Wednesday, December 31, 2014

ක්‍රිස්තෝත්පත්තිය ඊශ්‍රායෙලයේ නාසරෙත් නුවර පැවැත්වූ ආකාරය

 

ක්‍රිස්තෝත්පත්තිය ඊශ්‍රායෙලයේ නාසරෙත් නුවර පැවැත්වූ ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න. යේසුස් ක්‍රිස්තුස් සමිඳුන් බෙත්ලෙහෙමේ උත්පත්තිය ලබා නාසරෙත් නුවර හැදුනු වැඩුනු බව ශුදධ ලියවිල්ලේ දැක්වේ.

 යේසුස් ක්‍රිස්තුස් සමිඳුන් යුදෙව්වෙක් බවත් එතුමන්ගේ ගෝලයන් 12 ම යුදෙව්/ඊශ්‍රායෙල් ජාතිකයන් බවත් ආවධාරනය කල යුතුය. එතුමන්ගේ උත්පත්තිය සඳහන් කිරීමේදී පෙලපත දක්වා ඇත්තේ මරියාගෙනි.එය යුදෙව් සම්ප්‍රදායයි.අද වුවද මව හෝ මිත්තනිය යුදෙව් නම් දරුවන් යුදෙව් ජාතිකයන් ලෙස පිළිගනු ලැබේ. 

ක්‍රිස්තුස් සමිඳුන්ට සහෝදර සහෝදරියන් සිටි බවත් අළුත් ගිවිසුමේ සඳහන් ප්‍රතම ක්‍රිස්තියානි සංඝයන්ගේ මංත්‍රන සභාවේ  First Christian Conference මුලසුන දැරුවේ එතුමන්ගේ සහෝදරයෙකු වන යාකොබ් විසින් බවත් ආවධාරනය කල යුතුය.





 ක්‍රිස්තුස් සමිඳුන් සිටි සමයේ නාසරෙත් නුවර ඇතුළත් යුදය හා ගලීලය එනම් ඊශ්‍රායෙලයේ සිතියමක්


Pl also refer to this link
 http://mountgerisim.blogspot.com/2014/12/mount-gerizim.html

Thursday, December 25, 2014

Saturday, December 20, 2014

නත්තලේදී අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා හරක් මස් බිස්ටේක් සාදන ආකාරය

හරක් මස් බිස්ටේක් ශ්‍රී ලංකා ආරට සාදන ආකාරය



   
Shared with thanks from the You Tube
 අවශ්‍ය ද්‍රව්‍ය
හරක් මස් කි.ග්‍රෑම් 01
විනාකිරි කෝප්ප 01
කුරුඳු පොතු කැබලි 01 ( අඟල් 02 දිගැති )
මිරිස් කුඩු මේස හැන්දි  01
සුදු ළුනු බික් 03
ඉඟුරු
බොම්බයි ළුුනු ගෙඩි 06
අමු මිරිස් කරල් 10ක් පමන
ගම්මිරිස් කුඩු
ලුනු කුඩු
අබ මේස හැඳි 01
සීනි මේස හැඳි 01
පිසින තෙල් ස්වල්පයක්


පලමුව හරක් මස් තුනීයට කැබලි වනසේ කපා ගන්න. මස් බඳුනකට විනාකිරි දමා එයට ලුනු හා ගම්මිරිස් කුඩු .මස් මොලොක් වන තුරු එය පැයක් පමන තබන්න. ඉන්පසු ඒවා පිසින භාජනයකට දමන්න.වතුර කෝප්ප 1 1/2 ක් පමන දමන්න. ඉන් පසු මිනිත්තු 25 ක් පමන හොඳින් තම්බා ගන්න.ඉස්ම හිඳෙන තුරු පිසින්න.
 වෙනත් සාස්පානකට පිසින තෙල් මේස හඳි 02 පමන දමන්න කුරුඳු පොතු හා සුදු ළුණු,බොම්බයි ළුුණු හා ඉඟුරු දමා බැද ගන්න.ඒවා මිනිත්තුවක් පමන බැද ගන්න.අනතුරුව එයට අමු මිරිස් එකතු කරන්න.බොම්බයි ළුුණුද එකතු කරන්න.මිනිත්තුවක් පමන පිසින්න.

එයට මිරිස් කුඩුද එකතු කරන්න. මෙයට කලින් පිසින ලද මස් දමන්න.එය මිනිත්තු 03 ක් පමන පිසින්න.එයට සීනි ස්වල්පයක් හා අබ එකතු කරන්න.ලුනු කුඩු ස්වල්පයක් දමා මිනිත්තු 02 ක් පමන පිස ගන්න. දැන් රසවත් හරක් මස් බිස්ටේක් ආහාරයක් සූදානම්ය.

Thursday, December 18, 2014

වල්ගය පෑගී ඇත්තේ කාටද? එක්සත් ජාතීන්ටද? අරාබීන්ටද? යුරෝපීය ප්‍රජාවටද? වසර 2000 කට පසු - After 2000 years

වල්ගය පෑගී ඇත්තේ කාටද?
එක්සත් ජාතීන්ටද?
අරාබීන්ටද?
යුරෝපීය ප්‍රජාවටද?


වසර 2000 ක පමන පසු ඊශ්‍රායෙල් හමුදා භටයන් 03 කු, යෙරුසලමේ, මොරියා කන්ද මත පිහිටා තුබූ  පැරනි ශුද්ධ දෙව් මැඳුරෙන් ශේෂවී ඇති කොටසේ-වැලපෙන පවුර අසල අතිශයින් හැඟීම බරව යාච්ඤා  කරන ඓතිහාසික සේයා රුව.

1967 හය දි
යුද්ධයේදී යොර්දානුවන් පලවා හැර එය අත්පත් කර ගැනීමට යුදෙව් හමුදා සමත් වූහ.

මම සේයාරුවට නැගූ කැමරා   ශිල්පියා-රුබින්හර්

එම හමුදා බටයන් 03 නම් අචාර්ය ටිට්සැක් යිෆම්,සියන් කසාන්ති හා යෙශීම් ඔශරි යන 03 දෙනාය.
වසර 47කට පසු ඉහත ඡායාරූපයෙන් දැක්වෙන පරිදිම ඔවුන් ඡායාරූපයකට පෙනී සිටියහ.

වසර 1000 ගනනාවකට පෙර සොලමන් නරපතියා විසින් ඉඳි කල ශුද්ධ දෙව් මැඳුර මෙහි පිහිටා තිබුනි.
අනතුරුව සෙරුබ්බාබෙල් විසින් ගොඩනඟන ලද හෙරෝද් නරපතියා විසින් ප්‍රතිසංස්කරනය කරන ලද දෙවන ශුද්ධ දෙව් මැඳුරද පිහිටා තිබුනේ මෙහිය. 

මෙම ශුද්ධ දෙව් මැඳුරු පිහිටා තිබූ නැගනහිර යෙරුසලමේ භූමි භාගය පලස්තින අරාබීන්ට පවරා දෙන ලෙස වර්තමානයේ එක්සත්
 ජාතින් හමුවට යෝජනාවක් ඉදිරි පත් කර ඇත.

එම කාලයේ අරාබි රාජ්‍යයන්වත්, බටහිර රාජ්‍යයන්වත් නොතිබුනි!!

මෙම ඉතිහාසය අධ්‍යනය කිරීමට ඔබ මොබ යායුතු නොවේ!!! ඔබගේ නිවස අසල සිටින ක්‍රිස්තියානිවරයෙකුගෙන් බයිබලයක් ඉල්ලා ගෙන, එය කියවා බලන්න.යුදෙව්වන්ගේ ඉතිහාසය එහි සම්පූර්නයෙන්ම සඳහන්ව ඇත.!!!!
වල්ගය පෑගී ඇත්තේ කාටද?
එක්සත් ජාතීන්ටද?
අරාබීන්ටද?
යුරෝපීය ප්‍රජාවටද?




මෙහි දැක්වෙනුයේ ක්‍රි.ව.71-171 දක්වා පැවති යුදෙව්/ඊශ්‍රායෙල්වරුන්ට එරෙහිව රෝමානු අධිරාජ්‍ය හමුදාවන් විසින් සිදු කරන ලද සිවිල් යුද්ධයේදී විනාශ කරන ලද , ප්‍රශ්න ගත භුමි භාගයේ පිහිටා තිබු දෙවන  ශුද්ධ දෙව් මැඳුරේ සේයා රුවක්. ක්‍රිස්තුස් සමිඳුන් යාම් ඊම් කළේ මෙම දේව මන්දීරයටය.  





Saturday, December 13, 2014

කුලි රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට යෝජනාවලියක්





A Saudi Taxi


මඟී ආරක්ෂාව සඳහා ත්‍රී රෝද රථ ඇතුළු කුලී වාහාන රියදුරන්ට හැඳුනුම් පත් නිකුත් කිරීම කාලෝචිතය

සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නගරයේ මහ ජනයා බහුල වශයෙන් ගමන් කරනුයේ කුලී මෝටර් රථ හෙවත් ටැක්සි වලිනි.මෙම ටැක්සි වල විශේෂතවයක් වනුයේ රියැදුරාට හැඳුනුම් පතක් නිකුත් කර තිබීමයි.එය
සෑම විටකම බෙල්ල වටේ පැළඳ සිටිය යුතුය.ඔහු පිළිබඳව සියළුම තොරතුරු එහි අඩංගු වේ.
මගීන්ගේ අරක්ශාව සඳහා යොදා ඇති ආරක්ශක පියවරක් වනුයේ ජෙඩා නග
යෙන්  පිටවන සෑම වාහනයක්ම පොලිසිය විසින් දැඩි ලෙස නිරීක්ෂනය කිරීමයි.

මා මෙම විස්තර සඳහන් කලේ මෙ රටේ ක්‍රියාත්ම්කව්න ත්‍රී
රෝද අතුළු කුලී රථ අධීක්ෂනය කිරීම සඳහා මෙතෙක් අදිකාරියක් පත් නොකිරීමේ ආදීනව පෙන්වා දීමටය.මෙය ඒවායේ ගමන් කරන මඟීන්ගේ ආරක්ශාවට දැඩි තර්ජනයකි.

කුලී රථ සේවාවේ යෙදෙන සෑම ත්‍රී
රෝද කම විස්තර දත්ත ගබඩාවක එක් රැස් කල යුතුය.වර්තමාන තත්ත්වය අනුව ඕනෑම පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයක මගීන් ගෙන යාහැකි අතර එහි ආන්තික ප්‍රතිපලය ගැන කිසිවකුටත් වගකීමක් නොමත.
මෑතකදී මිගමුව ආසන්න නගරයකදී පුද්ගලයකු ත්‍රී රෝද රථයකට නංවාගෙන ගොස් ඇති අතර පසුව පාලු ප්‍රදේශයකදී අත්හැර දමා ගොස් තිබියදී හමු විය.
මෙවැනි අනතුරුව්ලට මඟීන්ට මුහුනදීමට සිදුවනුයේ ත්‍රීරෝද ඇතුළු කුලී රථ නියාමනය කිරීම සඳහා මෙතෙක් කවරාකාර හෝ අධිකාරියක් ස්ථාපනය කර නොමැති බැවිනි.

වගකිව යුත්තන්ට ජෙඩා නගරයේ කුලී රථ නියාම්නය වන ආකාරය පිළිබඳව විස්තරාත්මක වර්තාවක් එහි සිටින ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගෙන් කඳවිය හැකි අතර ඉන්පසු මෙරටට ගැලපෙන ආකාරයට ඒවා යොදා ගත හැකිය.

සාරංශය
සියළුම ත්‍රී රෝද රථ හා වෙනත් කුලී රථ රියදුරන් වහාම ලියා පදිංචි කර ඔවුන්ට හැඳුනුම් පත් නිකුත් කල යුතුය.

එම හැඳුනුම පත සැම විටකම රියදුරා විසින් පැළඳ සිටිය යුතුය.එහි සියළුම විස්තර අඩංගු විය යුතුය.

මෙම විධිවිධාන වෙනත් කුලී රථ සඳහාද අදාල විය යුතුය.