Sunday, November 30, 2014

නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the (second coming ) return of Christ to establish a new world order

නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the (second coming ) return of Christ to establish a new world order

 *නත්තල යනු වෙළඳ ප්‍රජාව විසින් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රි.ව.07 ශත වර්ෂයේ පමන විසූ නත්තල් සීයා හෙවත් නිකොලස් නැමැති කිතුනු දේවගැතිවරයා සැමරීම නොවේ!

 *නත්තලේදී සිහිපත් කළ යුතු වැදගත්ම සාධකය වනුයේ ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරාගමනයයි හෙවත් දෙවන පැමිනීමයි!
මෙය ප්‍රධාන කිතුනු සංඝයන්  විසින් අමතක කර දමා ඇත.!!

*1973දී ඊශ්‍රායෙල්වරුන් හා අරාබිවරුන් අතර න්‍යෂ්ඨික යුද්ධයක් ඇරඹීම නූලෙන් වැලකී ගියා!

  *'පලස්තීනය' යන නම භාවිතයට පැමිනි ආකාරය ඔබ දන්නවාද?

  *'පලස්තීනය' යන්න අළුත් ගිවිසුමේ සඳහන් නොවන බව ඔබ දන්නවාද?

 *ධර්මවක්තෲ  එසකියෙල් 37 පරි: සඳහන්වන Valley of dry bones යන්නෙන් අදහස් කරනුයේ මුළු ඊශ්‍රායෙල් වංශයය.
Replacement Theology වාදීන් විසින් සඳහන් කරනු ලබන ලෙස ක්‍රිස්තියානි හෝ රෝමානු කතෝලික හෝ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි සංඝයන් නම්  නොවේ.

 ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරගමනයට අදාල දිවැසාවලිය එකිනෙක ගෙන සකච්ඡා කිරීම මෙම බ්ලොගයේ අරමුනයි

Left to right, Israeli generals Uzi Narkiss, Moshe Dayan and Yitzhak Rabin entering Jerusalem in June 1967

01.Moshe Dayan (M), Chief of Staff Rabin (R) walking through the Old City’s Lion’s Gate (Archives: GPO). 
1967 සය දින යුධ ජයග්‍රනයෙන් පසුව මෝෂේ දයාන්, යිට්සාක් රැබින් ඇතුළු ඊශ්‍රායෙල් හමුදා ජෙනරාල්වරුන් තිදෙනා සිංහ දොරටුවෙන් යෙරුසලමේ නැගෙනහිර කොටසට ජයග්‍රාහිකව ඇතුළු වෙයි. රෝමානු හමුදා ජනරාල් ටයිටස් විසින් යෙරුසලම, එහිවූ ශුද්ධ දෙව් මැඳුර හා යුදා දේශය මුළුමනින්ම විනාශ කොට වසර 2000 ක්ට පසුවය ඔවුන් මෙසේ ඇතුළුවූයේ. මෙය ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරගමනයට අදාල දිවැසාවලිය සම්පූර්න කිරීමකි.

Paratroopers Israeli paratroopers at the Western Wall

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

         පැරනි ශුද්ධ දේව මාලිගා පරිශ්‍රයෙන්   ශේෂවී ඇති කොටස

On June 7, 1967, IDF paratroopers advanced through the Old City toward the Temple Mount and the Western Wall, bringing Jerusalem’s holiest site under Jewish control for the first time in 2000 years.

 There are sound recordings of the scene, as the commander of the brigade,Lt. General Mordechai (Motta) Gur, approaches the Old City and announces to his company commanders, “We’re sitting right now on the ridge and we’re seeing the Old City. Shortly we’re going to go in to the Old City of Jerusalem, that all generations have dreamed about. We will be the first to enter the Old City…” and shortly afterwards, “The Temple Mount is in our hands! I repeat, the Temple Mount is in our hands!” General Rabbi Shlomo Goren, chief chaplain of the IDF, sounded the Shofar at the Western Wall to signify its liberation. To Israelis and Jews all over the world, this was a joyous and momentous occasion. Many considered it a gift from God.

02. 1967 සය දින යුද්ධයේදී පැරනි ශුද්ධ දෙව් මැඳුරු පරිශ්‍රය පිහිටා තිබූ භූමි භාගය අත්පත් කර ගැනීමෙන් පසුව ඊශ්‍රායෙල් පැරචුට් භටයෝ යාඤා කරති. ඔවුන්ට මෙසේ කිරීමට හැකිවූයේ වසර 2000 කට පසුවය. මෙය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම ආසන්න බවට ලකුනකි.

03. නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the return of Christ to establish a new world order නත්තල යන්නේ අර්ථය ආගමනය යන්නයි.

04. දෙවිඳුන්ගේ තෝරාගත් ජනතාව වන යුදා/ඊශ්‍රායෙල් ජන වර්ගය තුලින් මිනිසාව පාපයෙන් මුදා ගැනීම සඳහා මෙයට වසර 2000 කට පමන පෙර ඊශ්‍රායෙලයේ යුදා දේශයේ ගැළවුම් කරුවෙකු බිහිවීම නත්තල ලෙස සැමරේ. කෙසේ වතුදු කිතු උපත සිදුවූයේ දෙසැම්බර 25 වෙනි දින මැදියම් රැයේ දී නොවේ.දෙසැම්බර් 25 දිනය සම්මත කරන ලද්දේ 3 වන ශත වර්ශයේදී රෝමානු කතෝලික සභා නායකයන් විසිනි.වැදගත් වන්නේ උපත මිස දිනය නොවේ.

බයිබලීය දිවැසාවලියට අනුව මිනිස් වර්ගයාව පාපයෙන් මුදා ගැනීම සඳහා නිසැකවම ගැලවුම්කරුවෙකු වර්තමාන භූගෝලීය ඊශ්‍රායෙල් දේශයේ බෙත්ලෙහෙමේ උපත ලද යුතු විය.ඒ බව යුගයෙන් යුගයට දිවැසිවරුන්/ධර්මවක්තෲ වරුන් විසින් අනාවැකි පල කර තිබින. අවසන් විනිශ්චය හා දහස් වසරක පාලනය සඳහා ක්‍රිස්තුස් වහන්සේ නැවත මෙලොවට වඩින සේක්මය.වසර දහස් ගණනාවක් තුළ දැනටමත් සම්පූර්නවී ඇති දිවැසාවලි සම්පූර්න වූවාසේම පුනරාගමනයට අදාල දිවැසාවලියද ඉටුවීම නියත බව මෙහිදී සංවාදයට යොමු කෙරේ.

ක්‍රිස්තුස් සමිඳුන්ගේ දෙවන පැමිනීමට අදාලව දැනටමත් ඉටුවී ඇති හා ඉදිරියේදී ඉටුවීමට ඇති අනාවැකි

05. යෙරුසලම් ශුද්ධ නගරය තුළ පිහිටා තිබුනු වසර 1000 ගනනක් පැරනි  දෙව් මැඳුරේ විනාශය.
06. ක්‍රි.ව 70  ඉශ්‍රායෙල්/යුදා ජනතාව පොලොවේ සතර දිසාවට විසුරුවා දැමීම.අවස්ථා කිහිපයකදී සිදු විය.
07. ක්‍රි.පූ. 726  දී ඊශ්‍රායෙල් දේශයේ හොශේයා රජ හා ඊශ්‍රායෙල් වැසියන්ව ඇසිරියානු 1V වන ෂල්මනෙසර් රජු විසින් ඇසිරියාවට විප්‍රවාසයට රැගෙන යාම
08. ක්‍රි.පූ. 597 දී යුද දේශයේ රජුවූ යෙහෝයාඛීන් හා   රට වැසියන් බබිලෝනියාවේ විප්‍රවාසයට රැගෙන යෑම.
09.  ක්‍රි.පූ. 586 දී දෙවන වරටත් යුදාවරුන් විප්‍රවාසයට රැගෙන යෑම හා යෙරුසලමේ ශුද්ධ දේව මන්දීරය විනාශ කිරීම
10. ක්‍රි.ව.70 දී හා 133 දී රෝමානු ජාතික ටයිටස් සෙනෙවියා හා හාඩ්‍රියන් අධිරාජයා විසින් යුදා ජනතාව සිය මවු බිමෙන් ( යුදා දේශයෙන් හා ඊශ්‍රායෙල් දේශයෙන් ) පලවා හැරීම.

11. යුදා/ඊශ්‍රායෙල් ජනතාව ඊශ්‍රායෙල් දේශය තුළ 1948 ජූනි 06 දින පූර්න ස්වාධීන ජන රජයක් පිහිටුවීම නිසා එසකියෙල් 36 පරි.සඳහන් දිවැසාවලිය/අනාවැකිය වසර 2000 කට පමන පසු ඉටු විය.

12. සමහර රෙප්‍රමාදු ක්‍රිස්තියානි හා රෝමානු  කතෝලික ප්‍රජාව අයත් වන සභාවන් ප්‍රතිස්ථාපිත දේව ධර්මයක්  Replacement Theology දේශනා කරති.මෙයින් කියවෙන්නේ කිතුනු සාසනය විසින් යුදෙව් සාසනය Christian Church Replace Judaism ! ප්‍රතිස්ථාපනය කරනු ලැබූ බවය.මේ අනුව 1948දී යුදෙව් ජනතාව විසින් ඊශ්‍රායෙල් දේශය නැවත ස්ථාපනය කිරීම හා යෙරුසලම මුදා ගැනීම ඔවුන් හඳුන්වන්නේ “අල්ලා ගත් ප්‍රදේශ ලෙසය”! මෙම මත වාදය 100% ක්ම ශුද්ධ ලියවිල්ලට පටහැනි වෙයි.
13.  යුධ සංග්‍රාම නිරතුරුවම සිදුවීම- අනාගත දිනෙක සිදු වනු ඇත.
14. ටෙම්පල් මවුන්ට් හී පිහිටි සොලමන් හා හෙරෝද්ගේ දෙව් මැඳුරු ලෙස ප්‍රසිද්ධව තිබූ  දෙව් මැඳුරුවල ශේෂවී ඇති අත්තිවාරම මතම ශුද්ධ දෙව් මැඳුර Holy Temple ගොඩ නැඟීම-අනාගත දිනෙක සිදු වනු ඇත.
15. අවසන් විනිශ්චය සඳහා ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරාගමනය-ක්‍රියා 1:11
16. දහස් වසරක ක්‍රිස්තුස් සමිඳුන්ගේ පාලනය හා සාතන්ව බැඳ තැබීම- එලිදරව් 20 පරි.
17. ගොග් සහ මාගොග් යන බයිබලීය සංඛේතයෙන් හඳුන්වනු ලබන ජාතීන් විසින් ඊශ්‍රායෙල් දේශය  ආක්‍රමනය කිරීම -එලිදරව් 20:07 සහ එසකියෙල් 38 පරි.- අනාගත දිනෙක සිදු වනු ඇත. 

18. ක්‍රි.ව. 33 දී පමන වරක් ක්‍රිස්තුස් සමිඳුන් හා ගෝලයන් අතර යෙරුසලම් ශුද්ධ දෙව්මැඳුරේ අසමසම ශ්‍රී විභූතිය අරබයා ඇතිවූ සංවාදයක් බයිබලයෙහි වාර්තා කොට ඇත.
 ‘ආචාරිනි බලනු මැනවි,කොයි ආකාර ගල්ද,කොයි ආකාර ගොඩනැඟිලිද! කියා උන්වහන්සේට කීයේය.යේසුස් වහන්සේ ඔහුට කථා කොට: නුඹ මේ මහත් ගොඩනැඟිලි දකින්නෙහිද?ගලක් පිට ගලක් ඉතිරි නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. තවද පාළු කරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා….’ මාක් 13 පරි. 

  ‘එහෙත් යම් කලෙක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද එකල එහි විනාශය ආසන්න බව දැන ගන්න.එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායත්වා;ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා. මක්නිසාද ලියන ලද සියල්ල ( දිවැසාවලිය ) සම්පූර්ණවන පිණිස ඒ දවස් පලි ගැනීමේ දවස් වන්නේය.ඒ දවස්වලදී ගර්භණීන්ටත් කිරි දෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේඳනාද මේ සෙනඟ කෙරෙහි මහත් උදහසද වන්නේය.ඔවුහූ කඩු මුවහතින් වැටෙන්නෝය.සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය.අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණවනතෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නේය.ලූක් 21:-28

z
Josephus, the Jewish historian embedded with the Roman Army is our authoritative source of information here. He reported that the Roman General Titus and soldiers loyal to him stood in the way and tried to prevent the raging mob from rushing in and setting fire to the Temple. This old lithograph is taken from Volume III of ‘Ridpath’s History of the World’ published in 1910.

රෝමානු ජනරාල් ටයිටස් හා ඔහුගේ පාක්ෂික හමුදා භටයින්, ප්‍රචන්ඩකාරි ලෙස හැසිරුනු හමුදාංක විසින් යෙරුසලම් මහ දෙව් මැඳුර විනාශ කිරීමෙන් වලක්වා ගැනීමට තැත් කල අයුරු

19. ක්‍රිස්තුස් වහන්සේ විසින් වදාල පරිදිම ක්‍රි.ව.70 සිට 133 දක්වා රෝමානු අධිරාජ්‍ය හමුදා හා කැරලිකාර යුදෙව් හමුදා අතර පැවති අනවරත යුද ගැටුම් වලින් අකුරටම ඉටු විය.මෙම සටන් වලින් යුදෙව්වන්  850,000 ක් පමණ ඝාතනය වූ බව යොසිපස් නැමැති ඉතිහාසඥයා හා සම කාලින වාර්තා දක්වයි.


20. ක්‍රිස්තුස් සමිඳුන් විසින් සඳහන් කරන ලද ‘පාළු කරන පිළිකුල.’ Abomination of desolation යනු කුමක්ද?


සමහර බයිබලීය අටුවාචාරීන්ට අනුව රෝමානු අධිරාජ්‍ය හමුදා විසින් යෙරුසලම් මහ දෙව් මැදුරේ අති ශුද්ධස්ථානය මත රෝම කොඩිය එසවීම මෙයින් මුර්තිමත් වෙයි. එහෙත් අවසන් සටනේදී දෙව් මැදුරු සංකීර්නය මුළුමනින්ම දැවී අළුවී ගියේය. එහෙයින් රෝම දජය එසවීමට කිසිවක් ඉතිරිව නොතිබින.


දෙවෙනි මතය වන්නේ රෝම හමුදා යෙරුසලම් ශුද්ධ නගරයට ප්‍රවිෂ්ඨවීමම පිළිකුලක් වන බවය.


අන් මතයකින් කියවෙන්නේ පසු කාලීනව එහි අති ශුද්ධස්ථානයේ අඩි තාලම මත ගොඩ නැඟුනු ඕමාර්ගේ මහමදික පල්ලිය හෙවත් ඩෝම් ඔෆ් රොක් Dome of rock  බවය.

තවද මතයකින් කියවෙන්නේ අනාගත දිනෙක පැරනි දෙව් මැඳුරේ අඩිතාලම මත ඉදි කෙරෙන 03 වන දෙව් මැඳුරේ අති ශුද්ධස්ථානය කෙලෙසීම මෙයින් මුර්තිමත් වන බවය. 

21.   වර්ෂ 1967 සය දින යුද්ධයෙන් පසුව ඊශ්‍රායෙල් හමුදා පැරනි දෙව් මැඳුර පිහිටා තිබූ ප්‍රදේශය වන නැගෙනහිර යෙරුසලම අල්ලා ගත්තේය.දැනට මෙම දෙව් මැඳුරෙන් ඉතිරිව ඇත්තේ හෙරෝද් නැමති යුදෙව් නරපතියා විසින්  එය වටා ඉඳිකර තිබූ පවුරෙන්  කොටසක් පමනි.යුදෙව්වන් මෙහිදී සිය අතීත ශ්‍රී විභූතිය සිහි කර වැලපෙන බැවින් එය වැළපෙන පවුර  wailing wall ලෙස හැඳින්වෙයි.

22. 'පලස්තීනය' යන නම භාවිතයට පැමිනි ආකාරය

යුදා දේශය පලස්තීනය ලෙස නම් කිරීම Judea rename as Palestine


යුදා  දේශය අත්පත් කර ගත් රෝමානු අධිරාජ්‍ය පාලකයෝ යුදා දේශය පලස්තීනය ලෙසත්,යෙරුසලම ඇලියා කැපිටොලිනා  Aliya Capitoliya  ලෙසත් ක්‍රි ව. 133දී නම් වෙනස් කරනු ලැබීය.

23. එසකියෙල් හා ආමොස් වැනි ධර්මවක්තෲන් විසින් පවසන ලද දිවැසාවලිය,ඊශ්‍රායෙල් දේශය 1948දී ඊශ්‍රායෙලයෙල් දේශය  පිහිටුවීම නිසා සම්පූර්න විය.එම දිවැසාවලිය පහතින් දක්වා ඇත.

24.ඊශ්‍රායෙල් ජනතාව නැවතත් ඊශ්‍රායෙල් දේශය තුල ස්වාධිපත්‍ය පිහිටුවීම ක්‍රි.ව. 66 සිට 1948වන තුරු යුදෙව්වන්ට ස්වාධීන රාජ‍යයක් නොතිබින.යුදා/ඊශ්‍රායෙල් ජනතාව සිය මවු බිමේ ස්ථාපිත කිරීම, දිවැසාවලියේ මෙසේ දක්වා ඇත.


25. ඊශ්‍රායෙල් ප්‍රානවත් කර එක රජෙකු යටතේ එක්සත් කිරීම “සමිඳානන්ගේ අත මා පිටට පැමින,සමිඳානන්ගේ ආත්මය මා පිටතට පමුණුවා, සමභූමිය මැද සිටෙව්වේය; ඒක ඇට වලින් පිරී තිබුනේය;උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සලැස්වූ සේක.එවිට සමභූමිය මතුපිට ඒවා බහුලව තිබෙනවා දුටිමි;ඒවා හොඳටම වියළී තිබුනේය.


එවිට උන්වහන්සේ මනුෂ‍යපුත්‍රය , මේ ඇට ජීව්ත්වේදැයි මාගෙන් ඇසූසේක.මමද:ස්වාමිවූ දෙවියන්වහන්ස එය දන්නේ ඔබයයි උත්තර දුනිමි.උන්වහන්සේ නැවත මට කථා කොට ;නුඹ් මේ ඇට කෙරෙහි දිවැස්වැකි කියමින්


ඒවාට මෙසේ කියන්න-වියළි ඇට ,සමිඳානන්ගේ වචනය අසන්න.මේ ඇට වලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක; මෙන්න,නුඹලා ජීවත්වන ලෙස මම නුඹලා තුළට ආත්මය පමුණුවන්නෙමි.මම නුඹලා පිට නහර තබා,නුඹලා කෙරෙහි මාංස හට ගන්වා,නුබලා සමින් වසා,නුඹලා ජීවත්වන ලෙස නුඹලා තුළ ආත්මය තබන්නෙමි;නුඹලා මා සමිඳානන් බව දැන ගන්නවා ඇත කියා කියන්න්නැයි කීය. එවිට මට අණ කල ලෙස මම දිවැස් වැකි කීමි.


මා දිවැස්වැකි කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය.එක එක ඇටය ස්වකීය ඇට වලට ළංවිය,මම බැලූ විට නහර ඒපිට තිබෙනවා දුටිමි,මංසය හටගැනී,ඒ උඩ සමින් වැසුනේය.නුමුත් ඒ තුළ ආත්මයක් නොවීය.එවිට උන්වහන්සේ මට කථා කොට :නුඹ සුළඟට කථා කොට -ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක:එම්බා ආත්මය,නුඹ සතර දිග සුළං වලින් ඇවිත් මැරුම්කෑවාවු මොවුන් ජීවත් වන ලෙස මොවුන් තුළට හුස්ම හෙළන්න කියා කියන්නැයි මට කීය.මමද උන්වහන්සේ මට අන කළ ලෙස දිවැසි වැකි කීවෙමි.ආත්මයද මොවුන් තුළට පැමිණ , ඕවූහූ ජීවත්වී නැගිට,ඉතා මහත් සේනාවක්ව සිට ගත්තෝය.


එවිට උන්වහන්සේ මට කථා කොට :මනුෂ‍ය පුත්‍රය,මේ ඇට නම්   මුළු ඊශ්‍රායෙල් වංශයය. ( Replacement Theology වාදීන් විසින් සඳහන් කරනු ලබන ලෙස ක්‍රිස්තියානි හෝ රෝමානු කතෝලික හෝ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි සංඝයන් නම්  නොවේ )අපේ ඇට  වියළී අපේ බලාපොරොත්තු සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඕවුහූ කියති.එබැවින් නුඹ   ඇට වලට   දිවැස් වැකි කියම්න් : ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියන සේකැයි කියන්න-මාගේ සෙනඟෙනි, මම නුඹලාගේ සොහොන් විවරකොට නුඹලාගේ සොහොන් කොත් වලින් නුඹලා නැගිටුවා, නුඹලා ඊශ්‍රායෙල් රටට පමුනුවන්නෙමි.එම්බා මාගේ සෙනඟෙනි,මා විසින් නුබලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් කොත් වලින් නුඹලා නගිටෙවුවාම,මා සමිඳානන්වහන්සේ බව නුඹලා දැන ගන්නවා ඇත.නුබලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුළ මාගේ ආත්මය තබා,නුබලාගේ රටේ නුඹලා හිටුවන්නෙමි”.එසකියෙල් 37 පරි. පහත උපුටනයන්ද බලන්න.


"මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි…”යෙරමියා 30 පරි. වැටී තිබෙන දාවිත්ගේ මණ්ඩපය ඒ කාලයේදී පිහිටුවා එහි කපොලු අහුරා දමා තිබෙන දේද පිහිටුවා පුරානයේ දවස්වල මෙන් ඒක ගොඩ නනගනෙමියි මෙය කරන සමිඳානන්වහන්සේ කියන සේක. කඳු මිහිරි වැසි වස්වන්නේය. සෑම හෙල් දිය වන්නේ යයි සමිඳානන් වහන්සේ කියන සේක.ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩ නඟා එහි වාසය කරනවා ඇත.මිදි වතු වවා ඒවායේ මුද්‍රීක පානය බොනවා ඇත.වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.ඔවුන්ට දී තිබෙන දේශයෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නතැයි නුඹේ දෙවිවූ සමිඳානන් වහන්සේ කියන සේක.ආමොස් 9:11-15


26. ඊශ්‍රාරායෙල් ජනතාව කානාන් දේශය තුළ 1948 දී ස්වාධීන ජන රජයක් පිහිටුවීමෙන් මෙම  දිවැස්වැකි යම් තාක් දුරට සම්පූර්න විය.


27. යෙරුසලමේ ඉපැරනි දේව මන්දීරය නැවත ගොඩ නැගීම


28. ක්‍රි.පූ. 954 දී සොලමන් නරපතියා විසින් ඉදි කරන ලද දේව මන්දීරය වරින් වර විනාශ කරනු ලැබීය.එහෙත් එය යලිදු ගොඩ නැංවීම නියත බව ශුද්ධ ලියවිල්ලේ දැක්වේ.එහෙත් එවැනි ප්‍රායාමයක අවසන් ප්‍රතිඵලය වනුයේ බිහිසුනු සංග්‍රාමයක් ඇතිවීමයි.


29. New world order will be established when ,Christ returns to this planet


ලෝක සැකැස්ම නැවත සකස් කිරීම හා 1000 වසරක පාලනය සඳහාත් ක්‍රිස්තුස් සමිඳුන් නැවත මෙලොවට පැමිනෙන බව ශුද්ධ ලියවිල්ලේ දක්වා ඇති බැවින් ඒ පිළිබඳවද කරුනු දැක්විය යුතුව ඇත. යාවේ දෙවිඳුන්ගේ දෙව් මඳුර නැවත ගොඩ නැගීම.මෙම දෙව මන්දීරය ගොඩනැංවීමේ ප්‍රථම පියවර විය යුත්තේ යුදාගමික පුජකයන් පුහුනු කරන ආයාතනයක් ඇරඹීමය.


30.. මන්ද යත් ක්‍රි.ව. 70 දී පමන මෙම දෙව් මැඳුර විනාශ වීමත් සමගම යුද/ඊශ්‍රායෙල් පූජක පෙලපතේද අවසානයද  සටහන් වූ බැවිනි.හිර්ෂ හ කොහේන් නැමැති රබ්බිවරයා (යුදාගමීක ධර්මාචාර්ය වරයෙකි) යෙහීවා ඇවෝඩාස් හකෝඩෙශ්  Yehiva Avodas Hakodesh   නැමැති යුදාගමික සෙමනේරිය 1970දී යෙරුසලමේදී පිහිටවිය.ලෙවීගේ ගෝත්‍රයට අයත් බව ඔප්පු කල හැකි තරුන ඊශ්‍රායලිතයන් පමනක් මෙයට අතුළත් කර ගනු ලැබේ. මෙය යෙරුසලමේ මෙයා ෂෙයරිම් Mea Shearim  නැමැති දැඩි ආගමික ප්‍රදේශයේ  පිහිටා ඇත.

31. ටෙම්පල් ඉන්ස්ටිටියුට් නැමැති ආයාතනය මඟින් දේවමාලිගාවේ මෙහෙයන්වලට අවශ්‍ය සියළුම උපකරන හා පූජක අඳුම්ද නිර්මානය කර ඇත.මෙනෝරා නැමැති කරු 07 රන් පහන් රුක Menorah තනි රත්තරනින් නිමවා ඇත.මහා පූජකයාගේ නිල සාටකයද දැනටමත් සාදා අවසන්ය.


32. බයිබලීය දිවැසි වැකි වලට අනුව ඊශ්‍රායෙල් හෙවත් යුදෙව්වන් විසින් මොරියා කන්ද මතුයේ ඉපැරනි අඩිතාලම මත 03 වන දෙව් මැඳුර ගොඩ නඟනවා ඇත.ඉන් අනතුරුව මෙසියස් (ආලේප ලත් තැනැත්තා )පැමිනෙනු ඇත. 

  “සමිඳානන් වහන්සේ මුළු පොලොව කෙරෙහි රජකම් කරනවා ඇත.ඒ කාලයේ සමිඳානන් පමනක්ම දෙවිව සිටිනවා ඇත.උන්වහන්සේගේ නාමය පමනක්ම පවතින්නේය.”සෙකරියා 14:09 එහෙත්  වඩාත් වැදගත් වනුයේ මිනිසා විසින් ගොඩ නඟනු ලබන දෙව්මැඳුරට අමතරව සමිඳානන් විසින්ද තවත් දෙව් මැඳුරක් ගොඩ නගනු ලැබීමයි.එසකියෙල් 40-47 පරි. බලන්න.


33." තවද ඔහු නැගෙනහිර දෙසට තිබුනු දොරටුව ලඟට මාගෙන ගියේය.එවිට ඊශ්‍රායෙල්ගේ තේජස නැගෙනහිර දිසාවෙන් එනවා දුටිමි.උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ගෝෂාවක ශබ්දය මෙන් විය.පොලොවද උන්වහන්සේගේ තේජසින් බැබලුනේය.මා දුටු පෙනීම නම් නුවර විනාශ කරන්නට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය.ඒ දර්ශනයද කේබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට ආත්මය මා ඔසවාගෙන අතුළු මළුවට මා පැමිනෙව්වේය.ගෘහය සමිඳානන්ගේ තේජසින් පිරී තිබෙන බව මම දුටුවෙමි.කෙනෙක් ගෲහයේ සිට මට කථා කරනවා මට ඇසුනේය.මනුෂ්‍යයෙක්ද මා ළඟ සිටියේය. උන්වහන්සේ මට කථා කොට මනුෂ‍ය පුත්‍රය මෙය, මාගේ සිංහාසනයේ ස්ථානය හා මාගේ පාද පතුල්වූ ස්ථානයත්ය.මම මෙහි ඊශ්‍රායෙල් පුත්‍රයන් අතර සදාකාලයටම වාසය කරන්නෙමි.මාගේ ශුද්ධ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය. මෙම දෙව් මැඳුර දෙවි සමිඳුන් විසින් ඉදි කරනු ඇත.එයින් ජීවන දිය දහර ගලා යනු ඇත. එසකියෙල් 43:01-12  

යාවේ දෙවිඳුන්ගේ දෙව් මැඳුර තෙවෙනි වරට ඉදි කිරීම


34. ඉහත සඳහන් කල පරිදි ක්‍රි.ව. 70දී රෝම හමුදා විසින් විනාශ කර දැමීමෙන් පසු වර්තමානය දක්වාම ( වසර 2000 පමන ගත වීත් )නැවත ගොඩ නැඟීමක් සිදු නොවීය.වර්ෂ 692 දී සිරියාවේ උමයාඩ් කාලිෆ් පෙලපතේ අබ්ඩ්-අල්-මලීක් Calih Abd-al-Malik of Umayyad dynasty  නැමැති කාලිෆ් වරයා ,ශතවර්ෂාධික පැරනි යුදෙව් ශුද්ධ දේව මන්දීර පරිශ්‍රයේ භූමි භාගය තුළ හෝ ඒ ආශ්‍රිතව  ඕමාර්ගේ පල්ලිය  mosque of Omar නමැති   මහමදික පල්ලිය ගොඩනැඟීය.


35. යෙරුසලමට අරාබි හා ඊශ්‍රායෙල්වරුන්  මෙතරම් ඓතිවාසිකම් කියන්නේ මන්ද යන්න බොහෝ දෙනෙකුට තේරුම් ගැනීම අපහසුය.මැද පෙරදිග අරාබි ඊශ්‍රායෙල් ගැටුමේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මෙම ඉපැරනි දෙව් මැඳුර පිහිටා තිබු බිම්කඩයි.

36.1967 සය දින යුද්ධයෙන් ඊශ්‍රායෙල් හමුදා යොර්දාන් හමුදා පලවා හැර යාවේ දෙවිඳුන්ගේ පැරනි දෙව් මැඳුර පිහිටා තිබූ ප්‍රදේශය අල්ලා ගත්තේය.ඉන් පසුව දින 02 ක් තුළදී දෙව් මැඳුරෙන් ඉතිරිව ඇති ආරක්ෂක පවුර හෙවත් වැලපෙන පවුරේ නමස්කාර කිරීම සඳහා මිලියන තුන් කාලක් හෙවත් ලක්ෂ 7 1/2 එතැනට එක් රොක් වු බව වාර්තා වී ඇත.යුදෙව්වන්ට එහි ඇති පුජනීයත්වය එයින්ම වටහා ගත හැකිය.


37.යෙරුසලමේ පැරනි කොටස අල්ලා ගැනීමෙන් පසු අවස්ථාවක බෙන්ජමින් නෙතනියාහු ( වර්තමාන අගමැති ) පවසා සිටියේ මෙම ලෝකයේ කවර බලයකටවත් අපව යෙරුසලමෙන් නෙරපිය නොහැකි බවය.එහි යුදාගමික ප්‍රදාන රබ්බී වරයා මෙසේ පැවසූ බව වාර්තා වී ඇත. ‘ යෙරුසලම දෙවියන්වහන්සේගේ නගරයයි,එයින් අපි ඉවත් නොවන්නෙමු ‘ ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරාගමනයට පෙර නිසැකයෙන්ම මෙහි මුල් අඩි තාලම මතම යාවේ දෙවිඳුන්ගේ දෙව් මැඳුර ඉදි වනු ඇත.එය නැවැත්වීමට ලොව කිසිම බලයකට නොහැකිය.ඒ සඳහා ඉඩකඩ ලබා ගැනීමට එහි ඇති ගොඩනැඟිලි ඉවත් කිරීමට තැත් කිරීම පවා 03 වන ලොක යුද්ධයට මං පාදනු නියතය.මෙම දෙව් මැඳුර ඉදිකිරීම ඇරඹීමත් සමඟම අරාබි-ඊශ්‍රායෙල වාර්ගීක සංග්‍රාමයක් ඇවිලී එය ලෝක සංග්‍රාමයක් බවට පත් වෙනු ඇත.මේ පිළිබඳව වැඩි විස්තර පසුව දැක්වේ.


37.   1973දී න්‍යෂ්ඨික යුද්ධයක් ඇරඹීම නූලෙන් වැලකී ගියා!

1973 ඊශ්‍රායෙල් ඇරාබි යුද්ධයේදී න්‍යෂ්ඨික සංග්‍රාමයක් අරඹීම නූලෙන් වැළකී ගියේය යන්න දැන් ඉතිහාසයට අයත් කතාවකි.මෙම සටනේ මුල් අවස්ථාවේදී මිසරය ප්‍රමුඛ අරාබි හමුදා ඊශ්‍රායෙලයේ 'ආරක්ෂක ' සීමාවන් බිඳගෙන ඉදිරියට ඒමට ඉතාමත් ආසන්න වී තිබින. ඊශ්‍රායෙල ආරක්ෂක නිර්නායකයන්ට අනුව එම සීමා ඉක්මවා සතුරා පැමිනියහොත් එරට රැකීම දුෂ්කර වෙයි.මෙම තීරනාතමක මොහොතේ මැදියම් රැයේදී ඊශ්‍රායෙල් අගමැතිනි ගෝල්ඩා මේයර් පිබිදවූ හමුදාපතිවරු මොහොතක පමාවකින් රට විනාශ වන බව ඇයට දැනුම් දුන්හ.

ඇය එක් වරම දුන් නියෝගය 03 ලෝක සංග්‍රාමයට අත වනන්නක් විය.න්‍යෂ්ඨික බෝම්බ වහාම සූදානම් කරන ලෙසත් කයිරෝව ඇතුලු සියළුම අරාබි නගරවලට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරන ලෙසත් ඇය නියෝග කළාය.භූගත අටළු තුළ රඳවා තිබූ ‘ජෙරීකො’ දිග දුර  මිසයිල පිටතට ගැනීම ඇරඹින.මෙම මිසයිල වල හිසෙහි න්‍යෂ්ඨික බෝම්බ සවි කල හැකිය. මෙම ක්‍රියාදාමය ඇමරිකානු ඔත්තුසේවා සැටලයිට මඟින් නිරීක්ෂනය කරනු ලැබීය. එහෙත් එම නියෝගය ඊලඟ මොහොතේ අවලංගු කෙරින. එයට හේතුවූයේ මිසර හමුදා ආපසු ගමන් කරන බව අගමැතිනිය වෙත වාර්තා වූ හෙයිනි!

38. ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිනීමට පෙර ගොග් මාගොග් යන මිත්‍ර පක්ෂ සන්ධානය හා ඊශ්‍රායෙලය හා මිතුරු රටවල් අතර 03 වන ලෝක මහ යුද්ධය ඊශ්‍රායෙලයේ කඳුකරයේ හර්මෙගදෝන් නැමැති ස්ථානයේදී සිදුවනු ඇත.


ගොග් මාගොග් යනු කවර ජාතීන්ද? එසකියෙල් 38 පරි.මෙසේ සඳහන් වෙයි.” …රොෂ්හීද මෙෂෙක් හීද තුබල්හීද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව..”  මෙහි මෙෂෙක් යනු රුසියානු දේශයේ අගනුවරවූ මොස්කව් නගරය සංඛේතවත් කරයි.තුබල් යනු සයිබීරියාවේ පිහිටි ටුබලෝස්ක් නමැති නගරය දක්වයි. රොෂ් යන්න හීබෘ වදනකි.එය ඉංග්‍රීසියෙන් රුසියාව වෙයි. මෙයින් පැහැදිලි වන්නේ රුසියාව ප්‍රමුඛ මිත්‍ර සංධානය ප්‍රියංකර දේශයට විරුද්ධව සටනට පැමිනෙන බවයි.ඔවුන්,


*අසුන්ද අසරුවන්ද ඇතිව පැමිනීම *පාර්සිවරුද,කූෂ්වරුද,පූට්වරුද සිටිති


*ගොමෙර් සහ ඔහුගේ සියලු හමුදා සහ උතුරේ තොගර්මා වංශය සහ ඔහුගේ හමුදා


*කඩුවෙන් මිදී තිබෙන දේශයකට ‘මතු දවස් වල’ පැමිනෙනවා අත.


*ඊශ්‍රායෙල් කඳුවලට( හර්මෙගදොන් )රැස් වෙති *කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත.


*ප්‍රියංකර දේශය වසා ගැනීමට ව්ලාකුළක් මෙන් පැමිනෙනවා ඇත.


*උතුරේ දුරස්ථානවල සිට බොහෝ සේනාවක්වී පැමිනෙන බව


*ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව පමුණුවන බවට පුරාන අනාගතවක්තෘන්/දිවැසිවරුන්/ධර්මවක්තෘන් ලවා මා(දෙවිඳුන්) කියෙව්වේ ඔබ ගැන නොවේද?


*මම නුඹේ හකුවලට කොකු දමා ..


*මාගේ උදහස මාගේ මුහුනෙහි ඇවිලෙනවා ඇත.


*ඊශ්‍රායෙලයේ මහත් කම්පාවක් වන්නේය.


*සියලුම ප්‍රාණීන් මා ඉදිරියේ වෙවුලන බව.


*කඳු සමතලා වන බව


*නුඹේ දුන්න නුඹේ වමතෙන් ගසා දමා නුඹෙවි ඊතලය නුඹේ වමතින් වැටෙන්න සලස්වන්නෙමි


*නුඹේ සියලු හමුදා වැටෙනවා ඇත.


*සියලු ආකාර ගිජු පක්ෂීන්ට ඔවුන් ගොදුරුවන බව.


*මාගොග් හා එම රටට ගිනි ජාල මඟින් දැවෙන බවට


*ඊශ්‍රායෙල් වැසියන් ආයුධවලින් ගිනි දල්වන බව


*සටනෙන් වැටී ඉතිරි වන්නන් මිහිදන් කිරි හාමොන්-ගොග් නැමැති සොහොන් බිමේ සිදුවන බව


*මිය ගියවුන් සත් මසක් තුළ එහි මිහිදන් කරන බව 


39. ඊශ්‍රායෙලයේ උතුරු කඳුකරයට දැනටමත් මළකුණු කන විශාල ගිජු ළිහිණියන් එක් රොක් වී සිටිති.මෙය අවසාන කාලය සඳහාවූ ලකුණක් බවට රබ්බී මිකායෙල් එස්සක්ස් සිය ‘ පොළොව නම් ග්‍රහයා වෙත ඊළඟට පැමිණෙන  අමුත්තෝ’  NEXT VISITORS TO PLANET EARTH  යන ග්‍රන්ථයෙහි සඳහන් කරයි.ලෝකයේ කවර රටකටත් වැඩියෙන්  යුද්ධයට පුහුනු කරන ලද විශාල අසරු හමුදාවක් රුසියාවේ සිටී!


40. ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනයට පෙර සම්පූර්ණ විය යුතු තවත් සාධකයක් වන්නේ යෙරුසලම අන්‍ය ජාතීන්ගේ පාලනයෙන් නිදහස් විය යුතු වීමයි. ‘ අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණවන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය’ ලූක් 21:24 අන්‍යජාතීන්ගේ කාලයන් සම්පූර්නවීද?


ක්‍රි.ව.70 සිට 1948 වනතුරුම යෙරුසලම විවිධාකාර විදේශික ආක්‍රමනිකයන්ට යටත් විය.


* ක්‍රි.ව.70-133 දක්වා-රෝමානු  යුගය

        326-629        -බයිසන්ටයින්   ,,


        638-1071       -මුල් මහමදිග    ,,


       1099-1142       -කුරුස යුද්ධකරුවන්ගේ  ,,


       1187-1260       -අය්යුබිඩ්                         ,,


       1265-1428       -මම්ලුක්                           ,,


       1516-1917       -ඔටෝමන්                       ,,


       1917-1947       -බ්‍රිතාන්‍ය භාරකාර           ,,

         1948-             - ඊශ්‍රායෙල යුගය    මෙසායා   පැමිනෙන තුරු

1948 දී පැරනි ඊශ්‍රායෙල් හා යුදා දේශයට අයත් භූමිභාගයෙන් සැලකිය යුතු කොටසක යුදා/ඊශ්‍රායේ ජනතාවගේ ස්වාධිපත්‍යයට යටත් වුවද නැගෙනහිර යෙරුසලම දේව ජනතාවගේ chosen people of God පාලනය යටතට පැමිනියේ 1967 දින 06 යුද්ධයෙන් පසුවය.

බොහෝ දේව ධර්මවේදීන්ගේ මතය වන්නේ යෙරුසලම ඊශ්‍රායෙල්වරුන් විසින් 1967දී අල්ලා ගනු ලැබූ හෙයින් අන්‍යජාතීන්ගේ කාලයන් සම්පූර්නවූ බවත් එහෙයින් යේසුස් වහන්සේගේ පුනරාගමනය ආසන්න බවත්ය. එහෙත් මෙහිදී සැලකිය යුතු කරුනක් වන්නේ පැරනි දේවමාලිගාව තිබූ භූමි ප්‍රදේශයේ පෞද්ගලීක අයිතිය තවමත් යුදෙව් නොවූ ආගමිකයන් සතු බවය.එහෙයින් අන්‍යජාතීන් විසින් යෙරුසලම මඩිනු ලැබීම අවසන් වී ඇද්ද යන්න පිළිබඳව දේව ධර්ම වේදීන් සිය අදහස් ඉදිරි පත් කරන්නේ නම් මැනවි.

මෙම සියලුම ලකුණු සම්පූර්නවූ පසුව ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිනීම මෙසේ විස්තර කොට ඇත. ” එකල මනුශ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වළාකුළකින් එනවා ඔවුහූ දකින්නෝය.මේ දේ ලංවූ කල නුඹලාගේ මිදීම ලංවූ බැවින්,ඉහළ බලා,හිස් ඔසවන්නැයි කීය. ලූක් 21:28


Jews were taken away through this route to Babylon from Judea.
Route of Babylonian captivity යුදා වැසියන් බබිලෝනියාවට රැගෙන යාමේ ගමන් මඟ



Deportation of Israelis by AssyriansDeportation of Israelis by Assyrians -ඊශ්‍රායෙල්වරුන් ඇසිරියාවට පිටුවහල් කිරීමේ සිතියම


Fulfilling Prophet Ezekiel s prophesy in the book of Ezekiel chapter 37 re-" valley of dry bones ",President of the provincial council, David Ben Gurion read aloud the declaration of the establishment of the state of Israel in 1948.
Fulfilling Prophet Ezekiel s prophesy in the book of Ezekiel chapter 37 re" valley of dry bones ",after 2000 years ,President of the provincial council, David Ben Gurion read aloud the declaration of the establishment of the state of Israel in 1948.
Left to right, Israeli generals Uzi Narkiss, Moshe Dayan and Yitzhak Rabin entering Jerusalem in June 1967-යුධ ජයග්‍රහනයෙන් පසුව ඊශ්‍රායෙල් ජනරාල්වරුන් යෙරුසලමට ඇතුල් වෙයි
Left to right, Israeli generals Uzi Narkiss, Moshe Dayan and Yitzhak Rabin entering Jerusalem in June 1967-යුදා දේශය රෝමානු හමුදා විසින් විනාශ කිරීමෙන් වසර 2000 කට පසුව යුදා (ඊශ්‍රායෙල්) හමුදා ජනරාල්වරුන් යෙරුසලමට ප්‍රවිෂ්ඨ වන ආකාරය

1967 යුද්ධයෙන් පසුව නැගෙනහිර යෙරුසලම අල්ලා ගැනීමෙන් පසු-සලමොන්ගේ දෙව් මැඳුර ලෙස හැඳින්වෙන යාවේ දෙවිඳුන්ගේ දෙව් මැඳුරේ දැනට ඉතිරිවී ඇති වැලපෙන පවුර  අසල යාඤා කරන ඊශ්‍රායෙල් සොල්දාදුවෝ
1967 යුද්ධයෙන් පසුව නැගෙනහිර යෙරුසලම අල්ලා ගැනීමෙන් පසු-සලමොන්ගේ දෙව් මැඳුර ලෙස හැඳින්වෙන යාවේ දෙවිඳුන්ගේ දෙව් මැඳුරේ දැනට ඉතිරිවී ඇති වැලපෙන පවුර අසල යාඤා කරන ඊශ්‍රායෙල් සොල්දාදුවෝ
The victorious British General Allenby dismounted, enters Jerusalem on foot out of respect for the Holy City, 11 December 1917-එක වෙඩිල්ලක්වත් පත්තු නොකර 1917 දෙසැම්බර් 11 දා යෙරුසලම් ශුද්ධ නගරය ජෙනරල් ඇලන්බි විසින් ඔටෝමන් තුර්කිවරු වෙතින් යටත් කර ගන්නා ලදී. මෙම ආක්‍රමනයට කලින් මිත්‍ර හමුදා විසින් ජෙනරල් වරයාගේ යටත් වෙන ලෙස කෙරෙන නිවේදනයක් ගුවනේ සිට විසුරුව හරින ලදී. එම නිවේදනය දැකීමෙන් තුර්කි හාමුදාවෝ ත්‍රස්ත වූහ.මන්ද යත් ඔවුන්ගේ ජාතික පුරාවෘතවලට අනුව මතු දිනෙක අල්ලාගේ නභී වරයෙකු යෙරුසලම යටත් කර ගැනීමට පැමිනෙතැයි සඳහන්ව තිබූ බැවිනි.ඇලන්බි යන්න ඔවුන් අල්ලා-නභී ලෙස තේරුම් ගැනීම සටනකින් තොරව යෙරුසලම භාර දීමට හේතුවිය. යෙරුසලම් ශුද්ධ නගරයට අශ්වයන් පිටින් නොව පා ගමනින් ඇතුල් විය යුතු බවට ලංඩනයෙන් ගෙනරල්වරයාට නියෝගයක් නිකුත්වී තිබින.ඒ අනුව ඔහු හා සෙසූ හමුදා නිලධාරීහූ පා ගමනින් ප්‍රවිශ්ට වන ආකාරයයි මේ.

The victorious British General Allenby dismounted, enters Jerusalem on foot out of respect for the Holy City, 11 December 1917-එක වෙඩිල්ලක්වත් පත්තු නොකර 1917 දෙසැම්බර් 11 දා යෙරුසලම් ශුද්ධ නගරය ජෙනරල් ඇලන්බි විසින් ඔටෝමන් තුර්කිවරු වෙතින් යටත් කර ගන්නා ලදී. මෙම ආක්‍රමනයට කලින් මිත්‍ර හමුදා විසින් ජෙනරල් වරයාගේ යටත් වෙන ලෙස කෙරෙන නිවේදනයක් ගුවනේ සිට විසුරුව හරින ලදී. එම නිවේදනය දැකීමෙන් තුර්කි හාමුදාවෝ ත්‍රස්ත වූහ.මන්ද යත් ඔවුන්ගේ ජාතික පුරාවෘතවලට අනුව මතු දිනෙක අල්ලාගේ නභී වරයෙකු යෙරුසලම යටත් කර ගැනීමට පැමිනෙතැයි සඳහන්ව තිබූ බැවිනි.ඇලන්බි යන්න ඔවුන් අල්ලා-නභී ලෙස තේරුම් ගැනීම සටනකින් තොරව යෙරුසලම භාර දීමට හේතුවිය. යෙරුසලම් ශුද්ධ නගරයට අශ්වයන් පිටින් නොව පා ගමනින් ඇතුල් විය යුතු බවට ලංඩනයෙන් ගෙනරල්වරයාට නියෝගයක් නිකුත්වී තිබින.ඒ අනුව ඔහු හා සෙසූ හමුදා නිලධාරීහූ පා ගමනින් ප්‍රවිශ්ඨ වන ආකාරයයි මේ.

Israeli troops rushers through the centuries old roads of the old city to capture it.දේවමාලිගා පරිශ්‍රය ඊශ්‍රායෙල් හමුදා විසින් අල්ල ගැනීමට අදාල ඡයාරූප
1967 war -Israeli troops rushers through the centuries old roads of the old city ( Jerusalem ) to capture it.දේවමාලිගා පරිශ්‍රය ඊශ්‍රායෙල් හමුදා විසින් අල්ල ගැනීමට අදාල ඡයාරූප
Israeli soldiers in jubilant mod at the site  of the premises of  the old Holy Temples of the Lord God.
Israeli soldiers in jubilant mod at the site of the premises of the old Holy Temples of the Lord God.

1 Comment »

පැහැදිලි සිංහලෙන් ලිව්වනම් ,මිට වඩා තේරුම් ගත යුතුව තිබුණි. අගය කල යුතු ලිපියක් .. holytemplenet ඔබට තුති.මෙම ලිපියෙන් ඉදිරි පත් කර ඇත්තේ මතු දිනෙක ඉටු වීමට නියමිත ක්‍රිස්තුස් සමිඳුන්ගේ දෙවන පැමිනීම පිළිබඳව අර්ථ කථනයකි. බයිබලීය ධර්මවක්තෘන්ට Prophets අනුව එතුමානෝ දහස් වසරක සදා සාමය රජයන පාලනයක් ඇති කිරීම සඳහා නැවත මෙලොවට පැමිනීමට නියමිතය. එයට පෙර ලකුණ මෙසේ දක්වා අත.
*එකල ඔවුහූ නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය *නුබලා මාගේ නාමය නිසා වෛර කරනු ලබන්නහුය. *පාවාදෙන්නෝය. *ඔවුනොවුන්ට වෛරවන්නෝය.
*බොරු අනාගතවක්තෘවරුන් False Prophets නැඟිට බොහෝ දෙනා මුලා කරන්නෝය.
*අධර්මිෂ්ඨකම බෝවන බැවින් ප්‍රේමය හීන වන්නේය.
*මුළු ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීම Luke ch. 24 ඒ හැරෙන්නට යුවතියන් /කන්‍යාවන් 10 දෙනාගේ උපමාව ක්‍රිස්තුස් සමිඳුන්ගේ දෙවන පැමිනීම දැක්වෙන ප්‍රධාන උපමාවකි.මනාලයා ,තූර්ය වාදන/විවිධාකාර සංගීත භාංඩවල වාදන හා ගායන මධ්‍යයේ පැමිනෙන බව දක්වා ඇත. Luke ch. 25
දැනට ඇමරිකාවේ ජෑස් සංගීතයෙන් දේව ප්‍රසංසා ගැයීම මෙම අනාවැකිය ඉටුවීමක් ලෙස දක්වනු ලැබේ. මෙහි මනමාලයා වශයෙන් දක්වා ඇත්තේ ක්‍රිස්තුස් සමිඳුන්වය. දේව ජනතාවට පීඩා කීරීම අසන්නට ලැබේ. බොරු දිවැසිවරුන්/ධර්මවක්තෘවරුන්/ අනාගත වක්තෘවරුන් False Prophets පහල වීම පිළිබඳ අනාවැකිය දැනටමත් ඉටුවී ඇත. නත්තල යනු ක්‍රිස්තුස් සමිඳුන්ගේ පළමු පැමිනීමයි.දෙවන පැමිනීම, දෙවන නත්තල ලෙසද හැඳින්විය හැක. Christ was born in Bethlehem in Judea ( Luke 2:05 )about 2000 years ago- that is his first coming This article mainly refers to the second coming of Jesus and its cir

මෙය ප්‍රති විකාශනයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

\

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment