Friday, October 17, 2014

ලංකාවේ දේශීය සංස්කෘතිය යනු මෙරටේ බහු වාර්ගීක බහු ආගමීක සමාජයේ සංකලනයෙන් සෑදෙන්නක්

ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතිය යනු මෙරටේ බහු වාර්ගීක බහු ආගමීක සමාජයේ සංකලනයෙන් සෑදෙන්නක්.අපේ ඇත්තන් මෙය තේරුම් ගන්නේ කෙදිනකද?



මෙම කුරන කටුනායක මෙතෝදිස්ත සංඝයේ ගොඩනැගිල්ල, දේශීය සංස්කෘතියට අනුකූල නොවේයයි යමෙකු පවසන්නේ නම් ඔහු සංස්කෘතිය යන වදනේ අරුත නොදනී!

  මෙම රවතාවත්ත මෙතෝදිස්ත සංඝයේ ගොඩනැගිල්ල ගැනද කිව යුත්තේ එයමය. අපේ දෙව් මැඳුරුවල යච්ඤා හා වෙනත් වත් පිළිවෙත් දේශීය නොවන්නේයයි කියන්නෝ ‘සංස්කෘතිය’ යන්නේ අරුත නොදනී!
මෙහි දක්වෙන දළුපත මෙතෝදිස්ත සංඝයේ දේවස්ථාන ගොඩනැගිල්ල සැබවින්ම දේශීය වෙයි.


ශුභාරංචි පනිවිඩය ලක් ජනතාව වෙතට ගෙනයාමට වඩාත් යෝග්‍ය ක්‍රමය වනුයේ මහජන චීන සමූහාංඩුවේ එවැන්ජලිකල් ක්‍රිස්තියානිවරුන් විසි ක්‍රියාත්මක කරන B2J Back to Jerusalem ව්‍යාපාරයේ උපාය මාර්ග හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමයි 
01. සංස්කෘතිය යන වචනයේ නිරුක්තිය-කිසියම් ජන කොටසක් කන බොන, හිතන පතන, අඳින පලඳින, කථා කරන භාෂාව, සිරිත් විරිත් ආදි ඔවුන්ගේ සමස්ත හැසිරීම් රටාව සංස්කෘතිය ලෙස අර්ථ දැක්වෙයි.අපගේ රට බහු වාර්ගික, බහු ආගමික වෙයි. ඒ ඒ ජන වාර්ගික කොටස් සතු විවිධ සංස්කෘතික ලක්ෂණ ඇත.එහෙයින් මෙ රටේ දේශීය සංස්කෘතිය යනු මෙම සියළුම සංස්කෘතීන් සම්ම්ශ්‍රනය වීමෙන් සෑදෙන්නකි.එහෙයින් මෙරට කිසියම් ජන වාර්ගික කොටසක සංස්කෘතිය මෙරට දේශීය සංස්කෘතිය නොවේ යැයි පැවසීම සවද්‍යයි

 02. ලංකාවේ කිතුනු සභා පාර්ශවයන් Sri Lankan Christian Church Chapters මෙරට බහු වාර්ගික සංස්කෘතියෙහි එක් අංශයක් නියෝජනය කරයි.එහෙයින් රෝමානු කතෝලික Roman catholic,ඇංග්ලිකානු Anglican,ප්‍රෙස්බිටීරියන්Presbyterian,ඩච් රිෆෝම් Dutch Reform ,මෙතෝදිස්ත Methodist , ඒ ඕ ජී A O G,සෙවන්ත් ඩේ ඇඩ්වෙන්තිස්ට්ස් Seventh day Adventists , පෙන්තකොස්ත Pentecostal සහ අනිකුත් සියළුම සභා පාර්ශවයන් හී සියළුම වත් පිළිවෙත් එනම් ගීතිකා ගායනා හා යාච්ඤා ශෛලීන්,දේවස්ථාන වල කෙරෙන සියලුම නැමදුම් පිළිවෙත්,ආගමික උත්සව,සැරසිලි,පෙරහැරවල්,දේවස්ථාන ගොඩනැගිලි ගෘහ නිර්මාන ශිල්පීය ක්‍රම,දේව සේවක ඇදුම් පැළදුම්,භාවිතා කෙරෙන සංගීත භාංඩ හා අනෙකුත් සියලුම දේ මෙරට දේශීය සංකෘතියෙහි කිතුනු පාර්ශවය නියෝජනය කරන අතර එය මෙරට දේශීය සංස්කෘතියෙහි අනන්‍ය අංගයක් වෙයි. 

03. “ශුභාරංචි පනිවිඩය ලක් ජනතාවගෙන වැඩි කොටසකට මෙතෙක් පිළි ගත නොහැකිවූයේ එය මෙරට සංස්කෘතික ලක්ෂනවලට එකඟ නොවන පරිදි ඉදිරි පත් කරන ලද නිසාය” යන්න යල්පිනූ ප්‍රකාශයකි. මෙම අදහස සාවද්‍යය. උදා: වශයෙන් බෞද්ධ ධර්ම දූතයන් මෙරටට පැමිනි ආකාරය දැක්විය හැක.භික්ෂූන් හිස බූගා තිබින.කහ පැහැයෙන් යුතු සිවුරු පොරවා ගෙන සිටියහ.අද දිනය දක්වාම මෙරට භික්ෂූන් හිස බූගෑමත්, කහ සිවුරු පෙරවීමත් කරනු ලැබේ.මෙයින් පෙනී යන්නේ ඒවා ඉන්දියානු හින්දු ලක්ෂණ වුවද බෞද්ධ ධර්මය පිලි ගැනීමට එය බාධාවක් නොවූ බවය. එහෙයින් මෙරට තුල ක්‍රිස්තියානි ධර්මය පැතිරීමට බධාවක් වී ඇත්තේ එහි නමස්කාර ක්‍රම,ගොඩනැගිලි,සංගීතය,ඇඳුම් පැළඳුම් වැනි දෑ අපර දිග ස්වරූපයක් ගන්නා නිසාය යන මතය සවද්‍යයි.

 04.ශුභාරංචි පනිවිඩය ලක් ජනතාව වෙතට ගෙන යාමට වඩාත් යෝග්‍ය ක්‍රමය කිම? වර්තමාන චීනයේ ක්‍රිස්තියානි සභාවේ ශීග්‍ර වර්ධනයේ (B2J * ව්‍යාපාරයේ) උපාය මාර්ග හඳුනා ගෙන ඒවා මෙරටට ප්‍රායෝග්‍ය කර ගත හැක.*Back to Jerusalem Movement, Peoples Republic of China
(1)මෙරට සම්ප්‍රදායික හා නව එවැන්ජලිකල් හා පෙන්තකොස්ත ක්‍රිස්තියානි සංඝයන් දේවස්ථාන ගොඩනැඟිලි සෑදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි.මෙහි අවාසි ගනනාවක් ඇත. ගොඩනැඟිලි සඳහා අති විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සිදු වෙයි.එසේම අන්තවාදි කල්ලිවලින් හා සමහර ප්‍රාදේශීය පරිපාලන ඒකක වලින් සැලසුම් අනුමත කිරීමේදී ඇතිවන විවිධ බාධවන් දැක්විය හැක.( උදා: මෙයට කලකට පෙර මිහින්තලය නගරයේ රෝමානු කතෝලිකයන් විසින් දෙව් මැදුරක් ගොඩනැඟීමට සැලසුම් ඉදිරි පත් කල විට එය ප්‍රතික්ෂේප කරන ලද අතර අවසානයේ නඩු මාර්ගයට යොමු විය. මට මතක ඇති පරිදි නාගරීක සැලසුම් අනුමත කිරීමේ නිලධාරියා විසින් උක්ත ගොඩනැඟිලි සැලසුම, ‘අනුමත කර නොමැති හෙයින්’ නඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි විය. එහෙත් අවශ්‍ය අවසරය ලැබීමෙන් පසුව වර්තමානයේ මිහින්තලය නගරයේ රෝමානු කතෝලික දෙව් මැඳුර ගොඩ නඟා ඇත.

B2J මෙහෙයුමේදී ගොඩනැඟිලි සෑදීම කෙරෙහි කිසිම අවධානයක් යොමු කරනු නොලැබේ.මන්ද යත් ක්‍රිස්තුස් සමිඳුන් කිතුනු සංඝයේ ප්‍රධාන ගොඩනැඟිල්ල බැවිනි.ගොඩනැඟිල්ලක් තුල සිදු කෙරෙන සාමුහික දැනුවත් කිරීමට වඩා පුද්ගලයාගෙන් පුද්ගලයාට කෙරෙන ශුභාරංචි ප්‍රකාශනය  මඟින් වඩාත් හොඳින් ශුභාරංචිය ප්‍රකාශ  කිරීමට හැකි වනවා මෙන්ම රහසිගත භාවය රැකීමද සිදුවෙයි, ‘විරෝධතාකරුවන්ගෙන් ‘ඇතිවන විවිධ බාධාවන්ද ඇති නොවේ. 
(11) B2J මෙහෙයුමේ මිෂනාරිවරුන් ශුභාරංචිය රැගෙන චීනයෙන් පිට වන්නේ විවිධ සිවිල් වෘත්තිකයන්ගේ විලාශයෙනි.එහෙයින් ඉලක්ක කරන ලද බෞද්ධ හා ඉස්ලාම් ආගමීකයන් වෙතට ආබාධිතව යාහැකිය.ඔවුන් කාර්යාලයේදී, බසයේදී, මඟ තොටදී, ආගන්තුකයන් සමඟ ශුභාරංචි පනිවිඩය බෙදා ගනිති.මෙම ක්‍රමයද ලංකාවේද ප්‍රයෝග්‍ය කල හැක.

 (111)විවිධ සංස්කෘතීන්ට හා විවිධ බාධකයන්ට මුහුන දෙන ආකාරය මිෂනාරිවරුන්ට පුරුදු පුහුනු කරනු ලැබේ.මෙරටේද මෙය ක්‍රියාත්මක කල හැක

. (1V)අනවශ්‍ය ලෙස බාහිර ලෝකයාට කැපී පෙනෙන පරිදි කටයුතු නොකර නිහඬව සේවය කර ගෙන යාම.(උදා: පෙරහැරවල් පැවැත්වීමෙන් වැලකීම. පැපිලියාන දෙව් මැඳුරක සිට රිය පෙරහරක් ගමන් කිරීම ගැන උරන වූ ආගමීක අන්තවාදීන් දෙව්මදුරට පහර දී මහත් අලාබ හානි සිදු කිරීම දැක්විය හැක. ) ශබ්දවාහිනී යංත්‍ර භාවිතා කරමින් බාහිර අයට ‘බලයෙන්’ශුභාරංචිය පෙවීම වෙනුවට නිහඬව සේවය කිරීම )
 (V)දේවස්ථාන ගොඩනැඟිලි තනනවා වෙනුවට,කිතුනු ප්‍රජාව තුල ආත්මීක (ගොඩනැඟිලි )එනම් සහයෝගිතාවය ගොඩ නැංවීම .
 (v1)කිතුනු දේවස්ථාන ගොඩනැඟීමේදී මෙරටෙහි සමහර ප්‍රදේශවලආගමීක අන්තවාදින්ගේ විරෝධතා හා වෙනත් පරිපාලන බාධක ඉදිරි පත් විය 
05.ශුභාරංචි පනිවිඩය ලක් ජනතාව වෙතට ගෙන යාමට වඩාත් යෝග්‍ය ක්‍රමය කිම? වර්තමාන චීනයේ ක්‍රිස්තියානි සභාවේ ශීග්‍ර වර්ධනයේ (B2J ව්‍යාපාරයේ) උපාය මාර්ග හඳුනා ගෙන ඒවා මෙරටට ප්‍රායෝග්‍ය කර කර ගත හැක. 

No comments:

Post a Comment