නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ
දෙවන පැමිනීම හා නත්තල-Christmas and the (second coming ) return of
Christ to establish a new world order
*නත්තල යනු වෙළඳ ප්‍රජාව විසින් සිය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රි.ව.07 ශත වර්ෂයේ පමන විසූ නත්තල් සීයා හෙවත් නිකොලස් නැමැති කිතුනු දේවගැතිවරයා සැමරීම නොවේ!
*නත්තලේදී සිහිපත් කළ යුතු වැදගත්ම සාධකය වනුයේ ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරාගමනයයි හෙවත් දෙවන පැමිනීමයි!
මෙය ප්‍රධාන කිතුනු සංඝයන් විසින් අමතක කර දමා ඇත.!!
*1973දී ඊශ්‍රායෙල්වරුන් හා අරාබිවරුන් අතර න්‍යෂ්ඨික යුද්ධයක් ඇරඹීම නූලෙන් වැලකී ගියා!
*'පලස්තීනය' යන නම භාවිතයට පැමිනි ආකාරය ඔබ දන්නවාද?
*'පලස්තීනය' යන්න අළුත් ගිවිසුමේ සඳහන් නොවන බව ඔබ දන්නවාද?
*ධර්මවක්තෲ එසකියෙල් 37 පරි: සඳහන්වන Valley of dry bones යන්නෙන් අදහස් කරනුයේ මුළු ඊශ්‍රායෙල් වංශයය.
Replacement Theology වාදීන් විසින් සඳහන් කරනු ලබන ලෙස ක්‍රිස්තියානි හෝ රෝමානු කතෝලික හෝ ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානි සංඝයන් නම් නොවේ.
ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරගමනයට අදාල දිවැසාවලිය එකිනෙක ගෙන සකච්ඡා කිරීම මෙම බ්ලොගයේ අරමුනයි
01.Moshe
Dayan (M), Chief of Staff Rabin (R) walking through the Old City’s
Lion’s Gate (Archives: GPO).
1967 සය දින යුධ ජයග්‍රනයෙන් පසුව මෝෂේ
දයාන්, යිට්සාක් රැබින් ඇතුළු ඊශ්‍රායෙල් හමුදා ජෙනරාල්වරුන් තිදෙනා සිංහ
දොරටුවෙන් යෙරුසලමේ නැගෙනහිර කොටසට ජයග්‍රාහිකව ඇතුළු වෙයි. රෝමානු හමුදා
ජනරාල් ටයිටස් විසින් යෙරුසලම, එහිවූ ශුද්ධ දෙව් මැඳුර හා යුදා දේශය
මුළුමනින්ම විනාශ කොට වසර 2000 ක්ට පසුවය ඔවුන් මෙසේ ඇතුළුවූයේ. මෙය
ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරගමනයට අදාල දිවැසාවලිය සම්පූර්න කිරීමකි.
පැරනි ශුද්ධ දේව මාලිගා පරිශ්‍රයෙන් ශේෂවී ඇති කොටස
On June 7, 1967, IDF paratroopers advanced through the Old City toward the Temple Mount and the Western Wall, bringing Jerusalem’s holiest site under Jewish control for the first time in 2000 years.
There are sound recordings of the scene, as the commander of the brigade,Lt. General Mordechai (Motta) Gur, approaches the Old City and announces to his company commanders, “We’re sitting right now on the ridge and we’re seeing the Old City. Shortly we’re going to go in to the Old City of Jerusalem, that all generations have dreamed about. We will be the first to enter the Old City…” and shortly afterwards, “The Temple Mount is in our hands! I repeat, the Temple Mount is in our hands!” General Rabbi Shlomo Goren, chief chaplain of the IDF, sounded the Shofar at the Western Wall to signify its liberation. To Israelis and Jews all over the world, this was a joyous and momentous occasion. Many considered it a gift from God.
02. 1967 සය දින යුද්ධයේදී පැරනි ශුද්ධ දෙව් මැඳුරු පරිශ්‍රය පිහිටා තිබූ භූමි භාගය අත්පත් කර ගැනීමෙන් පසුව ඊශ්‍රායෙල් පැරචුට් භටයෝ යාඤා කරති. ඔවුන්ට මෙසේ කිරීමට හැකිවූයේ වසර 2000 කට පසුවය. මෙය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම ආසන්න බවට ලකුනකි.
03. නව ලෝක රටාවක් බිහි කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිනීම හා නත්තල-Christmas and the return of Christ to establish a new world order නත්තල යන්නේ අර්ථය ආගමනය යන්නයි.
04. දෙවිඳුන්ගේ තෝරාගත් ජනතාව වන යුදා/ඊශ්‍රායෙල් ජන වර්ගය තුලින් මිනිසාව පාපයෙන් මුදා ගැනීම සඳහා මෙයට වසර 2000 කට පමන පෙර ඊශ්‍රායෙලයේ යුදා දේශයේ ගැළවුම් කරුවෙකු බිහිවීම නත්තල ලෙස සැමරේ. කෙසේ වතුදු කිතු උපත සිදුවූයේ දෙසැම්බර 25 වෙනි දින මැදියම් රැයේ දී නොවේ.දෙසැම්බර් 25 දිනය සම්මත කරන ලද්දේ 3 වන ශත වර්ශයේදී රෝමානු කතෝලික සභා නායකයන් විසිනි.වැදගත් වන්නේ උපත මිස දිනය නොවේ.බයිබලීය දිවැසාවලියට අනුව මිනිස් වර්ගයාව පාපයෙන් මුදා ගැනීම සඳහා නිසැකවම ගැලවුම්කරුවෙකු වර්තමාන භූගෝලීය ඊශ්‍රායෙල් දේශයේ බෙත්ලෙහෙමේ උපත ලද යුතු විය.ඒ බව යුගයෙන් යුගයට දිවැසිවරුන්/ධර්මවක්තෲ වරුන් විසින් අනාවැකි පල කර තිබින. අවසන් විනිශ්චය හා දහස් වසරක පාලනය සඳහා ක්‍රිස්තුස් වහන්සේ නැවත මෙලොවට වඩින සේක්මය.වසර දහස් ගණනාවක් තුළ දැනටමත් සම්පූර්නවී ඇති දිවැසාවලි සම්පූර්න වූවාසේම පුනරාගමනයට අදාල දිවැසාවලියද ඉටුවීම නියත බව මෙහිදී සංවාදයට යොමු කෙරේ.
ක්‍රිස්තුස් සමිඳුන්ගේ දෙවන පැමිනීමට අදාලව දැනටමත් ඉටුවී ඇති හා ඉදිරියේදී ඉටුවීමට ඇති අනාවැකි
05. යෙරුසලම් ශුද්ධ නගරය තුළ පිහිටා තිබුනු වසර 1000 ගනනක් පැරනි දෙව් මැඳුරේ විනාශය.06. ක්‍රි.ව 70 ඉශ්‍රායෙල්/යුදා ජනතාව පොලොවේ සතර දිසාවට විසුරුවා දැමීම.අවස්ථා කිහිපයකදී සිදු විය.
07. ක්‍රි.පූ. 726 දී ඊශ්‍රායෙල් දේශයේ හොශේයා රජ හා ඊශ්‍රායෙල් වැසියන්ව ඇසිරියානු 1V වන ෂල්මනෙසර් රජු විසින් ඇසිරියාවට විප්‍රවාසයට රැගෙන යාම
08. ක්‍රි.පූ. 597 දී යුද දේශයේ රජුවූ යෙහෝයාඛීන් හා රට වැසියන් බබිලෝනියාවේ විප්‍රවාසයට රැගෙන යෑම.
09. ක්‍රි.පූ. 586 දී දෙවන වරටත් යුදාවරුන් විප්‍රවාසයට රැගෙන යෑම හා යෙරුසලමේ ශුද්ධ දේව මන්දීරය විනාශ කිරීම
10. ක්‍රි.ව.70 දී හා 133 දී රෝමානු ජාතික ටයිටස් සෙනෙවියා හා හාඩ්‍රියන් අධිරාජයා විසින් යුදා ජනතාව සිය මවු බිමෙන් ( යුදා දේශයෙන් හා ඊශ්‍රායෙල් දේශයෙන් ) පලවා හැරීම.
11. යුදා/ඊශ්‍රායෙල් ජනතාව ඊශ්‍රායෙල් දේශය තුළ 1948 ජූනි 06 දින පූර්න ස්වාධීන ජන රජයක් පිහිටුවීම නිසා එසකියෙල් 36 පරි.සඳහන් දිවැසාවලිය/අනාවැකිය වසර 2000 කට පමන පසු ඉටු විය.
12. සමහර රෙප්‍රමාදු ක්‍රිස්තියානි හා රෝමානු කතෝලික ප්‍රජාව අයත් වන සභාවන් ප්‍රතිස්ථාපිත දේව ධර්මයක් Replacement Theology දේශනා කරති.මෙයින් කියවෙන්නේ කිතුනු සාසනය විසින් යුදෙව් සාසනය Christian Church Replace Judaism ! ප්‍රතිස්ථාපනය කරනු ලැබූ බවය.මේ අනුව 1948දී යුදෙව් ජනතාව විසින් ඊශ්‍රායෙල් දේශය නැවත ස්ථාපනය කිරීම හා යෙරුසලම මුදා ගැනීම ඔවුන් හඳුන්වන්නේ “අල්ලා ගත් ප්‍රදේශ ලෙසය”! මෙම මත වාදය 100% ක්ම ශුද්ධ ලියවිල්ලට පටහැනි වෙයි.
13. යුධ සංග්‍රාම නිරතුරුවම සිදුවීම- අනාගත දිනෙක සිදු වනු ඇත.
14. ටෙම්පල් මවුන්ට් හී පිහිටි සොලමන් හා හෙරෝද්ගේ දෙව් මැඳුරු ලෙස ප්‍රසිද්ධව තිබූ දෙව් මැඳුරුවල ශේෂවී ඇති අත්තිවාරම මතම ශුද්ධ දෙව් මැඳුර Holy Temple ගොඩ නැඟීම-අනාගත දිනෙක සිදු වනු ඇත.
15. අවසන් විනිශ්චය සඳහා ක්‍රිස්තුස් සමිඳුන්ගේ පුනරාගමනය-ක්‍රියා 1:11
16. දහස් වසරක ක්‍රිස්තුස් සමිඳුන්ගේ පාලනය හා සාතන්ව බැඳ තැබීම- එලිදරව් 20 පරි.
17. ගොග් සහ මාගොග් යන බයිබලීය සංඛේතයෙන් හඳුන්වනු ලබන ජාතීන් විසින් ඊශ්‍රායෙල් දේශය ආක්‍රමනය කිරීම -එලිදරව් 20:07 සහ එසකියෙල් 38 පරි.- අනාගත දිනෙක සිදු වනු ඇත.
18. ක්‍රි.ව. 33 දී පමන වරක් ක්‍රිස්තුස් සමිඳුන් හා ගෝලයන් අතර යෙරුසලම් ශුද්ධ දෙව්මැඳුරේ අසමසම ශ්‍රී විභූතිය අරබයා ඇතිවූ සංවාදයක් බයිබලයෙහි වාර්තා කොට ඇත.
‘ආචාරිනි බලනු මැනවි,කොයි ආකාර ගල්ද,කොයි ආකාර ගොඩනැඟිලිද! කියා උන්වහන්සේට කීයේය.යේසුස් වහන්සේ ඔහුට කථා කොට: නුඹ මේ මහත් ගොඩනැඟිලි දකින්නෙහිද?ගලක් පිට ගලක් ඉතිරි නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක. තවද පාළු කරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා නුඹලා යම් කලක දකින්නහුද එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා….’ මාක් 13 පරි.
‘එහෙත් යම් කලෙක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද එකල එහි විනාශය ආසන්න බව දැන ගන්න.එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායත්වා;ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා. මක්නිසාද ලියන ලද සියල්ල ( දිවැසාවලිය ) සම්පූර්ණවන පිණිස ඒ දවස් පලි ගැනීමේ දවස් වන්නේය.ඒ දවස්වලදී ගර්භණීන්ටත් කිරි දෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේඳනාද මේ සෙනඟ කෙරෙහි මහත් උදහසද වන්නේය.ඔවුහූ කඩු මුවහතින් වැටෙන්නෝය.සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය.අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණවනතෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නේය.ලූක් 21:-28
z
Josephus, the Jewish historian embedded with the Roman Army is our authoritative source of information here. He reported that the Roman General Titus and soldiers loyal to him stood in the way and tried to prevent the raging mob from rushing in and setting fire to the Temple. This old lithograph is taken from Volume III of ‘Ridpath’s History of the World’ published in 1910.