Saturday, December 13, 2014

කුලි රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට යෝජනාවලියක්





A Saudi Taxi


මඟී ආරක්ෂාව සඳහා ත්‍රී රෝද රථ ඇතුළු කුලී වාහාන රියදුරන්ට හැඳුනුම් පත් නිකුත් කිරීම කාලෝචිතය

සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නගරයේ මහ ජනයා බහුල වශයෙන් ගමන් කරනුයේ කුලී මෝටර් රථ හෙවත් ටැක්සි වලිනි.මෙම ටැක්සි වල විශේෂතවයක් වනුයේ රියැදුරාට හැඳුනුම් පතක් නිකුත් කර තිබීමයි.එය
සෑම විටකම බෙල්ල වටේ පැළඳ සිටිය යුතුය.ඔහු පිළිබඳව සියළුම තොරතුරු එහි අඩංගු වේ.
මගීන්ගේ අරක්ශාව සඳහා යොදා ඇති ආරක්ශක පියවරක් වනුයේ ජෙඩා නග
යෙන්  පිටවන සෑම වාහනයක්ම පොලිසිය විසින් දැඩි ලෙස නිරීක්ෂනය කිරීමයි.

මා මෙම විස්තර සඳහන් කලේ මෙ රටේ ක්‍රියාත්ම්කව්න ත්‍රී
රෝද අතුළු කුලී රථ අධීක්ෂනය කිරීම සඳහා මෙතෙක් අදිකාරියක් පත් නොකිරීමේ ආදීනව පෙන්වා දීමටය.මෙය ඒවායේ ගමන් කරන මඟීන්ගේ ආරක්ශාවට දැඩි තර්ජනයකි.

කුලී රථ සේවාවේ යෙදෙන සෑම ත්‍රී
රෝද කම විස්තර දත්ත ගබඩාවක එක් රැස් කල යුතුය.වර්තමාන තත්ත්වය අනුව ඕනෑම පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයක මගීන් ගෙන යාහැකි අතර එහි ආන්තික ප්‍රතිපලය ගැන කිසිවකුටත් වගකීමක් නොමත.
මෑතකදී මිගමුව ආසන්න නගරයකදී පුද්ගලයකු ත්‍රී රෝද රථයකට නංවාගෙන ගොස් ඇති අතර පසුව පාලු ප්‍රදේශයකදී අත්හැර දමා ගොස් තිබියදී හමු විය.
මෙවැනි අනතුරුව්ලට මඟීන්ට මුහුනදීමට සිදුවනුයේ ත්‍රීරෝද ඇතුළු කුලී රථ නියාමනය කිරීම සඳහා මෙතෙක් කවරාකාර හෝ අධිකාරියක් ස්ථාපනය කර නොමැති බැවිනි.

වගකිව යුත්තන්ට ජෙඩා නගරයේ කුලී රථ නියාම්නය වන ආකාරය පිළිබඳව විස්තරාත්මක වර්තාවක් එහි සිටින ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගෙන් කඳවිය හැකි අතර ඉන්පසු මෙරටට ගැලපෙන ආකාරයට ඒවා යොදා ගත හැකිය.

සාරංශය
සියළුම ත්‍රී රෝද රථ හා වෙනත් කුලී රථ රියදුරන් වහාම ලියා පදිංචි කර ඔවුන්ට හැඳුනුම් පත් නිකුත් කල යුතුය.

එම හැඳුනුම පත සැම විටකම රියදුරා විසින් පැළඳ සිටිය යුතුය.එහි සියළුම විස්තර අඩංගු විය යුතුය.

මෙම විධිවිධාන වෙනත් කුලී රථ සඳහාද අදාල විය යුතුය.

No comments:

Post a Comment