Saturday, June 27, 2015

ගව මාංශ අනුභව කරන ජනතාවගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි අයිතීන් සුරකිනු!

                                                                 meat shop- file photo

ගව මාංශ අනුභව කරන ජනතාවගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි අයිතීන් සුරකිනු!ගවයින් ප්‍රවාහනය කිරීමේදී බලපාන සම්බාධක ඉවත් කරනු!දුප්පත් ජනතවට පහසුවෙන් ප්‍රෝටීන් ලබා ගැනීමේ ආහාරයක් වන ගව මස්වල මිළ අධික වීම පාලනය කිරීම සඳහා වෙලඳ සැල් වලට මස් ප්‍රවාහනය කිරීමේ සියළුම කෘතීම බාධක ඉවත් කරනු! ගෝඝාතක ආඥා පණත වහාම සංශෝධනය කරනු! එය සංශෝධනය කරන තුරු වැටලීම්  අත් හිටවනු!

ලංකාවේ සමහර මුද්‍රිත හා විද්‍යුත් මාද්‍යයන් විසින් නිර්ලජ්ජිතව 'අනවසර ගවයන් ප්‍රවාහනය කරන ලොරි අත් අඩංගුවට ගැනීම', 'නීති විරෝධි' ගව ඝාතනාගාර  වැටලීම් ආදිය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙනු ලැබේ.මෙයට හොඳම විසඳුම වනුයේ ගෝ ඝාතක ආඥා පණත වහාම සංශෝධනය කර විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති යටතේ ගවයන් ඝාතනය සඳහා වැඩි ඉඩක් ලබා දීමයි.

මෙම නිර්ලජ්ජිත මාධ්‍ය කරුවන් සත්‍ය වශයෙන්ම ඉටු කරනු ලබන්නේ කාගේදෝ කොන්ත්‍රාත්තුවකි.මෙකී විද්‍යුත් මාධ්‍යකරුවන් විසින් ගව මස් වෙළඳ සැල් වෙත ගව මස් හා ඝාතනය  කිරීම සඳහා ගවයන් ප්‍රවාහනය කිරීම අනවශ්‍ය ලෙස උළුප්පා දක්වන නුමුත් තමන්ගේ ඇසේ තිබෙන පොල් පරාලය මෙකී බංකොලොත් මාධ්‍ය කරුවන්ට නොපෙනීම පුදුමයකි.
මෙකී සමහර මාධ්‍යකරුවන් විවිධ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව යටිකූට්ටු ලෙස කටයුතු කරන්නන්ය.තමන්ගේ බත් බැලයන් දේශපලනයට රිංගවා බලය තහවුරු කර ගෙන වැජඹීම ඔවුන්ගේ පරමාර්ථයයි.

මන්ද එවැනි කුමංත්‍රනකාරි පියවරයන් හෙළි නොකරන්නේ?වැලැක්විය යුත්තේ ගවයන් ප්‍රවාහනය කිරීම් පමනක්ද? 'අනවසර' ගව ගාඝාතනාගාර වැටලීම පමනක්ද?
මෙකී මුද්‍රීත හා විද්‍යුත් මාධ්‍ය කරුවන්ට කිව යුතු වන්නේ ඔබලා එළවළු ආහාරයට ගැනීම ගැන කවරෙක්වත් විරුද්ධ නැති අතර ගව මස් ආහාරයට ගන්න ලක්ස සංඛ්‍යාත  ජනතාවගේ තමන් කැමති ආහරයක් කෑමේ ප්‍රජාත්‍රන්ත්‍රවාදි නිදහසට බාධා නොකරන ලෙසය.


 මෙම ලක්ස ගනනක්වූ ජනතාව මහ මැතිවරනයකදී  ඡන්දය ප්‍රකාශ කිරීමේදී ගවමස් හා ගවයන් ප්‍රවාහනය හා ඝාතනාඝාර වැටලීම් වැනි  සාධක බල පාන බව ආංඩු පක්ෂයට , විරුද්ධ පක්ෂයට හා විධායකය
ටද අවධාරනය කරමි.