Tuesday, September 29, 2015

මාංශ පාරිභෝජනය සඳහා ඇති දැඩි කිරීමට වසු පැටවුන් ඉන්දියාවෙන් ගෙන්වා බස්නාහිර පලාතේ කුඩා ගොවියන් අතර බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රනයක් වහාම සකස් කරමු! කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබධ කරමු !!


මාංශ පාරිභෝජනය සඳහා ඇති දැඩි කිරීමට වසු පැටවුන් ඉන්දියාවෙන් ගෙන්වා බස්නාහිර පලාතේ කුඩා ගොවියන් අතර බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රනයක් වහාම සකස් කරමු! කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබධ කරමු !!

මාංශ පාරිභෝජනය සඳහා ඇති දැඩි කිරීමට වසු පැටවුන් ඉන්දියාවෙන් ගෙන්වා බස්නාහිර පලාතේ කුඩා ගොවියන් අතර බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රනයක් වහාම සකස් කරමු!
කෘෂිකර්මය හා සත්ව පාලනය ඒකාබධ කරමු !!
මා 1978 වර්ෂයේ අගභාගයේ පේරාදෙනිය සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ සේවය සඳහා අනුයුක්ත කරනු ලබන විටත් එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පැවතින.ඒ වන විටත් මෙම දෙපාර්තමේන්තු 02  වෙන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුනි.අනතුරුව සත්ව නිෂපාදන දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත්වූවා පමනක් නොව එය වෙනමම අමාත්‍යංශයක් යටතට පත් කරනු ලැබීය.
කෘෂිකර්මය හා සත්ව පාලන විෂයන් වෙන් කිරීම ග්‍රාමීය ආර්ථික වර්ධනය කෙරේ රින බලපෑමක් ඇති කළ ආකාරය
වර්තමානයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පාහේ කෘෂි සේවා මධ්‍යස්තාන පිහිටුවා ඇත.මේවාට අනුයුක්තව විවිධ කෘෂිකාර්මීක නිලධාරීන් සේවය කරති.සේවා මධ්‍යස්තාන මඟින් ප්‍රධාන වශයෙන්ම එලවළු හා පළතුරු ඇට වර්ග හා පලතුරු පැල වර්ගද බෙදා හැරීම සිදු කරයි.
ප්‍රාදේශීයව පිහිටුවා ඇති ගොවි සමිතිවලට නිරතුරුවම කෘෂි නිලධාරීන්ගේ උපදෙස් හා ආධාර ලැබේ.එම ව්‍යාපෲති වලට අනුබධිතව දේශන,වැඩ මුළු ආදිය සංවිධානය කෙරේ.
මේ අනුව කෘෂිකර්මය පිළිබඳව මහජනයා අතර දැනුම වර්ධනය වන බව සඳහන් කල හැක.
සත්ව පාලනයට රජයෙන් ලැබෙන සක්‍රීය දායකත්වය අවම වීම
සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වර්තමාන සේවා ව්‍යුහය මහජනය අතරට ගෙන යාහැකි යාන්ත්‍රනයක අවශ්‍යතාවය සකච්ඡා කරනු ලැබේ.කෘෂිසේවා මධ්‍යස්තාන ආදර්ශයට ගනිමින් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව හා හෝ එම කටයුතු මෙහෙයවන වෙනත් රාජ්‍ය මංඩල හා ආයාතන සිය සේවා කාර්යාල කෘෂිසේවා මධ්‍යස්තානවලට අනුබධිතව හෝ ඉඩ පහසුකම් ඇති නාගරීක සභා ගොඩනැගිලි හෝ වෙනත් තැන්වල ස්තාන ගත කල හැක.
ප්‍රතිව්‍යුවගත සත්ව පාලන කාර්යලයකින් ග්‍රාමීය ආර්ථකයට ලබා දිය හැකි වර්ධනයන්
*පලමු පියවර විය යුත්තේ විවිධාකාර ගොවි සමිති ආදර්ශයට ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කොට ගනිමින් සත්ව පාලන සමිති පිහිටුවීමයි.මේවාට එළුවන්,කුකුළන්,ඌරන් හා ගවපට්ටි හිමියන් මෙම සමිතිවලට බඳවා ගත හැකිය.මෙම සමිති සාමාජිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සලසා දෙන්නේ නම් වෙළඳ පොල සඳහා ආබාධිතව ගව මස්,ඌරු මස්,එළු මස් හා කුකුළු මස් සැපයීම සිදුවනු ඇත.මා මෙහිදී විශේෂයෙන්ම ඉලක්ක කරනුයේ වෙළඳ පොලට ගව මස් බාධාවකින් තොරව සැපයීමයි.
විවිධාකාර අවහිරතා නිසා ගව මස් වල මිළ වෙළඳ පොලේ ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. ගවයින් ප්‍රවාහනයේදී කරන වැටලීම් ආබාධිත මස් සැපයුමට බලපාන එක් බාධකයක් ලෙස පෙන්වා දිය හැක.දැනට බල පැවැත්වෙන ගෝඝාතන ආඥා පණත වහාම සංශෝදනය කල යුතුය.මස් වෙළඳ සැල් ආශ්‍රිතව කුඩා ගව ඝාතන ස්තාන පිහිටුවා ඒවා පරික්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ඉඩ කඩ ලබා දිය හැක.
මා විශේෂයෙන්ම අධ්‍යනය සිදු කල සීදුව නාගරීක ප්‍රදේශයේ ගවයින් 01 ක් හෝ 02 පමන ඇති කරන කුඩා ගව පට්ටි හිමියන් බහුලව සිටී.ඔවුන් ගව පට්ටි පාලනයෙහි යෙදෙනුයේ ප්‍රධාන වශයෙන්ම ගව මස් වෙළඳ පොල සඳහාම මිස කිරි සඳහාම පමනක් නොවෙ.
මෙරට වෛද්‍යවරුන්ගේ නිගමන වලට අනුව කිරිවල 85 ක්ම ඇත්තේ ජලයයි.එහෙත් මස් වල අති විශාල ප්‍රෝටීන් ප්‍රමානයක් අන්තර්ගතව ඇත.අඩු ආදායම්ලාභි ජන කොටස් වෙත ප්‍රෝටීන් ලබා ගත හැකි එකම මාර්ගය හරක් මස් ආහාරයට ගැනීමයි.
එහෙයින් ඉන්දියාවෙන් වසු පැටවුන් ගෙන්වා නියාමක ව්‍යාපෘතියක් වශයෙන් සීදුව ප්‍රදේශයේ සත්ව පාලනයට කැමති ගොවි මහතුන් අතර බෙදා හැරීමට යෝජනා කරමි . මේ සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය උපයෝගි කර ගත හැකියයි සිතමි.
අදාල රාජ්‍ය නිලධාරීන්ගේ/ආයාතනවල අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරවමි.

No comments:

Post a Comment