Tuesday, September 29, 2015

රෝගි සත්කාරය වඩාත් ක්‍රමවත් කරනු සඳහා සීදුව,විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ,සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගෙන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ පාලනයට යටත් කරනු.

රෝගි සත්කාරය වඩාත් ක්‍රමවත් කරනු සඳහා සීදුව,විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ,සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගෙන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ පාලනයට යටත් කරනු.




01072015544


රෝගි සත්කාරය වඩාත් ක්‍රමවත් කරනු සඳහා සීදුව,විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ,සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගෙන වෛද්‍ය අධිකාරිවරයෙකුගේ පාලනයට යටත් කරනු.
සීදුව,කටුනායක හා වෙළඳ කලාපය සහ තවත් බොහෝ ජනතාව මෙම රෝහලින් සේවය ලබති.
මෙහි බාහිර රෝගි අංශයෙන් රෝගීන් වෙත පළමුව අනු අංක සහිත තුංඩු නිකුත් කරනු ලැබේ.වෛද්‍යවරු සේවයට පැමිණෙන්නේ පෙ.ව.715-8.00 අතරය.මෙම තත්වය තවදුරටත් වර්ධනය කළ හැක.රෝගි සත්කාරයේදී ජාතික රෝහලේ මෙන් සියළුම අංශ වල සේවය උපරීම ලෙස ලබා දීමට පියවර ගත හැක.
මෙම රෝහල ස්ථාපනය කිරීමේදී ආරම්භ කල අයගේ පරමාර්ථය වූයේ රෝග සත්කාරය බව නිසැකය.
මෙම ප්‍රදේශයේ ජනතාවට උපරීම සේවයක් ලබා දීම සඳහා මා ඉහතින් සඳහන් කල දිස්ත්‍රික්ක රෝහලක් බවටවත් උසස් කල යුතුය.මේ සඳහා ප්‍රතිපත්තිමය තීරනයක් ගත් යුතුව ඇත.දිස්ත්‍රික්ක රෝහලක් බවට පත් කිරීමේ වාසිය වනුයේ එවැන්නක ඇති සියළුම වෛද්‍ය උපාංග මෙහිද ස්ථාපනය කරනු ලැබීමයි.ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවයේ නියුක්ත අති විශාල ශ්‍රමික බලකායක් මෙහි සේවය නිරතුරුව ලබන බව කිව යුතුය.
වර්තමානයේ මෙහි පාලනය භාරකාර මංඩලයක් යටතේ සිදුවනවා විය හැක.එහෙත් රෝගි සත්කාරය් ප්‍රමුඛ ලෙස සැලකීමේදී,ඔවුන් නිරායාසයෙන්ම මෙම රෝහල වෛද්‍ය අධිකාරිවරයෙකු යටතේ පාලනය වන ,පූරන වශයෙන් රාජ්‍ය රෝහලක් බවට පත් කිරීමට එකඟ වනු නොඅනුමානය.
එවැන්නක ඇතිවන වාසි:
අනිකුත් රජයේ රෝහල්වල මෙන් බාහිර රෝගි අංශය සතියේ දින 07 තුළම රාත්‍රි 10 වන තුරු විවෘත්තව තැබීම
නවීකරනය කරනු ලැබූ හදිසි අනතුරු රෝගි වාට්ටුවක් ලැබීම
ශල්‍යාගාර පහසුකම ලැබීම
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලැබීම
ප්‍රමිතියට අනුකූල වාට්ටු සංකීර්නයක් ලැබීම
ස්කැනර් හා අනෙකුත් පහසුකම් ස්ථාපනය වීම
පැය 24 පුරාම බාහිර රෝගි අංශයේ වෛද්‍යවරයෙකු රැඳී සිටීම

No comments:

Post a Comment