Saturday, November 1, 2014

මළාහූ, මළවුන් භුමදාන කරත්වා!

මළාහූ, මළවුන් භුමදාන කරත්වා! 
 සමහර කිතුනු ප්‍රජාවන් (ප්‍රොතෙස්තන්ත කිතුනුවන් නොවේ)නොවෙම්බර් මස 01 වෙනි ඉරු දින මළවුන්ට වෙන්කොට ඇත.මුළු නොවෙම්බර් මාසයම මළවුන්ට වෙන්කොට, මළවුන්ගේ මාසය ලෙස නම් කොට ඇත.එහෙත් මෙතෝදිස්තයාට මළවුන්ගේ ඉරු දිනක්වත්, මළවුන්ගේ මාසයක් වත් නැත.මළවුන් වෙනුවෙන් යැදීමක් නැත.මළවුන් වෙනුවෙන් යාච්ඤා කොට ඔවුන් ඉන්නා තැනින් වඩාත් ඉහල තැනකට යැවීමට බලාපොරොත්තුවන්නේද නැත, එසේ කිරීමට හැකියාවක්ද නැත.මළවුන් දෙවි සමිඳුන්ගේ කරුනාව යටතේ සිටින බව රෙප්‍රමාදු කිතුනු ස්ථාවරයයි.

 ක්‍රිස්තුස් සමිඳුන් ජීවමානව වැඩහිටි සමයේ ගෝලයෙක් වීමට අයෙකු කැඳවනු ලැබූ විට  ප්‍රතමයෙන් සිය පියාගේ භූමදාන කටයුතු කිරීමට  අවශ්‍ය  බව කීවේය.එවිට යේසුස් සමිඳුන් කීවේ කුමක්ද? "මළාහු මවුන් භූමදාන කරත්වා යනුවෙනි." අවශ්‍ය  වනුයේ මළවුන් සම්බන්ධව කටයුතු කිරීම නොව සේවය බව සමිඳානෝ පැවසූහ. 

මෙතෝදිස්තයන් මෙම වදන් සුරැකිය යුතුය.කිසි ලෙසකින්වත් 'මළවුන්ගේ' ඉරුදින පැවැත්වීමත්,මුළු නොවෙම්බර් මාසයම මළවුන්ගේ මාසය ලෙස නම් කිරීමෙන්ද වැළකී සිටිය යුතුය. 

 මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම කිසිම ධර්මානුකූල වටිනාකමක් නොමැති දෙයක් බව දහම් ඇඳුරන් විසින් මෙතෝදිස්ත ප්‍රජාවට පැහැදිලි කිරීමට කාලය එලඹ ඇත.

No comments:

Post a Comment