Saturday, February 7, 2015

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය පෙළ පොත් සටහන්-පාඩම අංක 03

පාඩම අංක 03-දුක් දරන්නෝ
1. ධර්මිෂ්ටයන් දුක් විඳීම හා එයට හේතු වන කරුණු
2. ස්වභාවික විපත් නිසා
3. සහාසික ක්‍රියාවන් නිසා
* ධර්මිෂ්ටයන්ගේ දුක් විඳීම මිනිස් ක්‍රියාකාරකම් නිසාද විය හැක.
නිදසුන් : කෘෂි කාර්මික කටයුතු සඳහා පොලොව යටින් උමං හාරා ජලය ඈත ප්‍රදේශවලට රැගෙන යාම නිසා ඇතිවී තිබෙන නායයාම් හා ගෙවල් දොරවල් ඉරිතලා යාම හා ජීවිතවලට හානි සිදුවීම දැක්විය හැක.
* මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දුක් පීඩා

නිදසුන: 2004.12.26 වන දින  මෙරටට බලපෑ සුනාමි ව්‍යාසනය.
සුමාත්‍රාව අවට මුහුදේ භූකම්පනයක් ඇතිවීම නිසා අවට රට වලට මුහුද ගොඩ ගැලීමක් ඇතිවිය හැකි බවට ඇමරිකානු සෙටලයිට කාල ගුනික මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකාවද ඇතුලත් අවට රටවලට අනතුරු හැඟවීමක් 2004.12.25 වන දින මධ්‍යම රාත්‍රි 12ට පමන කරනු ලැබීය.මෙම අනතුරු හැඟවීම මෙරට කාලගුනික මධ්‍යස්ථාන විසින්ද ශ්‍රවනය කරනු ලැබීය.එහෙත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත බවක් සඳහන් නොවේ!
කොළඹ මාරදානේ සිට දකුණ බලා පිටත්වූ දුම්රිය ධාවනය කල රියැදුරා මුහුදේ රළු ස්වභාවය නිරීක්ෂනය කරමින්ම ඉදිරියටම ධාවනය කලේය.දුම්රිය දෙපාර්තමේන්තු රෙගුලාසි වලට අනුව පීලි වැසෙන සේ ජලය ගලන්නේ නම් දුම්රිය වහාම නතර කළ යුතුය.මෙම දුම්රිය නතර කර ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගෙන හෙලිකොප්ටරයක් යැවීමට දුම්රිය පාලන මැදිරිය උත්සාහ කලද එයද අසාර්ථක විය.!!
අවසාන ප්‍රතිඵලය වූයේ මිනිස් ජීවිත 1500 අහිමි වීමයි

*සාහසිකත්වය නිසා
ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නැමැති ත්‍රස්තවාදි සංවිධානය විසින් ඉරාකයෙහි හා සිරියාවේද, බොකෝහරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියාවේද,හමාස් හා හෙස්බුල්ලා ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායෙලයේ හා අවට රටවලද සිදු කරනු ලබන ක්‍රියා නිදසුන් වෙයි.
ISIS හෙවත් ඉස්ලාම් රාජ්‍ය සංවිධාන ත්‍රස්තයින් විසින් සියළුම ජනවාර්ගීක කොටස් වලට එරෙහිව මිනිස් ඝාතන සිදුකිරීම. ඉරාකයෙහි එක ගම්මානයක් යසිඩි නැමැති ඉස්ලාම් නොවන ගෝත්‍රිකයන්ගේ ගේ 200 පමන පිරිමින් ඝාතනය කොට කාන්තාවන් හා ගැහැනු දරුවන්ව ලිංගීක වහළුන් වශයෙන් යොදා ගැනීම නිදසුන් ලෙස දැක්විය හැක.

බයිබලය තුළ දුක් විඳීම දක්වා ඇති ආකාරය
* එය දෙවිඳුන්ගේ අදහස් ප්‍රකාශ වීමකි
අන්ධයෙකුවූ බර්තලමෙවුස්ව සුවපත් කිරීමේදී ක්‍රිස්තුස් සමිඳුන් පැවසුයේ බර්තලමෙවුස් අන්ධවූයේ ඔහුවත්, ඔහුගේ දෙමාපියන්වත් පව් කල නිසා නොවන බවය. එසේවූයේ දෙවිඳුන්ගේ අදහස් ඔහු කෙරෙහි ප්‍රකාශවීමට බවය.
යෝබ්ගෙ කථාවෙන්ද ගම්‍යවනුයේ මෙයමය.


 නිර්භයව දුක් පීඩා වලට මුහුනදීම පිළිබඳව බයිබලීය උපුටනයන්
ක්‍රි.පූ. 586-583 හා ඉන්පසුව ඊශ්‍රායෙල් හා යුදා ජාතිකයන් බබිලෝනියානු හා අසිරියානු විප්‍රවාසයේදී ශාරීකික හිංසා පීඩා වලට වඩා, සිය ආගමීක චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව ජීවත්වීමට නොහැකිවීම නිසා ඇතිවූ චිත්ත පීඩාව නිසාවූ දුක් විඳීමක් බව සඳහන් කළ හැක.
නිදසුන් ලෙස විප්‍රවාසි  ජනතාවට පහත සඳහන් 'නිදහස් කරුණු කාරනා' භුක්ති වින්දාහ.
*ඔවුන් එහි ජීවත්වූයේ සිරකරුවන් ලෙස නොවේ
*ඔවුන්ගේ දිවැසිවරුන්/ධර්මවක්තෲ වරුන්ද ඔවුන් සමඟ ජීවත් වූහ.
*රට තුළ එහා මෙහා ගමන් කිරීමේ නිදහස ඔවුන්ට තිබින.
*පදිංචිය සඳහා නිවෙස් තනා  ගැනීමටත් ගෙවතු වගා කිරීමටත්,කෘෂිකර්මයෙහි නියැලීමටත් ඒවායේ බව බෝගයන් නෙලා ගැනීමටත් ඔවුන්ට නිදහස තිබින.
*විවාහ වීමේ නිදහස
*සාමූහික දේව නමස්කාරය පැවැත්වීමේ නිදහස-එහිදී දේව වචනය පහදා දීම,ශුද්ධ ලියවිළි කියවීම,ගීතිකා ගැයීම හා යැදුම් පුද කිරීමද සිදුවිය.
එසකියෙල් 3:15, 33:30-33,04:13, යෙරමියා 29:05
ගීතාවලිය 137 වන ගීතිකාව**

ඔවුන් මානසික ලෙස දුක් වින්දේ කවර හේතූන් නිසාද?
*යුදාගමීක වත් පිළිවෙත් අනුව ආහාර පිළියෙල කරගත නොහැකිවූ බැවින්
*දෙවිඳුන්ගේ නගරය වන දාවිත්ගේ නුවරවූ යෙරුසලමට යාමට ඊමට නොහැකිවීම
*චර්මච්ඡේදන චාරිත්‍රය පැවැත්වීමට නොහැකිවූ බැවින් හා 07 වන දින සබත පැවැත්වීමට නොහැකිවූ බැවින්
*මේහේතූන් නිසා ඔවුන්ට විප්‍රවාසි දේශය පෙනුනේ අපිරිසිදු දේශයක් ලෙසය.

ක්‍රිස්තු අනුගාමිකයන් හා සුළුතරයක් වන ජන කොටස් පීඩනයට පත් කිරීම
*ඉරාකය, සිරියාඅ වැනි රටවල සුළුතරයක් වන සියළුම ජනවාර්ගීකයන් ISIS ත්‍රස්තයන් විසින් ඝාතනය කිරීම,ඉන්දියාවේ ක්‍රමයෙන් වර්ධනය වන කිතුනු ක්‍රියා දැක්විය හැක.පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ දේව සේවකයන්ට පහර දීම,කිතුනු දේවස්ථාන ගොඩනැගිලිවලට පහර දීම සිදු විය.
මේ අතර තවත් අන්තවාදි කල්ලියක් විසින් අග නුවර පිහිටි මස් කඩවලට පෙරහැරින් පැමින පහර දීම දැක්විය හැක.මෙම මස් කඩ වලට පහර දීමේ දිඟු කාලීන සැලැස්ම වූයේ එම ව්‍යාපාර වලින්  මුස්ලිම් ප්‍රජාව ඉවත් කර එම ව්‍යාපාරයන් සියතට ගැනීමය.!එම කල්ලියේ උපක්‍රමික සැලසුම වූයේ ලංකාවේ ගව ඝාතනය නතර කර, අනතුරුව ටින් කල ගව මස් ආර්ජන්ටිනාව වැනි රටවලින් ආනයනය කර ඒවා සුපිරි වෙළඳ සැල් හා වෙනත් වෙළඳ සැල් වල තබා අලෙවි කිරීමත් එම ක්‍රියා පද්ධතිය සියතට ගැනීමටත්ය.
*උක්ත හිරි හැර කිරීම් නිසා මෙරට තුළ ඇතිවූ ප්‍රතික්‍රියාව කවරේද?
එක්තරා කල්ලියක් විසින් මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයවූයේ, ඔවුන් විශාල වශයෙන් රජයට විරුද්ධව ජනාධිපතිවරනයේදී ඡන්දය භාවිතා කිරීමයි!මෙවැනි අවස්ථාවලදී කිතුනුවන් ක්‍රියා කල යුත්තේ කෙසේද?
*ලංකාවේදී නම් නීති විරෝධි ක්‍රියාවල යෙදෙන අන්තවාදි කල්ලිකරුවන්ගේ ක්‍රියා සියළුම මාධ්‍යයන් ඔස්සේ සවිස්තරාත්මකව ප්‍රකාශයට පත් කිරීම (අන්තර්ජාලය,ෆෙස් බූක්, ටෙලිවිෂන් චැනල්,පුවත් පත්  ආදි )

* මෙම කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම,
*මෙම කරුණු මෙරට අධිකරනයන්ට යොමු කොට නෛතික ක්‍රියා මාර්ගයන්ට යොමු වීම






















No comments:

Post a Comment