Saturday, September 23, 2017


Is Sri  lanka a secular state ?


බ්‍රසීලයේ, ගව මස් ව්‍යාපාරිකයන්ගෙන් හරක් මස් ආනයනයන කරනවා යනු මෙරට ගව මස් ක්ෂේත්‍රයේ සේවයේ නියුක්ත ලක්ෂ ගණනාවක් වන ශ්‍රී ලාංකීකයන් හා ඔවුන්ගේ පවුල් වල ආර්ථිකය පොලොවටම සමතලා කිරීමයි!

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්ද?



download
Brazil



220px-Domestic_cattle_breed_-_Sri_Lanka
දේශීය ආරේ ගවයෙක්

පිටකොටුවේ ගව මස් සිල්ලර අලෙවි සැල්

images (2)

images (1)


images

දකුණු ආසියාවේ නොදියුනු රාජ‍යයන්හී එක් ප්‍රධාන ලක්ශනයක් වනුයේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවට වැඩවසම් සමාජයේ පුරුකක් වන පූජකයන්ගේ,අදහස් උදහස් අනුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමයි.වර්තමානයේ ශ්‍රී ලංකාවේද සිදුවී ඇත්තේ මෙයයි!!

පාර්ලිමන්ට් ජෝක්ස්

අපේ දරුවන්ට ප්‍රෝටීන් බහුල ආහාර අප ලබා දෙන්නේ ගව මස් ලබා දීම මඟිනි.

මෙරට කුඩා ගව සත්ව ගොවිපල් හිමියන් ග්‍රාමීය ප්‍රදේශවල පානීය කිරි සපයනවා හැරෙන්නට මෙරට කිරි කර්මාන්තයේ නියුක්ත ෆැක්ටරි වලට යම් ප්‍රමානයක් පානීය කිරි ලබා දෙයි.

ඒ හැරෙන්නට ඩයගම,බෝපත්තලාව,අඹේවෙල නවසීලන්ත ගොවිපල,තමන්කඩුව, කන්දකඩුව සහ රටේ වෙනත් ස්ථානවල පිහිටා අති සත්ව- හරක් ගොවිපලවල පරමාර්තයන් වනුයේ කිරි නිෂ්පාදනය, දේශීය ගොවීන්ට හොඳ ආරේ පැටවුන් සැපයීම ආදියයි.සත්ව ,බහිශ්‍රාවිය ද්‍රව්‍යයන් , ජීව වයුව නිපදවීමට හා පොහොර වශයෙන්ද උපයෝගි කර ගනී.
අනතුරුව එලඹෙන්නේ සත්වයන්ගෙන් තව දුරටත් ඵලදාවක් නොලබෙන අවස්තාවයි.ගොවි පවුල් සිය ආන්තික ආදායම ලබා ගන්නේ සතුන් මස් සඳහා වෙලඳ පොලට අලෙවි කිරීම මඟිනි.ඉහතින් සඳහන් කල විශාල සත්ව ගොවිපල් ගව මස් අලෙවි කර්මාන්තය විසින්ද අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියමය.

සතුන් මස් සඳහා අලෙවි කිරීම නවැත්වුවහොත් කුඩා සත්ව-හරක් ගොවිපවුල් වල ආදායම් මාර්ගයක් අහිමිවීම සිදු වෙයි.එසේම අපේ දරුවන්ට අලුත් හරක් මස් මඟින් ප්‍රෝටීන් ලබා ගනීමේ අවස්තාවද නැතිවී යයි.විශාල ගොවිපලවල් වසා දැමීමට සිදුවෙයි.

ඒ හැරෙන්නට ගව මස් අලෙවි කර්මාන්තය 100% ක්ම දේශීය කර්මාන්තයකි.ශ්‍රී ලාංකීකයන් අති විශාල ප්‍රමානයක් එහි නියැලී සිටිති. පෙර කල දුම්රියෙන්ද ගව ඝාතනාගාරවලට සතුන් ප්‍රවාහනය කරනු ලැබීය.ඒ සඳහා වෙනමම දුම්රිය පෙට්ටි තිබින.

මා මෙහිදී පෙන්වා දෙන්නේ මෙරට සත්ව-ගව ගොවිපල කර්මාන්තයේ ,කිරි හා ගව මස් අලෙවි කර්මාතයේ,ශ්‍රී ලාංකීය පවුල් අති විශාල ප්‍රමානයක් ඍජුව හා වක්‍රකාරයෙන් සම්බන්ධවී සිටින බවය.ඔවුන් මෙරට සත්ව- කෘෂි ආර්ථික ප්‍රවර්ධනයේ හා ජනතාව වෙත ප්‍රෝටීන් බහුල ආහාර ලබා දීමේ ප්‍රධාන සාධකයක් වෙයි.

අප විසින් කල යුත්තේ මෙරට හොඳින් ස්තාපනය වී ඇති ගව කිරි-සත්ව ගොවිපල් කර්මාන්තය විනාශ කිරීමද? එම පුරවැසියන්ගේ දරු පවුල් ආර්ථික ආඝාදයකට  ඇද දැමීමද?

නැත.!!

දකුණු ඇමරිකාවේ බ්‍රසීල රාජ්‍යයේ ගව මස් කර්මාන්තයේ නියුක්ත ගොවියන්ගේ අත මිට සරු කිරීමට අපට අවශ්‍ය නැත.දකුණු ආසියාවේ නොදියුනු රාජ‍යයන්හී එක් ප්‍රධාන ලක්ශනයක් වනුයේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවට වැඩවසම් සමාජයේ පුරුකක් වන පූජකයන්ගේ,අදහස් උදහස් අනුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමයි.වර්තමානයේ ශ්‍රී ලංකාවේද සිදුවී ඇත්තේ මෙයයි!!

Advertisements
Occasionally, some of your 

No comments:

Post a Comment