Thursday, March 13, 2014

As properzise by the Propherts Ezekiel, Isiah,Jeramiah,Micah and Malachi God re-establihed the state of Israel in the ancient Israel and Judean Land


ක්‍රි.ව.71-133 අතරවූ යුදෙව්-රෝම හමුදා යුධ වලින් පසුව හා ඊශ්‍රායෙල් යුදා දේශයේඔවුන්ව උදුරා දමනු ලැබීමෙන් පසුව 1948 දී එනම් වසර 1800 කට පමන පසුව ඊශ්‍රායෙල් රාජ්‍ය ස්ථාපනය කිරීමේ ස්වාධීනතා ප්‍රකාශය ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ටෙල් අවිව් හීදී ප්‍රකාශයට පමුනුවනු ලබූ අවස්ථාව

12 වසර-01 වාරය-පාඩම අංක 05-දක්ෂිණ දිසා බයිබල්/සබත් පාසැල් පෙල පොත් සටහන්-දෙවියන්වහන්සේ සිය සෙනඟ මුදා ගන්නා පිනිස නායකයන් නැගිටුවන සේක.

*******************************************************

දිවැසිවරුන් අනාගතයෙහිදී පැමිනෙන විපාකයන් ගැන නිතරම දේශණා කල අතර පසුතැවිලිවී නැවත දෙවිඳුන් වෙතට හැරීම මඟින් එම විපාක ඉවත් න්කර ගැනීමට පුලුවන් වන බවද දේශණා කලහ.
ඔවුන් එසේ කිරීමෙන් බලාපොරොත්තුවූයේ ජනතාව හරි මඟට ගනීම මිස ඔවුන් බිය වැද්දීම නොවේ.
මෙයට  නිදසුනක් වනුයේ 1948 වරෂයේදී යුදෙව්වන් විසින් ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවා ගැනීමයි.
යුදා හා ඊශ්‍රායෙල් ජනතාව ප්‍රතිමා  පිහිටුවා ගෙන ඒවා ඉදිරියේ වැඳ වැටෙමින්,දෙව් පනත් කඩ කරමින් දෙවිඳුන්ට එරෙහිව පව් කල බැවින් ඔවුන්ගේ රාජධානි විනාශ වී විප්‍රවාසයට  රැගෙන යාම සිදුවිය.ඔවුන් එසේ වසර 1000 ගනනාවක් තුල විප්‍රවාසයෙහි සිටිමින් සිය පව් ගැන නොකඩවාම යැදුම් පුද කල බවින් දෙවිඳුන් විසින් ඔවුන්ව නැවත 1948 දී යුදා ඊශ්‍රායෙල් ජනතාව  පැරනි පොරොන්දු දේශය තුලම නැවත ස්ථාපනය කරනු ලැබීය.
මේ පිළිබඳව යෙසායා,යෙරමියා,මලාකි හා සෙකරියස් වැනි අනාගතව්ක්තෲ වරුන්/දිවැසිවරුන් විසින් පවසා ඇති අනාවැකි ඉටුවීම සිදුවිය.
***********************************************************

එම නායකයන් නම්
01. මෝසෙස්-මිසරයේ වහල් කමින් ඊශ්‍රායෙල් ජනතාව මුදා ගැනීම,ආඥා දසය හා (ටෝරා  Torah )නීතිය ලබා ගැනීම හා පාලුකරයේ 40 වසරක් තුල ඊශ්‍රායෙල්වරුන් ආරක්ෂා සහිතව රැගෙන යාම
02.යොෂුවා-මෝසෙස්ගෙන් පසුව කානාන් දේශය ආක්‍රමනය කොට එය යටත් කර ගැනීම
03.විනිසුරුවරු/වීරයන්ගේ පාලනය-ඔත්නියෙල්,ඒහුද්,ෂම්ගර්,දෙබෝරා සහ බාරක්,ගිඩියොන්,තෝලා සහ යායිර්,යෙප්තා සහ සම්සොන්
04.විනිසුරු/යුද්ධාධිපති/දිවැසිවර සාමුවෙල්ගේ පාලනය
රජවරුන්ගේ පාලන යුගය
05.රජවරු-සාවුල්,දාවිත්,සලමොන් …. ආදීන්
06. රජවරුන්ට අනුශාසනා කල දිවැසිවරුන්
සාමුවෙල්,නාතාන්,එලියා,එලිෂා,ආමෝස්,හොෂයා,යෙරමියා,එසකියෙල්,යෙසායා,හග්ගයි,ශෙපනියා,මලාකි,ඔබදියා ආදීන්
*විනිශ්චයකාරවරුන්ගෙන් පසුව රජවරු පත් කරන ලද්දේ
(1)විනිශ්චයකාරවරුන් තව දුරටත් පත් නොකල බවිනි.
(11)සෑම ජාතියකටම රජවරු පාලනය සඳහා සිටි බැවිනි
(111)විනිශ්චයකරුවන්ගේ පාලනය ගැන ඊශ්‍රායෙල්වරුන් නොසතුටු වීම නිසාය
අවසන් විනිසුරුවරයා වූයේ දිවැසිවරයෙකු/ප්‍රවාචකයෙකුවූ
(1)නාතාන්ය(11)එලියාය(111)සාමුවෙල්ය
08.ඊශ්‍රායෙල්වරු රජකෙනෙකු පාලනය සඳහා ඉල්ලා සිටි විට සාමුවෙල් ඒ බව දෙවිඳුන්ට පැවසූවිට ඔහුට ලැබුනු පිළිතුර වූයේ
(1)ඔවුන් රජ කෙනෙකු ඉල්ලුම් කරන්නේ වෙනත් ජාතීන්ට මෙන් රජ්‍ය පාලනයක් අවශ්‍ය නිසා බවය.
(11)ඊශ්‍රායෙල්වරු කෙරෙහි දෙවියන්ව්හන්සේ රජකම් කිරීම එපා කල බවය
(111)විනිශ්චයකාරවරුන්ට එතරම් බලයක් නොතිබුනු බැවිනි
09.සාමුවෙල් දිවැසිවරයාගෙන් පසුව රජවරුන් හා දිවැසිවරුන්/ප්‍රවාචකවරුන් පත් කරන ලද්දේ
(1)ඊශ්‍රායෙල්වරුන්ට නායකත්වය දීම සඳහාය
(11)එම පත් කිරීම එම යුගයේ චාරිත්‍රය වූ බැවිනි
(111)රජවරු පමනක් පත් කිරීම ප්‍රමානවත් නොවූ බැවිනි
10.රජවරුන් අතරින් විශේෂ තැනක් ගත් අය නම්
(1)සාවුල්,රෙහෝබෝවම්,හා රෙහෝබෝවම්
(11)සාවුල් දාවිත් හා සලමොන්
(111)යෙහෝරාම් අහසියා හා අතලියා
දිවැසිවරුන් ඊශ්‍රායෙල් ජනතාවට
(1)ඉතා විශිෂ්ඨ සේවයක් ඉටු කලහ
(11)සාමාන්‍ය සේවයක් ඉටු කලහ
එතරම් සේවයක් ඉටුනොකලහ
12.දිවැසිවරුන් අතුරින් විශේෂ ස්ථානයක් ගත් අය කවරහුද?
සාමුවෙල්,නාතාන්,එලියා,එලිෂා,ආමෝස්,හොෂේයා,යෙරමිය,යෙසායා හා එසකියෙල්
13.දිවැසිවරුන්/ අනාගතවක්තෲන් විසින් ඉටු කල සේවාවන් දෙක මොනවාද?
(1)පළමු වැනි සේවාව
අනාගතයේ සිදුවන දෑගැන ජනතාව දැනුවත් කිරීම හා එයට අකීකරු වුවහොත් ඇතිවන් විඵාක ගැන අවවාද කිරීම උදා:
( අ ) 1 සාමුවෙල් 23:9-12 දාවිත් සාමුවෙල්ගේ හස්තයෙන් ගැලවී යාම
(ආ )සිරියානු හමුදා කඳවුරුලා සිටින තැන් කලින් පැවසීම නිසා ඊශ්‍රායෙල් රජවූ යෙහෝරාම් සිරියානු හමුදා වෙතින් ගැලවී යාම 2 රාජාවලිය් 6:8-12
(ඇ ) යෝනා විසින් නිනිවයේ වැසියන්ගේ දුෂ්ඨකම් වලට එරෙහිව දේශනා කිරීම යෝනා 1-4 පරි:
(ඈ )දාවිත් රජ විසින් කරන ලද දුෂ්ට ක්‍රියාවකට (හිත්තීය උරියා නැමැති ස්වාමි පුරුෂයා මරවා ඔහුගේ බිරිය වන බෙත් ෂෙබා බිරිය වශයෙන් සරන පාවා ගැනීම ) එරෙහිව නාතාන් දිවසිවරයා විසින් දැඩි ලෙස රජුට දෝෂාරෝපනය කිරීම 2 සාමුවෙල් 11,12 පරි.
( ඉ )ඊශ්‍රායෙල් හා යුදා ජනතාව තමන්ගේ එකම දෙවිඳුන් අත්හැර වෙනත් දෙවි දේවතාවුන් හා ප්‍රතිමා වලට වන්දනා මාන කිරීම නිසා එම රාජ්‍යයන් දෙකම විනාශ වන බවට යෙරමියා,එසකියෙල්,සෙකරියා,මලාකි ආදි දිවැසිවරුන්/ අනාගතවක්තෲන් විසින් අවවාද අනුශාසනා කරමින් එම රාජධානි 02 විනාශ වීමෙන් බේරා ගැනීමට තැත් කිරීම
(ඊ )ඊශ්‍රායෙල් ජාතිය පැරනි දේශ සීමා තුල නැවත ස්ථාපනය කරනු ලබන බවට එසකියෙල්,යෙරමියා,යෙසායා,මලාකි, හා සෙකරියා ආදි දිවැසිවරුන් විසින් දිවැසි වැකි පැවසීම – එය ,1948 දී ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවීම නිසා ඉටු වීම
(11 )දිවැසිවරුන්ගේ දෙවන සේවාව
නනා ප්‍රකාර දර්ශන දකිමින් කට හඬවල් අසමින් පරල වෙමින්(අඩ සිහියෙන් කාකෝ ගසමින් බිම පෙර ලෙමින්,උඩ පනිමින් ධර්ම වාක්‍ය පැවසීම ) කණ්ඩායම් වශයෙන් ගී ගයමින් නටමින් තූර්ය වාදන සහිතව ගී ගයමින් නටමින් ගමින් ගමට සංචාරය කරමින් දිවැස් වැකි පැවසීම ( 1 සාමුවෙල් 9:09 හා 10 පරි: )
14.වත්මන් කිතුනු සභාවන් හා දේව සේවකයන් මෙවැනි ක්‍රමයන්ගෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන ඔබගේ මතය ප්‍රකාශ කරන්න.
15. බොරු (ව්‍යාජ )දිවැසිවරුන්/ධර්මවක්තෘන් හඳුනා ගැනීමේ ලක්ෂණ කවරේද?
(1)ඔවුන් ජනතාව ඇසීමට කැමති වචන දේශනා කලහ. යෙරමියා 6:14,8:11
(11)ඔවුන් වෙනත් දෙවි දේවතාවුන්, ශාස්තෘවරුන් ගේ නාමයෙන් ආශ්චර්යයක් සිදු කරයි. ද්වීතීය කථාව /නීති සංග්‍රහය 13:01-04
(111)ඔවුන් ස්වාමින්වහන්සේගේ නාමයෙන් කථා කරන දේ ඉෂ්ට වන්නේ නැත.ද්වීතිය කථාව/නීති සංග්‍රහය 18:21-22
ප්‍රශ්ණ
යුදෙව් ජනතාවට ලබා දුන් නීති අනුගමනය කිරීමෙන් පමනක් දේව කැමැත්ත ඉටු නොවූ අවස්ථාවල දී,දිවැසිවරු/ප්‍රවාචකවරු මඟින් දේව පනිවිඩය ජනතාවට දීමට සිදුවිය.දිවැසිවරුන් ඉටු කල සේවාවන් 02 කි.ඒ සේවාවන් පැරණ ගිවිසුමේ උදාහාරන තුලින් විස්තර කරන්න. 2011 විභාග ප්‍රශ්න
16. දිවැසිවරුන් අවශ්‍ය වූයේ මන්ද?
නීතිය( ටෝරා ව්‍යවස්ථාව ) පමනක් අනුගමනය කිරීමෙන් දේව කැමැත්ත ඉටු නොවූ බැවිනි.
*එම හේතු මොනවාද?
නීතිය සීමා සහිත විය.නීතිය පැහැදිලි මඳවූ අවස්ථා:ධර්මිෂ්ඨකම,යුක්තිය,සාධාරනත්වය,ධනය බෙදා ගැනීම,මුදල් ක්‍රමවත්ව පාවිච්චි කිරීම,වෙලෙඳුන් විසින් හොර තරාදි භාවිතය,ප්‍රමිතියට නොමැති ධාන්‍ය අලෙවිය,දිළිඳුන් වහල් සඟලකට විකිනීම ආදිය සම්බන්දයෙන් නීතිය පැහැදිලි මද විය.
එසේම සමාජයේ කොටසක් අදි සුඛෝපභෝගි ජීවිත ගත කිරීම( උද්: ඇත් දත් නිවෙස් වල ජීවත් වීම )ධනවත් කාන්තාවන් මධුවිතට ලොල්වීම ආදියෙන් ධනය සාධාරන ලෙස බෙදී නොයාම පෙන්නුම් කළේය.දිවැසිවරුන් ජනතාවගේ අවධානයට යොමු කළේ මෙවැනි දෙයට විරුද්ධවය.
*මේවාට විරුද්ධව දිවැසිවරුන් දේශනා කළේය.ඒ නිසාම ජනතාව අතර ඔවුන් ජනප්‍රිය නොවීය.ආමොස්,අමාසා පූජකයා හා ගැටීම් ඇති කර ගැනීම මෙයට නිදසුනකි.
*ඉහත දැක්වෙන සමාජ විෂමතා හැරෙන්නට දිවැසිවරුන් විසින් ඊශ්‍රායෙල් සමාජයේ කවර භාවිතා වලට විරුද්ධ වූවෝද?ඒවා මොනවාද?
එකම් යාවේ දෙවිඳුන් වෙනුවට විවිධ දෙවි දේවතාවුන්ට සුවඳ දුම් ඔප්පු කරමින් ඔවුන්ගේ ප්‍රතිමා/පිළිම වලට වන්දනාමාන කිරීම
ඊශ්‍රායෙල් හා යුදෙව් ජනතාව විප්‍රවාසයට රැගෙන යන ලද්දේ මේ අයුරින් දෙවිඳුන්ට විරුද්ධව පව් කල නිසාය යන්න දිවැසිවරුන්ගේ තවද ඉගැන්වීමකි.
17.දිවැසිවරුන්ගේ ඉගැන්වීම් මෙසේ වර්ග කල හැක.
(1)ඉගැන්වීම ස්ථානෝචිතයි-අවස්ථාවට ගැලපෙන පරිදිය.
(11)යාවේ එනම් එකම දෙවිඳුන්ට පමනක් වැඳුම් කල යුතුය.බහු දේව වන්දනාව එනම් අන් දෙවි දේවතාවුන්ට,ශාස්තෘවරයන්ට,ප්‍රතිමා වලට නමස්කාර කිරීම වැරදිය.එසේම අනවශ්‍ය ලෙස ධනය පසු පස යාමටද ඔවුන් විරුද්ධ වූහ.
(111)ශුද්ධකම පිළිබඳ චරිතාංගය(එනම් පාරිශුද්ධභාවය හා සර්ව සාධාරනත්වය ) දෙවිඳුන්ගේ මූලික ලක්ෂණයයි.මිනිසා මෙම ශුද්ධ බව පිළි ගත හැක්කේ තමන්ද ශුද්ධව සිටීමෙනි.”
“ස්වාමින්වහන්සේ මෙන් ශුද්ධවූ එකද කෙනෙක් නැත.මක්නිසාද ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත.අපේ දෙවියන්වහන්සේට සමානවූ පර්වතයක් නැත….”යෝබ් 6:10, ගීතාවලිය 22:03-01, 45:07, යෙසායා 52:10
(1V)මිනිසාගේ පෞද්ගලීක විමුක්තිය හෝ අනාගත ජීවිතය ගැන හෝ ඔවුන් අවධාරනය නොකරයි.එහෙත් මුළු මහත් ඊශ්‍රායෙල් හා යුදා ප්‍රජාවේ විමුක්තිය ගැන ප්‍රධාන වශයෙන් වචනය දේශනා කළහ.
(V)දිවැසිවරුන්ගේ දේශනවලට අනුව ජනතාවට විරුද්ධව කටයුතු කිරීම දෙවියන්වහන්සේට විරුද්ධව කටයුතු කිරීමට සමාන විය.මුළු මහත් ප්‍රජාවම දෙවිඳුන්ට එරෙහිව කටයුතු ( පව් )කල විට,මුළු මහත් ප්‍රජාවම සාමුහිකව වන්දි ගෙවිය යුතු විය.එවිට ධර්මිෂ්ඨයන් පවා එයට අයත් විය හැක.
(V1 )දිවැසිවරුන් අනාගතයෙහිදී පැමිනෙන විපාකයන් ගැන නිතරම දේශණා කල අතර පසුතැවිලිවී නැවත දෙවිඳුන් වෙතට හැරීම මඟින් එම විපාක ඉවත් න්කර ගැනීමට පුලුවන් වන බවද දේශණා කලහ.
ඔවුන් එසේ කිරීමෙන් බලාපොරොත්තුවූයේ ජනතාව හරි මඟට ගනීම මිස ඔවුන් බිය වැද්දීම නොවේ.
මෙයට  වනුයේ 1948 වරෂයේදී යුදෙව්වන් විසින් ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවා ගැනීමයි.
යුදා හා ඊශ්‍රායෙල් ජනතාව ප්‍රතිමා  පිහිටුවා ගෙන ඒවා ඉදිරියේ වැඳ වැටෙමින්,දෙව් පනත් කඩ කරමින් දෙවිඳුන්ට එරෙහිව පව් කල බැවින් ඔවුන්ගේ රාජධානි විනාශ වී විප්‍රවාසයට  රැගෙන යාම සිදුවිය.ඔවුන් එසේ වසර 1000 ගනනාවක් තුල විප්‍රවාසයෙහි සිටිමින් සිය පව් ගැන නොකඩවාම යැදුම් පුද කල බවින් දෙවිඳුන් විසින් ඔවුන්ව නැවත 1948 දී යුදා ඊශ්‍රායෙල් ජනතාව  පැරනි පොරොන්දු දේශය තුලම නැවත ස්ථාපනය කරනු ලැබීය.
මේ පිළිබඳව යෙසායා,යෙරමියා,මලාකි හා සෙකරියස් වැනි අනාගතව්ක්තෲ වරුන්/දිවැසිවරුන් විසින් පවසා ඇති අනාවැකි ඉටුවීම සිදුවිය.

ආමොස්,පූජක අමශියා හා ගැටුනේ ආයාතනගත ආගම විනාශ කිරීමට නොව පසු කාලීනව විප්‍රවාසයට රැගෙන යාම මඟින් රජය හා යුදෙව් ශාසනයට අත්වූ විනාශය වලක්වා ඊශ්‍රායෙල් ප්‍රජාව හරි මඟට ගෙන යාමටය.
ජෝන් වෙස්ලිට අවශ්‍ය වූයේ ඇංග්ලිකානු සභාව ප්‍රතිසංස්කරණය කිරීමට මිස එයින් වෙන් වීමට නොවේ.මේ ගැන ඔබ දරන මතය ඉදිරි පත් කරන්න.
*දිවැසිවරුන් නොසිටියානම් ඊශ්‍රායෙල්වරුන්ගේ ආත්මික වර්ධනයට වන පාඩුව කුමක්ද?
*දිවැසිවරු ජනතාවගේ සිත් යොමු කළේ සමාජයේ කවර දූෂන වලටද?( ඊශ්‍රායෙල්ගේ දෙවිඳුන් අත්හැර දෙවි දේවතාවුන්, බාල් දෙවියන් හා ප්‍රතිමා වලට නමස්කාර කිරීම-සමාජ අසාධාරනය අරබයා-වැන්දඹූවන්ට යුක්තිය ඉටු කිරීම,ප්‍රමිතියෙන් බාල් ධාන්‍ය විකිනීම,අධි සුඛෝපභෝගි ජීවිත ගත කිරීම,9 උදා: ඇත් දත් නිවෙස්වල ජීවත් වීම )වංචනීකව වෙනස් කරන ලද කිරුම් මිනුම් උපකරණ භාවිතා කිරීම,දිළිඳුන්ට බලහත්කාරකම් කිරීම හා යුක්තිය හා සාධාරනත්වය වෙනුවෙන් )
*දිවැසිවරු/ ප්‍රවාචකවරු/ අනාගතවක්තෘවරු වචනයෙන් පමනක් නොව ක්‍රියාවෙන්ද තම පණිවිඩය ඉදිරි පත් කලහ. මෙයට උදා: 02 ක් දෙන්න
*හොෂෙයා වැරදි හැසිරීම් සහිත ස්ත්‍රීයක් සරනපාවා ගැනීමත්,යෙරමියා කුම්භකාරයා ලඟට ගොස් වලන් සාදන අයුරුද බලා සිටීම
මෙහිදී වැරදි හැසිරීම් සහිත ගොමේර් නැමැති ස්ත්‍රීය හා විවාහ වීම ඊශ්‍රායෙල්වරුන් විසින් පැවැත්වූ ප්‍රතිමා/පිළිම වන්දනාවට සමාන බවට පෙන්නුම් කරයි.(මක්නිසාද දේශය ස්වාමීන්වහන්සේගෙන් අහක්වී බොහෝසේ වේශ්‍යා කම් කෙරේයයි කීසේක. හොෂයා 01:02 )
කුම්භකාරයා සකපෝරුවෙන් වලන් සාදීම හා නරක්වු ඒවා නැවත කඩා බිඳ දමා වෙනත් භාජන සාදීම හා එසේ සාදු මටි භාජන යුදෙව් ප්‍රජාවේ වඩිමහල්ලන් හා පූජකයන් හමුවේ හාර්සිත් නම නගර දොරටුව ඉදිරි පසදී බිඳ දමීම මඟින් දේව පණිවිඩය ප්‍රතික්ෂේප කරන ලද ජනතාවට බලවත් අනතුරු ඇඟවුමක් කිරීම
*වර්තමාන ලෝකයේ දිවැසිවරුන් නම් කරන්න.
*වර්තමාන ලෝකයේ දිවැසිවරු/ අනාගතවක්තෘවරුන් සිටිත්ද? ඔවුන් දෙවියන්වහන්සේගේ කටහඬ බවට පත්වූයේ කවර කරුනු අරබයාද?
*දිවැසිවරු ජනතාවගේ සිත් යොමු කළේ වර්තමාන ලෝකයේ කවර දූෂන වලට එරෙහිවද?වර්තමාන ලෝකයේ දුෂනවලට එරෙහිව  (අපේ කාලයේ ) දිවැසිවරුන්ගේ කාර්ය භාරය කිම? 2007 විභාග ප්‍රශ්ණ.
( මයිකල් රොද්‍රීගු පියතුමා-සෙවනගල සීනි කම්හලට ගොවීන්ගේ ඉඩම් පැවරීමට එරෙහිව හා රසායන පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර කුඹුරු වලට යෙඩීමට ගොවීන් උනන්දු කිරීම,ලයනල් ජයසිංහ දේවගැති තුමා-ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තිස්සමහාරාමයේ ජනතාවගේ අතරට ගෙනයැම, ජෝජ් ජෙය රාජසිංහම්  දේව ගැතිතුමා-මන්නාරම-ජීවෝදයම් ගොවිපල භාරව කටයුතු කිරීම හා ප්‍රදේශ්යේ සිවිල් වසියන්ගේ අයිතිවාසිකම් රැක ගැනීමටකටයුතු කිරීම,අබා කොස්තා පියතුමා,මීගමුව-විෂ මත් ද්‍රව්‍ය වලින් මීගමුව ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීම,නෙල්සන් මැන්ඩෙලා,දකුනු අප්‍රිකාව-එරටේ කළු ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා අවිහිංසාවාදි සටනක් කිරීම
*වර්තමාන ලෝකයේ නිති විරෝධි ක්‍රියා/දූෂන ක්‍රියා ලැයිස්තුවක් පිළියෙල කරන්න.
ආශ්‍රිත ලේඛණ
පූර්න ජීවනය- ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මංඩලය
දස පනත-වෛද්‍ය ලලිත් මෙන්ඩිස්
ඊශ්‍රායෙල් ජාතිය පැරනි දේශ සීමා තුල නැවත ස්ථාපනය කරනු ලබන බවට එසකියෙල්,යෙරමියා,යෙසායා,මලාකි, හා සෙකරියා ආදි දිවැසිවරුන් විසින් දිවැසි වැකි පැවසීම – එය ,1948 දී ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවීම නිසා ඉටු වීම
ක්‍රි.ව.71-133 අතරවූ යුදෙව්-රෝම හමුදා යුධ වලින් පසුව හා ඊශ්‍රායෙල් යුදා දේශයේඔවුන්ව උදුරා දමනු ලැබීමෙන් පසුව 1948 දී එනම් වසර 1800 කට පමන පසුව ඊශ්‍රායෙල් රාජ්‍ය ස්ථාපනය කිරීමේ ස්වාධීනතා ප්‍රකාශය ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ටෙල් අවිව් හීදී ප්‍රකාශයට පමුනුවනු ලබූ අවස්ථාව

Ben_Gurion_and_Moshe_Sharet signing the declaration-ඩේවිඩ් බෙන් ගුරියන් ස්වාධීනතා ප්‍රකාශය අත්සන කරයි

1967 දී 06 ඊශ්‍රායෙල් අරාබි යුධයෙන් පසුව යාවේ දෙවිඳුන්ගෙ පැරනි දේවමාලිගා පරිශ්‍රය ඊශ්‍රායෙල් හමුදා විසින් අල්ල ගැනීමට අදාල ඡයාරූප

Left to right, Israeli generals Uzi Narkiss, Moshe Dayan and Yitzhak Rabin entering Jerusalem in June 1967-යුධ ජයග්‍රහනයෙන් පසුව ඊශ්‍රායෙල් ජනරාල්වරුන් යෙරුසලමට ඇතුල් වෙයි

1967 යුද්ධයෙන් පසුව නැගෙනහිර යෙරුසලම අල්ලා ගැනීමෙන් පසු-සලමොන්ගේ දෙව් මැඳුර ලෙස හැඳින්වෙන ශුද්ධ දෙව් මැඳුරේ Holy Temple දැනට ඉතිරිවී ඇති වැලපෙන පවුරේ තාප්පය අසල යාඤා කරන ඊශ්‍රායෙල් සොල්දාදුවෝ
ශුද්ධ දෙව් මැඳුරු

අල්-අක්සා පල්ලිය හා රොක් ඔෆ් ද ඩෝම්-මෙය ක්‍රි.ව.692 දී උමයාඩ් පාලක පෙලපතේ අබ්ඩ්-අල්-මලික් නැමැති කාලිෆ් වරයා( සිරියාවේ සිට පාලනය කළේය )විසින් පැරනි ශුද්ධ දෙව් මැඳුරු Holy Temple සංකීර්ණයේ අඩිතාලම මත හෝ ඒ අසලින් ඉදි කල බව කියවේ.
යෙරුසලමේ සිංහ දොරටුවෙන් ඇතුල්වූ ඊශ්‍රායෙල් සන්නධ රථ ශීග්‍රයෙන් ඉදිරිය බලා ඇදෙයි
Israeli defense minister Moshe Dayan tours the old city with his generals after occupying it. (Photo courtesy AP)
Israeli defense minister Moshe Dayan tours the old
city with his generals after occupying it. (Photo courtesy AP)
ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති මෝෂේ දයාන් යෙරුසලමේ පැරනි කොටස අල්ලා ගැනීමෙන් පසුව එහි සංචාරය කරයි.
ක්‍රි.ව. 71-135 අතර පැවති යුදෙව් රෝම යුද්ධ වලින් පසුව යෙරුසලම හා ශුද්ධ දේව  මන්දීරය රෝම අධිරාජ්‍ය හමුදා
විසින් විනාශ කිරීමෙන් වසර 1700 කට පමන පසු 1967 යුද්ධයේදී ඊශ්‍රායෙල් හමුදා විසින් අත්පත්කර ගන්නා ලදී.

The victorious General Allenby dismounted, enters Jerusalem on foot out of respect for the Holy City, 11 December 1917-එක වෙඩිල්ලක්වත් පත්තු නොකර 1917 දෙසැම්බර් 11 දා යෙරුසලම් ශුද්ධ නගරය ජෙනරල් ඇලන්බි විසින් ඔටෝමන් තුර්කිවරු වෙතින් යටත් කර ගන්නා ලදී. මෙම ආක්‍රමනයට කලින් මිත්‍ර හමුදා විසින් ජෙනරල් වරයාගේ යටත් වෙන ලෙස කෙරෙන නිවේදනයක් ගුවනේ සිට විසුරුව හරින ලදී. එම නිවේදනය දැකීමෙන් තුර්කි හාමුදාවෝ ත්‍රස්ත වූහ.මන්ද යත් ඔවුන්ගේ ජාතික පුරාවෘතවලට අනුව මතු දිනෙක අල්ලාගේ නභී වරයෙකු යෙරුසලම යටත් කර ගැනීමට පැමිනෙතැයි සඳහන්ව තිබූ බැවිනි.ඇලන්බි යන්න ඔවුන් අල්ලා-නභී ලෙස තේරුම් ගැනීම සටනකින් තොරව යෙරුසලම භාර දීමට හේතුවිය. යෙරුසලම් ශුද්ධ නගරයට අශ්වයන් පිටින් නොව පා ගමනින් ඇතුල් විය යුතු බවට ලංඩනයෙන් ජෙනරල්වරයාට නියෝගයක් නිකුත්වී තිබින.ඒ අනුව ඔහු හා සෙසූ හමුදා නිලධාරීහූ පා ගමනින් ප්‍රවිශ්ඨ වන ආකාරයයි මේ.




ක්‍රි.ව.71-133 අතරවූ යුදෙව්-රෝම හමුදා යුධ වලින් පසුව හා ඊශ්‍රායෙල් යුදා දේශයෙන් ,ඔවුන්ව උදුරා දමනු ලැබීමෙන් පසුව 1948 දී එනම් වසර 1800 කට පමන පසුව ඊශ්‍රායෙල් රාජ්‍ය ස්ථාපනය කිරීමේ ස්වාධීනතා ප්‍රකාශය ඩේවිඩ් බෙන් ගුරියන් විසින් ටෙල් අවිව් හීදී ප්‍රකාශයට පමුනුවනු ලබූ අවස්ථාව.