Saturday, March 26, 2016

කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය ETKA




කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය

                                                                      ETKA

නැව් වලින් ගොඩ බට ආගමනිකයන් සියළු දෙනාගේම හිස අඩක් මුඩු කර තිබින.
ඉන්දියානු අර්ධද්වීපයේ , ලාට රටෙහි ඔවුන් විසින් සිදු කරන ලද රාජ අපරාධ හේතුවෙන් මෙම පිරිස මෙසේ පිටිවහල් කරන ලද බව ඇයට පසක් විය.
කුවේනි විලාප දෙන්නට වූවාය.!
ඉන්දියානු ආක්‍රමනය ආරම්භ වුනෝ!
අපේ කපු කඨින කර්මාන්තය විනාශ වෙනවෝ!
අපගේ යක්ෂ නාග ගෝත්‍රිකයන්ගේ දේශීය වානිජ හා කර්මාන්ත විනාශ වෙනවෝ ! කියමින් ඇය පරල වෙමින් කෑමොර ගසන්නට වූවාය.
මෙයින් නොනැවතුනු ඇය අනාගතය ගැන පුරෝකථනය කරමින් වැලපෙන්නට වූවාය!
‘ඉදිරියේදි කර්මාන්තයේ නිපුන වෘත්තිකය සූ සැට පිරිසක් එනවෝ!
අපේ යක්ෂ නාගලන්තයේ දේශීය කර්මාන්ත පොලොවටම සමතලායි!
සූ සැට වෘත්තිකයන් ආපසු ඉන්දියාවට යවපියෝ!
ඇයට ඉනුත් ඔබ්බට අනාගතය දුටුවාය.
‘තව ශතවර්ෂ 15,17,18 කින් පමන සුදු ජාතිකයන් නැමැති පිරිසක් මෙරටට ආගමනය කරනවෝ.!
මෝටර් කාර් කියල යන්ත්‍රයක් අපේ රටට හඳුන්වල දෙනවෝ!
අපේ බර කරත්ත එලවන රියැදුරන්ගෙ රැකියාව නැතිවෙනවෝ!
බර කරත්ත අභාවයට යනවෝ!
මෝටර් කාර් යන්ත්‍ර වර්ජනය කරපියෝ!
තව ඉදිරියේදි ඇඳුම් මසන ගාමන්ට ෆැක්ටරි කියලා දෙයක් එනවෝ !
අපේ කපු කඨින නාග මානවිකාවන්ගෙ රැකියා නැතිවෙනවෝ!
යක්ෂ නාගලන්තයේ දේශීය සංස්කෘතිය,වෙලඳාමට කන කොකා හඬනවෝ! අපේ දේශීය කර්මාන්ත බේරා ගනියෝ! කියමින් ඇය වැලපෙන්නට වූවාය.!



About these ads
Occasionally, some of your visitors may see an advertiseme



No comments:

Post a Comment