Saturday, May 9, 2015

ඔවුන්ගේ නහරයෙහි දුවන්නේ අපගේම රුධිරයයි! ගෝත්‍රිකවාදීන්ට ඉඩ නොදෙව්!!

ඔවුන්ගේ නහරවල  දුවන්නේ අපගේම රුධිරයයි! ගෝත්‍රිකවාදීන්ට ඉඩ නොදෙව්!!

විල්පත්තු අභය භූමිය ආසන්නයේ ඉඩම්, අවතැන්වූ ඉස්ලාම් ආගමීක ශ්‍රී ලාංකීක  පුරවැසියන්ට හිසට සෙවනක් ලබා දීම සඳහා බෙදා දීම අරබයා , මේ දිනවල ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මතවාදයක් ගොඩ නැංවීමට දැවැන්ත උත්සාහයක් දරනු ලැබේ.

මෙම ඉඩම් ලාභීන් කවරහුද?ඔවුන් ශ්‍රී ලාංකීකයන්ය.එපමනක්ද? නැත, ඔවුන්ගේ පියවරුන්ගේ පියවරුන්ගේ පියවරු අරාබියේ සිට මෙරටට සංක්‍රමනය වූවෝ වෙති.

මෙම ආදි අරාබි පියවරු බිරියන් මෙරටට කැන්දා ගෙන ආවේ නැත.ඔවුන් මෙරට කුල කතුන් හා සරන බන්දනයෙහි යෙදුනාහ.එසේ ඔවුන් විවාහ කර ගත්තේ සිංහල හා දමිළ යුවතියන්වය.ඔවුන්ගේ නහරවල දුවන්නේ සිංහල,දමිළ අපේම රුධිරයයි.හිටපු විදේශ කටයුතු ඇමති හමීඩ් මහතාගේ ආසනයේ පදින්චි ශ්‍රී ලංකීක මුස්ලිම්/මරක්කල සමහරුන්ගේ වර්ග නාමයන්  හෙවත් 'ගේ' නාමයන් අමු සිංහලය!මේ ලේඛකයා එවැනි එක් අයෙකුගේ හැඳුනුම් පතක 'කොස්ගහ ගෙදර' වශයෙන් 'ගේ' නම තිබෙනු දුටුවේය.

ඔවුන් සිංහලයන්ය, ශ්‍රී ලාංකීකයන්ය.
සිංහල ජාතිය ,ජාතීන් විශාල ගනනාවකගේ සම්මිශ්‍රනයෙන් නිර්මිතවූ බවට ඉතිහාසය සාක්ෂි දෙයි.

ඔවුන්  ශ්‍රී ලාංකීකයන්ය.ආගම වෙනස්වූවාට ඔවුන් සිංහලයන්ය, ශ්‍රී ලාංකීකයන්ය.!!

මෙම ගෝත්‍රිකවාදීන් විසින් නඟන ප්‍රධාන තර්කය නම් ඔවුන් 'ඝන කළෑ' එළි කර මිනිසුන් පදිංචි කරවන බවයි.ඇයි හත්වළාමේ, මහා මාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ගොවි ජනපද ව්‍යාපාර ඇරඹීමේදී එළි පෙහෙලි කළේ ඝන කැළෑ නොවේද? අද රටට බත සපයන්නේ ඔවුන් නොවේද? ඇයි මෙම කරුණු ගෝත්‍රිකවාදීන්ට නොපෙණෙනුයේ?


අප විසින් රැකිය යුත්තේ සතුන්ද? එසේත් නැතිනම් මිනිසුන්ද?

No comments:

Post a Comment