Sunday, December 18, 2016

නිල් බළකා ගොබිලන්ට 'පාඩමක් ඉගැන්වු' නැව්පතියා !

නිල් බළකා ගොබිලන්ට 'පාඩමක් ඉගැන්වු' නැව්පතියා !





නිල් බළකා ගොබිලන්ට 'පාඩමක් ඉගැන්වු' නැව්පතියා !
Dec 12, 2016

නිල් බළකා ගොබිලන්ට 'පාඩමක් ඉගැන්වු' නැව්පතියා !

    (ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ පළවූ විශේෂාංගයකි)
    කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන ‘නාවික පාඩමක්’ නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි.
    වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන ‘සද්දන්ත රැවුල්කාරයා’ දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. ‘අදනම් බඩුම තමයි’ යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
    මුහුදු කොටි බියෙන් හැකිලවු :
    මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි.
    ඔහුගේ ඉහත කි දසුන කොටි බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
    Hambantota0 600px 16 12 12යහතින් ගෙදර යාමට වාසනාවන්ත වීම :
    උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි.
    වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය..
    එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ ‘රවී විජේගුණරත්න’ නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
    බටහිර ක්‍රියාදාම චිත්‍රපටය :
    කලකට ඉහත ආසාවෙන් නැරඹු ‘Rules of Engagement’ බටහිර ක්‍රියාදාම චිත්‍රපටය ඊයෙ මට සිහිවිය.. යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලා තානාපතිවරයා හා පවුල ප්‍රාණ ඇපයට ගෙන සිටි අවිගත් යේමන් කැරලි කරුවන් හා සටන්කොට තානාපතිවරයා හා පවුල ආරක්ෂිතව ඉවත් කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන මැරයින් කමාන්ඩෝ නිළධාරියා ඉන් අනතුරුව ‘සිවිල් ජනතාවට වෙඩි තැබීමේ වරදට’ හමුදා අධිකරණයකට යොමු කරයි..
    ඔහුට පක්ෂව ඇති සියලු වීඩියෝ සාක්ෂි විනාශ කර එදිරිව ඇති සාක්ෂි පමණක් ඉදිරිපත් කරමින් පිරිසක් කැත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන්නේ වියට්නාම් සටනේදී ඔහු සමඟම සටන් කල ඔහුගේම සගයෙක් වේ.
    අවිගත් කුඩා දරුවන් හා කාන්තාවන් (මෙහි කුඩා දරුවන් හා කාන්තාවන් අවි දරා සිටින cctv දර්ශන හිතා මතා විනාශ කරනු ලබයි) පහර දීමට අණ දීමේදී ඔහු භාවිතා කරන වචන එනම් “Waste the bloody motherfuckers” යන්න ඔහුට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාවකි.
    මේ තර්කය ගේන නීතිඥයා හෝ තර්කය ගේන උසාවිය අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටියානම්? ‘එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා..’ කියා යුද්ද කරන භාෂාවක් ලොවේ නැත.. අවසානයේ ඔහුට එදිරිව සාක්ෂියට ගෙන එන හිටපු වියට්නාම හමුදා ප්‍රධානියාගෙන් විත්තියේ නීතිඥයා අසන එකම ප්‍රශ්ණය ‘ඔබ එම අවස්ථාවට මුහුණ දුන්නානම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නෙන් නඩුව අවසන් වේ..
    ‘දෙකයි පණහේ’ වැඩ ඔහු ළඟ නැත :
    හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු ‘රවී විජේගුණරත්න’යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි.
    බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා ‘දෙකයි පණහේ’ වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය.
    යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි..
    Hambanto3එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
    විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුයි :
    මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට ‘මට FCID යන්න වෙයි’ ‘මගේ නිළයට කෙලවෙයි’ කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි.
    මෙවන් අවස්ථාවල ‘ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම’ කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් ‘නායකයාගේ’ හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
    තේරෙන භාෂාවකින් කියා දීම :
    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් පරණ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස ‘වල් බූරු අන්දමින්’ භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි.
    වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත.
    ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට ‘මාධ්‍ය නිදහස’ දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි.
    ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි.
    එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට ‘නිවුස්’ කිරීමට ඉඩ නොදිය යුතුයි.
    අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි.
    මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..
    යහපාලන රජයට කශේරුකාවක් :
    අවසානයට සඳහන් කල යුත්තේ යහපාලන රජයට මෙතෙක් නොතිබූ කශේරුකාවක් ඊයේ හම්බන්තොටදී නාවික හමුදාවෙන් ලැබුණු බවයි.. නීල කාස හොරු බළකායේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ නඩයට පාඩමක් කියා දීමට හම්බන්තොට තරම් ගැලපෙන වෙනත් තැනක් සොයා ගත නොහැකිය..
    තමන් මෙතෙක් රජ කල හම්බන්තොට වැල්ල දිගේ දෙපයට වැඳ වැඳ දුවන්නත් එහිම වැටී දුක කියා හඬා වැලපෙන්නටත් මෙතරම් ඉක්මණට සිදුවේයැයි ‘නාමල්ගේ කොල්ලෝ’ හිතන්නත් නැතිය.
    ඒත් උන් ඊයේ නයාට පහර ගසා පොල්ල වරද්දා ගත්හ. ඒ මෙහෙයුමට අණදුන් නාවික හමුදාවේ ඒ ‘සද්දන්ත රැවුල්කාරයාට’ මාගේ ආචාරය!
    (slguardian.org -කලාහිත විසිනි)






    Saturday, October 29, 2016

    conflict of interest 

    මෙයින් අදහස් කෙරෙනුයේ සිය පෞද්ගලීක කටයුතු,අදහස් හා මතවාද බාහිර අදහස් හා මතවාද හා නොගැලපීමයි. මෙය එක් නිර්වචනයක් පමනි.මෙයට නිශ්චිත සිංහල වදනක් නොමැත.මෑතකදී මෙවැනි අවස්ථාවන් 02 කට මාහට මුහුන දීමට සිදුවිය.ග්‍රාමීය හා අර්ධ නාගරීක ප්‍රදේශවල විවිධාකාර සමිති සමාගම් දැකිය හැක.අවමඟුල් සමිති,කාන්තා සමිති,සත්ව පාලන සමිති හා ගොවි සමිති ආදිය ඉන් සමහරකි.  
    උක්ත සමිති දෙකක මම සාමාජිකයෙක්මි. එක් සමිති රැස්වීමකට ගිය මා හට අසන්ට ලැබුනේ සමිතියේ පරමාර්තයන්ට වෙනස් යෝජනාවකි.එනම් නොවැම්බර් මාසය 'මළවුන්ගේ මාසය' හෙයින් , මාසය මුලදී කිසියම් ස්ථානයකට දානයක් දීම සඳහා ආධාර මුදලක් එකතු කිරීමයි.බෞද්ධයන් හා රෝමානු කතෝලික බහුතර සාමාජිකත්වයකින් යුතු සමිති සාමාජිකත්වය වෙතින් එයට අනුමැතිය පල වුනි. පසුව මා හට දැන ගැනීම ලැබුනේ නොවැම්බර් මාසය 'මවුන්ගේ මාසය" ලෙස රෝමානු කතෝලිකයන් විසින් සමරන බවය.එහෙත් ලංකාවේ  'වෙනත් ක්‍රිස්තියානිවරු' එවැන්නක්  සමරන්නේ නැත.
    ලංකාවේ  බෞද්ධයන් මළගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් දානේ දීම සුලබ කරුනකි.මේ දෙකොටසටම අයත් නොවන අයට මෙවැනි අවස්ථාවලදී conflict of interest වලට මුහුන දීමට සිදු වෙයි.
    මෙයට දීර්ඝ කාලීන විසඳුම වනුයේ ලංකාව අනාගමීක රටක් බවට පත් කිරීමයි.එවිට සෑම කාර්යයකටම ආගම ගාවා ගැනීම නතරවනු ඇත. එසේම සිවිල් සමාජය තුළ බේද ඇතිවීමද සිදු නොවනු ඇත. 

    ලංකාව අනාගමීක රටක් විය යුතුද?

                                                                                                                                                                                                                            *

    Thursday, September 1, 2016

    198, Anniversary Celebrations of the Negombo, Kurana Methodist believers Community of Sri Lanka, Year 2016---මීගමුව, කුරණ , මෙතෝදිස්ත සංඝයේ 198 වන සංවත්සර මංගල්‍යය 2016


    මීගමුව, කුරණ , මෙතෝදිස්ත සංඝයේ 198 වන සංවත්සර මංගල්‍යය 2016

    —198 Anniversary Celebrations of the Negombo, Kurana Methodist believers Community of Sri Lanka, Year 2016


    සැප්තැම්බර් 04 සවස 04 ට 
    ස්වාමීන් තුළ සැතපුනවුන් ගැන දෙවි සමිඳුන්ට ස්තුති දීමේ දේව මෙහෙය සුසාන භූමියේ පැවැත්වීමෙන් සාංවත්සර සතිය ඇරඹේ.


    2016 09.05 සිට 09 දක්වා සවස 7.00ට දේව මෙහෙයන් වාරයක්.
    දේව මෙහෙයන්, මෙහෙයවන දේව සේවකයන්, අනුපිළිවෙලින්
    නිරෝෂන් ප්‍රනාන්දු
    ඒඩ්‍රියන් ඩ්විට්සර්
    ඇඩල්ෆස්
    විරාජ් ද මැල්
    රමේෂ් ප්‍රනාන්දු

    2016.09.10 වන සෙනසුරාදා  දින සංවත්සරික  දේව මෙහෙය. 
    ශ්‍රී ලංකා මෙතෝදිස්ත මහ සමුළුවේ ගිහි උප සභාපති සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්
    න් අනතුරුව සාක්ෂි දැරීමේ පෙරහැර

    2016.09.11 සාංවත්සරික ස්තුතිදීමේ දේව මෙහෙය 
    ශ්‍රී ලංකා මෙතෝදිස්ත සමුළුවේ සභාපති , ආසිරි ප්‍රනාන්දු දෙව් ගැතිදුන්ගේ  සහභාගිත්වයෙන් යුතුව පැවැත් වේ.

    Thursday, August 25, 2016

    Investors this is for your Attention!!! Valuable low land in the Megapolis and Western Development Area of Sri Lanka.

    Valuable paddy field land, extent 3 roods in the Megapolis and Western Region Development  Area of the Western Province,Sri Lanka in Seeduwa.


    Suitable for erecting antenna dish towers, communication Antenna Towers  

    Inland fisheries farms

    Inland duckling farms

    Surrounding scenes are ideal for Hotel complex

    Ideal for erecting Bird watching towers

    Ideal for Sea plane landing


    Radar Dish, Radar, Earth Station

    IMG_7210.jpg

     


    Image result for images of sea plane landing in sri lanka
    contact no: 942256260 attention- Jayampathi 
    sms              94715885321
    email  jayampathi2001@gmail.com

    Thursday, August 4, 2016

    CEBEU 

    WHAT IS YOUR STAND ON THE

    USING OF SOLAR POWER TO

    GENERATE ELECTRICITY TO THE

    SRI LANKAN HOUSE HOLDS?



    ශ්‍රීලාංකීය ගෲහයන් සඳහා අවශ්‍ය විදුලි බල සැපයුම, සූර්ය බලය මඟින් ලබා ගැනීම ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද?


    Saturday, March 26, 2016

    කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය ETKA




    කුවේනි රැජිනගේ බියකරු පුරෝකථනය

                                                                          ETKA

    නැව් වලින් ගොඩ බට ආගමනිකයන් සියළු දෙනාගේම හිස අඩක් මුඩු කර තිබින.
    ඉන්දියානු අර්ධද්වීපයේ , ලාට රටෙහි ඔවුන් විසින් සිදු කරන ලද රාජ අපරාධ හේතුවෙන් මෙම පිරිස මෙසේ පිටිවහල් කරන ලද බව ඇයට පසක් විය.
    කුවේනි විලාප දෙන්නට වූවාය.!
    ඉන්දියානු ආක්‍රමනය ආරම්භ වුනෝ!
    අපේ කපු කඨින කර්මාන්තය විනාශ වෙනවෝ!
    අපගේ යක්ෂ නාග ගෝත්‍රිකයන්ගේ දේශීය වානිජ හා කර්මාන්ත විනාශ වෙනවෝ ! කියමින් ඇය පරල වෙමින් කෑමොර ගසන්නට වූවාය.
    මෙයින් නොනැවතුනු ඇය අනාගතය ගැන පුරෝකථනය කරමින් වැලපෙන්නට වූවාය!
    ‘ඉදිරියේදි කර්මාන්තයේ නිපුන වෘත්තිකය සූ සැට පිරිසක් එනවෝ!
    අපේ යක්ෂ නාගලන්තයේ දේශීය කර්මාන්ත පොලොවටම සමතලායි!
    සූ සැට වෘත්තිකයන් ආපසු ඉන්දියාවට යවපියෝ!
    ඇයට ඉනුත් ඔබ්බට අනාගතය දුටුවාය.
    ‘තව ශතවර්ෂ 15,17,18 කින් පමන සුදු ජාතිකයන් නැමැති පිරිසක් මෙරටට ආගමනය කරනවෝ.!
    මෝටර් කාර් කියල යන්ත්‍රයක් අපේ රටට හඳුන්වල දෙනවෝ!
    අපේ බර කරත්ත එලවන රියැදුරන්ගෙ රැකියාව නැතිවෙනවෝ!
    බර කරත්ත අභාවයට යනවෝ!
    මෝටර් කාර් යන්ත්‍ර වර්ජනය කරපියෝ!
    තව ඉදිරියේදි ඇඳුම් මසන ගාමන්ට ෆැක්ටරි කියලා දෙයක් එනවෝ !
    අපේ කපු කඨින නාග මානවිකාවන්ගෙ රැකියා නැතිවෙනවෝ!
    යක්ෂ නාගලන්තයේ දේශීය සංස්කෘතිය,වෙලඳාමට කන කොකා හඬනවෝ! අපේ දේශීය කර්මාන්ත බේරා ගනියෝ! කියමින් ඇය වැලපෙන්නට වූවාය.!



    About these ads
    Occasionally, some of your visitors may see an advertiseme



    Saturday, February 6, 2016

    Sri Lanka Sings Tamil Version Of National Anthem at the 68 independent day celebrations in Colomb04.02.2016


    ශ්‍රී ලංකාවේ සංහිඳියාවට නව තල්ලුවක්




    Road to the reconciliation in Sri Lanka begins.