Saturday, December 20, 2014

නත්තලේදී අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා හරක් මස් බිස්ටේක් සාදන ආකාරය

හරක් මස් බිස්ටේක් ශ්‍රී ලංකා ආරට සාදන ආකාරය



   
Shared with thanks from the You Tube
 අවශ්‍ය ද්‍රව්‍ය
හරක් මස් කි.ග්‍රෑම් 01
විනාකිරි කෝප්ප 01
කුරුඳු පොතු කැබලි 01 ( අඟල් 02 දිගැති )
මිරිස් කුඩු මේස හැන්දි  01
සුදු ළුනු බික් 03
ඉඟුරු
බොම්බයි ළුුනු ගෙඩි 06
අමු මිරිස් කරල් 10ක් පමන
ගම්මිරිස් කුඩු
ලුනු කුඩු
අබ මේස හැඳි 01
සීනි මේස හැඳි 01
පිසින තෙල් ස්වල්පයක්


පලමුව හරක් මස් තුනීයට කැබලි වනසේ කපා ගන්න. මස් බඳුනකට විනාකිරි දමා එයට ලුනු හා ගම්මිරිස් කුඩු .මස් මොලොක් වන තුරු එය පැයක් පමන තබන්න. ඉන්පසු ඒවා පිසින භාජනයකට දමන්න.වතුර කෝප්ප 1 1/2 ක් පමන දමන්න. ඉන් පසු මිනිත්තු 25 ක් පමන හොඳින් තම්බා ගන්න.ඉස්ම හිඳෙන තුරු පිසින්න.
 වෙනත් සාස්පානකට පිසින තෙල් මේස හඳි 02 පමන දමන්න කුරුඳු පොතු හා සුදු ළුණු,බොම්බයි ළුුණු හා ඉඟුරු දමා බැද ගන්න.ඒවා මිනිත්තුවක් පමන බැද ගන්න.අනතුරුව එයට අමු මිරිස් එකතු කරන්න.බොම්බයි ළුුණුද එකතු කරන්න.මිනිත්තුවක් පමන පිසින්න.

එයට මිරිස් කුඩුද එකතු කරන්න. මෙයට කලින් පිසින ලද මස් දමන්න.එය මිනිත්තු 03 ක් පමන පිසින්න.එයට සීනි ස්වල්පයක් හා අබ එකතු කරන්න.ලුනු කුඩු ස්වල්පයක් දමා මිනිත්තු 02 ක් පමන පිස ගන්න. දැන් රසවත් හරක් මස් බිස්ටේක් ආහාරයක් සූදානම්ය.

No comments:

Post a Comment