Tuesday, September 29, 2015

Negombo-Pitipana (Sri Lanka ) Methodist church was born as a result of a rebellion by a section of the Fisherman community against the Established church!

මීගමුවේ ධීවර දසුන් Scenarios from Negombo  fisherman community




file photo

මීගමුව ධීවර ප්‍රජාව a file photo
 
Historical facts - Negombo-Pitipana Methodist church was born as a result of a rebellion  led by a section of  the Fisherman community against the Established church!


2 nd world war could be regarded as the birth place of Pitipana Methodist community.
Pitipana  people are entirely Roman Catholics.At that time Fish Auction Market Place was administrated by the Roman Catholic Church Authorities.Every fisherman who participated in this Fish Auction or 'lellama' has to pay tax to the Church.
With the commence of 2 world war  economic depression gradually   spread to this country too.Therefor  they were unable to pay the fish tax to the Roman Catholic Church. 
They hold a discussion among themselves and decided to open an independent Fish Auction Place or 'lellama' on their own! And they did it!
Priests did not tolerate  their 'Indedependent Fish Auction Place' or 'lellama' and took legal action against them in civil courts.
The fisherman got tired of this legal procedures and began searching  for other Christian churches. 
At that time Kurana -Negombo circuit   was administrate by Rev. George F Senarathna. In 1936 these rebellious Roman Catholic Fishermen with their family members came across Negombo lagoon in  72 huge fishing boats and met Rev. Senarathna.They urge him to taken them into Methodist Church.After considering all fascts Rev. Senarathna taken them into Methodist church on 23.08.1939 during Sunday divine service


 

ධීවර ප්‍රජාවගේ පෙරලියක් නිසා බිහිවූ පිටිපන
 මෙතෝදිස්ත සංඝය.
මෙහි සඳහන් කරුණු පිටිපන පැරනි ඇදහිළිවතුන්ගෙන් විමසා දැන ගත් පරිදි අනාගත ප්‍රයෝජනය සඳහා දක්වමි.
 වර්ෂ 1939-1945 දක්වා පැවති දෙවන ලෝක මහා යුද්ධය මෙම සංඝයේ තිඹිරි ගෙය ලෙස සැළකිය හැක.
පිටිපන ජනතාව උපතින්ම රෝමානු කතෝලිකයන්ය.එකල පිටිපන ලෙල්ලම හෙවත් මාලු වෙන්දේසි පොල පාලනය කළේ එහි රෝමානු
කතෝලික සංඝය විසිනි.එම වෙන්දේසි පොලේ අළෙවි කරන මාළුන් සඳහා බද්දක් රෝමානු කතෝලික සංඝයට අනිවාර්යයෙන්ම ගෙවිය යුතුව තිබුනි.
දෙවන ලෝක මහා යුද්ධය ඇරඹීමත් සමඟ ඇතිවූ ආර්ථික අවපාතය ක්‍රමයෙන් මෙරටටද බල පෑවේය.ආර්ථිකය කෙතරම් පිරිහුනේද යත් ලෙ
ල්ලම් බද්ද තව දුරටත් ගෙවීමට පිටිපන ධීවරයන්ට අපහසු විය.
මේ සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර සංවාදයේ යෙදුනු ඔවුන්ගේ අවසන් තීරනයවූයේ ස්වාධීන ලෙ
ල්ලමක් හෙවත් වෙන්දේසි පොලක් ඇරඹීමයි. ඔවුන් එය ක්‍රියාත්මක කලහ.
මෙහිදී අවධාරනය කල යුතු වන්නේ ඔවුන් ලෙල්ලම් බද්ද පල්ලියට නොගෙවුයේ , පල්ලිය හා තිබූ ආරවුලක් නිසා නොව හුදෙක්ම 11 ලෝක යුද්ධ සමයේ අනිවාර්ය ප්‍රතිඵලයක්වූ පිරිහුනු ආර්ථිකය නිසා තව දුරටත් එය ගෙවීමට හැකියාවක් නොතිබුනු නිසා බවය.
කෙසේ වතුදු මෙසේ ධීවරයන් කණ්ඩයමක් එකතුවී වෙනමම මාළු වෙන්දේසි පොලක් ඇරඹීම පල්ලිය විසින් රිස්සුවේ නැත.එහි අවසන් ප්‍රතිඵලයවූයේ පල්ලිය විසින් මෙම ධීවරයන්ට එරෙහිව නඩු මඟට බැසීමයි.
පල්ලිය හා නඩු හබ කීමෙන් වෙහෙසට පත් ධීවරයන් අවසන්ව අවට පිහිටි වෙනත් ක්‍රිස්තියානි
සංඝයන් ගැන සෙවුම් බැලුම් කලහ.
එකල (1936 ) කුරණ-කටුනායක මෙතෝදිස්ත සංගය භාරව සිටියේ ශුරවීර ගෞ. ජෝර්ජ් එෆ් සේනාරත්න දෙව්ගැතිවරයාය.
1936 වසරේදී මහා ධීවර ඔරු 72කින් සිය දරු මල්ලන්ද කැටිව ඉහතින් සඳහන් කල පිටිපන  ධීවරයින් මීගමුව කළපුව ඔස්සේ කුරණ-කටුනායකට පැමින සේනාරත්න දේවගැතිවරයා හමු විය.තමන්ට මුහුන දීමට සිදුවී ඇති ජීවන ගැටළු කිය සිටි ඔවුහූ තමන්ව මෙතෝදිස්ත
සංඝයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.කෙසේ වතුදු සියළුම කරුණු මැනවින් සලකා බලා 1939 අගෝස්තු මස 23 වන ඉරු දින ඔවුන්ව මෙතෝදිස්ත සංඝයට ඇතුලත් කර ගන්නා ලදී.
කුරන-මීගමුව මිෂන් කෙත් ව්‍යාප්තියේ පතාක යෝධයින් සදා අනුස්මරනීයයි.

ගෞ. ජෝර්ජ් එෆ් සේනාරත්න
                                                        

No comments:

Post a Comment