පහත සටහන සිංහලට බයිබලය පරිවර්තනය කරන පුද්ගලයන් හා ආයාතනයන් වෙතය.
හීබෲ භාෂාවේ ‘ජේ’ අක්ෂරයක් නොමැත.බෙන්යමින් මිස බෙන්ජමින් නොවේ,
බයිබලය සිංහලට පරිවර්තනය කල ආදි නියමුවෝ යේසුස්,යෝසෙප් යොහන්,යෙසායා යූද් පේතෲස් ආදි ලෙසින් බයිබලීය හීබෲ වහරට අනුව හෙල බසට නැගූහ.
එහෙයින් ‘ජේසුස්, ජොහන්,ජෝන්,පේදුරු’ ආදි ලෙසින් ඉංග්‍රීසි වහරට අනුව පරිවර්තනය කිරීම නිවැරදි නොවේ.
ලංකාවේ බයිබල් පරිවර්තනය කරන ලංකා බයිබල් සංගමය මේ ගැන අවධානය යොමු කළ යුතුය.

http://www.srilankabusiness.com/exporters…/the-ceylon-bible-society-1808.ht..