Saturday, October 29, 2016

conflict of interest 

මෙයින් අදහස් කෙරෙනුයේ සිය පෞද්ගලීක කටයුතු,අදහස් හා මතවාද බාහිර අදහස් හා මතවාද හා නොගැලපීමයි. මෙය එක් නිර්වචනයක් පමනි.මෙයට නිශ්චිත සිංහල වදනක් නොමැත.මෑතකදී මෙවැනි අවස්ථාවන් 02 කට මාහට මුහුන දීමට සිදුවිය.ග්‍රාමීය හා අර්ධ නාගරීක ප්‍රදේශවල විවිධාකාර සමිති සමාගම් දැකිය හැක.අවමඟුල් සමිති,කාන්තා සමිති,සත්ව පාලන සමිති හා ගොවි සමිති ආදිය ඉන් සමහරකි.  
උක්ත සමිති දෙකක මම සාමාජිකයෙක්මි. එක් සමිති රැස්වීමකට ගිය මා හට අසන්ට ලැබුනේ සමිතියේ පරමාර්තයන්ට වෙනස් යෝජනාවකි.එනම් නොවැම්බර් මාසය 'මළවුන්ගේ මාසය' හෙයින් , මාසය මුලදී කිසියම් ස්ථානයකට දානයක් දීම සඳහා ආධාර මුදලක් එකතු කිරීමයි.බෞද්ධයන් හා රෝමානු කතෝලික බහුතර සාමාජිකත්වයකින් යුතු සමිති සාමාජිකත්වය වෙතින් එයට අනුමැතිය පල වුනි. පසුව මා හට දැන ගැනීම ලැබුනේ නොවැම්බර් මාසය 'මවුන්ගේ මාසය" ලෙස රෝමානු කතෝලිකයන් විසින් සමරන බවය.එහෙත් ලංකාවේ  'වෙනත් ක්‍රිස්තියානිවරු' එවැන්නක්  සමරන්නේ නැත.
ලංකාවේ  බෞද්ධයන් මළගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් දානේ දීම සුලබ කරුනකි.මේ දෙකොටසටම අයත් නොවන අයට මෙවැනි අවස්ථාවලදී conflict of interest වලට මුහුන දීමට සිදු වෙයි.
මෙයට දීර්ඝ කාලීන විසඳුම වනුයේ ලංකාව අනාගමීක රටක් බවට පත් කිරීමයි.එවිට සෑම කාර්යයකටම ආගම ගාවා ගැනීම නතරවනු ඇත. එසේම සිවිල් සමාජය තුළ බේද ඇතිවීමද සිදු නොවනු ඇත. 

ලංකාව අනාගමීක රටක් විය යුතුද?

                                                                                                                                                                                                                        *